ජනාධිපතිගේ ආරක්‍ෂාවට පාතාල තර්ජනයක්..- බුද්ධි අංශ දන්වයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපති අනුර කුමාර දිසානායක විවිධ ජනහමු අතරතුර ජනතාව අතරට යෑම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බව රාජ්‍ය බුද්ධි අංශ හඳුනාගෙන ඇති බව වාර්තා විය.

    එය ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව ද දැනගන්නට ලැබේ.

    විශේෂයෙන් ම, රටේ දැනට පවතින පාතාල ක්‍රියාකාරකම් ඇතුළු යම් යම් ක්‍රියාකාරකම් ක