ජනහිතකාමී දේශහිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ජනහිතකාමී දේශහිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර

    292a62b.png
    [/IMG]

    රට, ජාතිය රැකගැනීම වෙනුවෙන් නිර්භීතව ලබාදෙන දායකත්වය හා සමාජීය, සංස්කෘතික, ආගමික වශයෙන් ඉටුකරන සමාජ මෙහෙවර අගය කිරීම සඳහා, මහා සංඝරත්නයේ ආශිර්වාදය පිරිනැමීම වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාට “ජනහිතකාමී දේශහිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර” ගෞරව නාමය මහා සංඝරත්නය විසින් පිරිනැමූහ.

    ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දවුල්දෙන ඤානිස්සර නායක ස්වාමින් වහන්සේ විසින් එම ගෞරව නාම සන්නස් පත්‍රය මහනුවර, පොල්ගොල්, ශාලවන බෝධි මහා විහාරස්ථානයේදී විමල් වීරවංශ අමාත්‍යවරයාට පසුගිය 01 වැනිදා දින පිරිනැමූහ.

    මෙම සන්නස් පත්‍රය පිරිණැමීම සඳහා ආශිර්වාද පිරිනමමින් මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අතිගරු මහනායක උඩගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන නායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ‍්‍ය නාපාන පෙමසිරි නායක ස්වාමීන් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභා කාරක සංඝ සභික උඩරට අමරපුර මහා නිකායේ අධිකරණ සංඝනායක ගෞරවාර්හ නියංගොඩ සමිද්ධි මංගල නායක ස්වාමින් වහන්සේ, උඩරට අමරපුර මහා නිකායේ මහා නායක තෙරිපැහැ සෝමානන්ද මහානායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහෝපාද්‍ය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවාස ස්වාමින් වහන්සේ, උඩරට අමරපුර මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති අනුනායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඤ්ඤා ලේඛකාධිකාරී පූජ්‍යපාද අංකුඹුරේ පේමවංශ නායක ස්වාමින් වහන්සේ ඇතුළු ත්‍රෛයි නිකායික මහා නායක ස්වාමින් වහන්සේ විශාල පිරිසක් මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

    මෙම ගෞරවනාම සන්නස් පත්‍රය පිරිනැමීම මහනුවර, පොල්ගොල්, ශාලවන බෝධි මහා විහාරාධිපති යටිරාවණ ශීලානන්ද නායක ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් උත්කර්ෂවත් ලෙස අලංකාර උත්සව මාලාවක් සංවිධානය කර තිබිණ. ගෞරවනාම සන්නස් පත්‍රය පිරිනැමීමට ප්‍රථම විමල් වීරවංශ අමාත්‍යරවරයාට ආශිර්වාද පතා මහා නායක ස්වාමින් වහන්සේ විසින් ජය පිරිත් දේශනා කළහ. සන්නස් පත්‍රය රැගත් අලංකාරවත් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් පසුව උත්සව සභාව වෙත වැඩම කරවන ලදී. වටගොඩ විජිත නායක ස්වාමින් වහන්සේ විසින් ගෞරවනාම සන්නස් පත්‍රය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව අතිපූජ්‍ය තෙරිපැහැ සෝමානන්ද නායක ස්වාමින් වහන්සේ වෙත භාර කෙරිණ. ඉන් අනතුරුව එය මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා විසින් භාරගෙන සමස්ත ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර සංඝනායක අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහානායක ස්වාමින් වහන්සේ වෙත පිරිනැමීමෙන් පසුව දවුල්දෙන නායක ස්වාමින් වහන්සේ විසින් විමල් වීරවංශ අමාත්‍යවරයා වෙත එම ගෞරවනාම සන්නස් පත්‍රය පිරිනැමූහ.

    ජාතික, ආගමික, සමාජීය හා දේශපාලන ක්ෂේත්‍රයන්හි කාර්යශූරව කටයුතු කිරීමත් රාජ්‍ය පාලන තනත්‍රයේ අමාත්‍යධූර ඇතිව විවිධ තනතුරු තානාන්තර දරමින් කෘතහස්ත භාවයෙන් යුක්තවීමත් ත්‍රරස්තවාදයට එරෙහිව යුද වැදුණු රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තම දිවි දෙවැනි කොට රටේ අභිවෘද්ධිය පතා නිර්භීතව ක්‍රියා කිරීමත් දීර්ඝ කාලීන සමාජ සත්කාරයෙන් ගෞරවය හා ජනප්‍රසාදය වර්ධනය කරගෙන තිබීමත් රත්නත්ත්‍රය කෙරෙහි ශ්‍රද්ධාව ඇති බෞද්ධ ජනනායකයෙක් ලෙස මහා සංඝරත්නයේ අවවාද අනුශාසනාව ඇතිව කටයුතු කිරීම වැනි කරුණු මුල්කරගෙන මහා සංඝයා වහන්සේ විසින් විමල් වීරවංශ අමාත්‍යවරයාට “ණජනහිතකාමී දේශ හිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර” යන ගෞරව නාමය පිරිනැමූහ.

    මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමි මෙහිදී අනුශාසනා පවත්වමින් දේශනාකර සිටියේ,

    ‘‘අද ගරු විමල් වීරවංශ අමාත්‍යතුමාට ගරුතර මහා සංඝරත්නයේ ප්‍රසාදාත්මක ආශිර්වාදය ප්‍රකාශ කිරීම වශයෙන් ගරු නාමයක් ප්‍රදානය කිරීම මෙහිදී සිදුවෙනවා. මෙම ගරු සම්මුතය මහා සංඝයාවහන්සේ විසින් ප්‍රදානය කිරීමේ චාරිත්‍රය ඈත ඉතිහාසයේ පටන් මේ දක්වා පවත්වාගෙන එන වටිනා කාරණයක්. බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කළ ගාථාවක අර්ථය සඳහන් වෙනවා මූලික කරුණු 5කින් සම්පූර්ණත්වයට පත්වන සත්පුරුෂ කුල පුත්‍රයෙක් වේද එම කුල පුත්‍රයා මෙලොව වශයෙන් තමන්ගේ අර්ථ සිද්ධියක්, අනුන්ගේ අර්ථසිද්ධියත් සලසන අතර, පරලොව වශයෙනුත් සුභ සිද්ධිය සලසා ගැනීමට වාසනාවන්ත වන බව. එම අංග 5 නම් ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ශ්‍රැත සම්පත්තිය හා ප්‍රඥ්ඤා සම්පත්තිය කියන මේ කාරණා. සමස්ත වශයෙන් කල්පනා කරන විට එම වටිනා ගුණාංග අපේ විමල් වීරවංශ ඇමතිතුමා‍ගේ ජීවිතයට බොහෝ සෙයින් සම්බන්ධ වී තිබෙන බව එතුමාගේ කටයුතු කාරණාවලින් අපට තේරුම්ගන්නට පුළුවන්කම ලැබුණා. එතුමා සන්නස් පත්‍රයේ සඳහන් වුණු ආකාරයටම මේ රටේ ජාතික, ආගමික, සමාජීය හා සංස්කෘතික ක්ෂේත්‍රවල කැපී පෙනෙන එමෙන්ම මහජනතාවගේ ප්‍රසාදය දිනාගනිමින් ප්‍රසාදය ලබාගැනීමට එතුමා වාසනාවන්ත වුණා. ප්‍රථමයෙන්ම එතුමා පොදු මහජනතාව වෙනුවෙන් අදහස් උදහස් දක්වන චතුර කථිකත්වය, නිවැරදි අදහස් ඉදිරිපත් කිරීම, තාර්කික ශක්තිය ප්‍රදර්ශනය කළා. තාරුණ්‍යය ඒ සඳහා එතුමාට ලොකු ශක්තියක් වුණා. එතුමාගේ දේශන එතුමාගේ භාෂණ අපි මහත් ඕනෑකමකින් අසාගෙන සිටියා වගේම, ඔහුට වටිනා අනාගතයක් පවතිනවා කියන කාරණය ගරුතර සංඝයාවහන්සේ පැහැදිලිව තේරුම්ගෙන තිබුණා. අනතුරුව එතුමාගේ ක්‍රියාදාමයන් තුළ නිර්මාණශීලිව ඉදිරියට ගමන්කළා. භාරතීය පඬිවරුන් පෙන්වාදුන්න ආකාරයට විපතේදී ධෛර්යමත් වීමත් සැපත මැදහත්ව පිළීගැනීමත් ඒ අමාත්‍යතුමාගේ චරිතය තුළ පැහැදිළිව දක්නට ලැබුණා. ඒ වගේම අද රාජ්‍ය පාලන තන්ත්‍රයේ කාර්යශූර ප්‍රබල අමාත්‍යවරයකු වශයෙන් තමන්ට පැවරුණු විෂයපථය ලංකාව පුරාම මහජන සේවයක් වශයෙන් එතුමා නිර්භයව අර්ථවත් භාවයට පත් කරනවා. හොඳ නිදසුනක් නම් ආරක්ෂක ලේකම්තුමා ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියත් කොළඹ මහ නගර සභාව ආදී සියලු ආයතනවල සහයෝගය ලබාගෙන නිවාස ව්‍යාපෘති ඉතා අර්ථවත්ව ක්‍රියාවට නංවනවා. එපමණක් නොව සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ යෝජනාවක් අනුව ආගමික ක්ෂේත්‍රයට සම්බන්ධ නිවාස ව්‍යාපෘතියක් එතුමා ක්‍රියාවට නැංවුවා. සමහර විට බොහෝ දෙනෙක් මේ ගැන කරුණු නොදන්නවා වන්නට පුළුවණි. ඒ වගේම අපේ රටේ 30 අවුරුදු රුදුරු ත්‍රස්ථවාදයක් පැවතුණා. මුල් කාලයේ සිට එම ක්ෂේත්‍රය පිළිබඳව විවිධ දේශපලනඥයන් ලෝකය සමග එකතුවෙලා විවිධ විග්‍රහයන් ඉදිරිපත් කළා. නමුත් ඉතාම පැහැදිලි වශයෙන් මේ රටේ ආර්ම්භයේ සිට අවසානය දක්වා සිටි මහානායක නාහාමියන් වහන්සේ පැහැදිළිව පෙන්වාදුන්න බලය පාවිච්චිකරලා යුද්ධය අවසන් කළ යුතුයි කියලා. ඒ ස්ථාවරයේ සිට අපේ වීරවංශ ඇමතිතුමා වැනි නායකයින් කිහිපදෙනෙක් කරුණු කාරනා ඉදිරිපත් කළා. අපට මතකයි එම කාල වකවානුවේ රතුඉර වැනි රෑපවාහිනී සංවාදාත්මක වැඩසටහන්වල ඒ කාලයේ අමාත්‍යවරයෙක් නොවුණත් පැහැදිළිව පෙන්වා දුන්නා. මේ සංඝයා වහන්සේට ඇහුම්කන් දෙන්නට ඕන. ඇයි අපට ශක්තිය, හැකියාව නැත්තේ කියලා අතිගරු ජනාධිපතිතුමාගේ හා ආරක්ෂක සේවාවලත් මහජනාතාවගේ හා ගරුතර මහා සංඝරත්නයේ මූලික ඒකාවච ප්‍රයත්නය ජයග්‍රහණය කළා. යුද්ධයෙන් පසුව අද ඇතිවී තිබෙන වාතාවරණය තුළත් වීරවංශ අමාත්‍යතුමා අද රටවෙනුවෙන් දැය වෙනුවෙන් දෑ හිතකාමීව එඩිතරව අදහස් උදහස් ඉදිරිපත් කරනවා. අපි ශෝකයට බියවීමට අවශ්‍යද නෑ, සත්‍ය පවතින්නේ එකයි. සැමදාම ලෝකය මෙවැනි අදහස් උදහස් දක්වාවි. නමුත් නිවැරදි ගමන්මග යන්න අපට පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා එතුමා නායකත්වය දෙනවා. ගරු අමාත්‍යතුමනි මෙම ගෞරවනාමය ඔබතුමාට ආශිර්වාදයක් ශක්තියක් වෙනවා. එය මහජනතාවගේ ප්‍රසාදය වැඩිදියුණු කරගන්නට ශක්තියක් වෙනවා. එදා අපේ අතිගරු ජනාධිපතිතුමාට එතුමා අමාත්‍යධූරය දරන කාලයේදී ශ්‍රී රෝහණ ජනරංජන ගරු නාමය යොදන්නට යෙදුණා. එය එතුමාට ලොකු ශක්තියක් වුණු බව ප්‍රකාශ කළා. එතුමගේ දේශපාලන ජීවිතයේ තුන්කල් බලා කටයුතු කළ නිසා එම ගරු නාමය ප්‍රදානය කළා. ඒ නිසා විමල් වීරවංශ ඇමතිතුමාට ලැබුණු මෙම ගරු නාමය එතුමගේ ඉදිරිගමනට ආශිර්වාදයක් වෙනවා ඇති. ඔබතුමා සැදැහැවත්, කවර ආකාරයේ දේශපලන මතිමතාන්තර දැරුවත් අපේ රටට ගැලපෙන, සමාජය අර්ථවත් කරන න්‍යාය ධර්ම අපි පිළිගත යුතුයි කියන මතයේ ඇමතිතුමා සිටිනවා. ඔබතුමගේ සැබෑ ජීවිතයේදී ඔබතුමගේ පවුලේ සාමාජිකයන් සමග ධාර්මික ජීවිතයක් ගතකරන බව අප දැකලා තියෙනවා. ඒ නිසා මේ ශක්තිය උපයෝගී කරගෙන ඔබතුමා රටට සමාජයට ආලෝකයටත් නායකත්වයක් ලබා දීමට හැකිවේවා ඒ සඳහා ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.” යනුවෙන් අනුශාසනා කළහ.

    මෙහිදී අනුශාසනාවක් පැවැත්වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නායක අතිපූජ්‍ය නාපාන පෙමසිරි නායක ස්වාමින් වහන්සේ ‘‘මම සහ අපේ නායක හාමුදුරුවන් වහන්සේ නමක් මේ විහාර නිවස අයත් ඉඩම අයිති එකල අමාත්‍යධූරය දරන අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ ඉල්ලීමක් කළා එම ඉඩම පන්සලට ලබාදෙන ලෙස. එම ඇමතිවරයා එකපාරටම ඒක දෙන්න බැහැ කියලා ප්‍රකාශ කළා. එබදු අවස්ථාවක ඇමතිතුමා මාර්ගයෙන් අනෙකුත් මැති ඇමතිවරුන්ගේ හා උපාසක උපාසිකාවන්ගේ සහභාගීත්වයෙන් අද මේ නිවස ඉදිකර තිබෙනවා. පින තියෙන අයට තමයි දෙන්න හිතෙන්නේ. විමල් වීරවංශ ඇමතිතුමා ගැන අපේ නායක හාමුදුරුවරු කළ ප්‍රකාශ ඇත්ත කියලා එම සහතිකයේ අත්සන් කරන්න පුළුවන්. මට ඔය සියලුම කරුණු එකතු කරලා කෙටියෙන් ප්‍රකාශ කළොත් කට ඇති කොල්ලයි රුව ඇති කෙල්ලයි වාසනාවන්ත කියලා තියෙනවා. ඒ වගේ අපේ රටට ජාතියට, කට ඇති කොල්ලෙක් ලැබිල තියනවා. අපට මිත්‍රයෝ කියන සත්පුරුෂ අය බොහොම අඩුයි. අද ජාතිය වඳ කිරීමේ තත්ත්වයක් ඇතිකරලා තියෙනවා. ඊයේ පෙරේදා පුවත්පත් වල දැක්කා සූදුරුවලට සතකුප්ප එකතු කරලා කියලා. අද ජාතිය වඳ කිරීමේ තත්ත්වයක් තියෙනවා. අද ජාතිය, ආගම, භාෂාව පරිහානියට පත්වන අවස්ථාවක ජීවිත පරිත්‍යාගයෙන් අතිගරු ජනාධිපතිතුමා ඇතුලු මේ වගේ මැති ඇමතිවරු දරන උත්සාහය පිළිබඳව ආශිර්වාද කරනවා.” යනුවෙන් අනුශාසනා කළහ.

    මීට සමගාමීව පොල්ගොල්ල ශ්‍රී ශාලවන බෝධි විහාරස්ථානයේ තැන්පත් කිරීමට නියමිත මියන්මාර් දේශයෙන් ශ්‍රී ලංකාවට වැඩමකොට ඇති ශ්‍රී ලංකාවේ විශාලතම කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවහන්සේ තැන්පත් කිරීම උදෙසා අභිනවයෙන් ගොඩනැගීමට නියමිත විහාර මන්දිරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීමද මහා සංඝයාවහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකළහ.

    මෙම උත්සව අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අමාත්‍යවරයාගේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් නිමල් ප්‍රේමවංශ, මධ්‍යම පළාත් මන්ත්‍රිනී චිත්‍රා ශ්‍රීමතී මන්තිලක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිමල් පියතිස්ස, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අඹන්පොල යන මහත්ම මහත්මීහු, විදේශීය බෞද්ධ දූත පිරිස්, දායක දායිකාවෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනහිතකාමී දේශහිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දවුල්දෙන ඤානිස්සර නායක ස්වාමින් වහන්සේ විසින් එම ගෞරව නාම සන්නස් පත්‍රය මහනුවර, පොල්ගොල්, ශාලවන බෝධි මහා විහාරස්ථානයේදී විමල් වීරවංශ අමාත්‍යවරයාට පිරිනැමූහ.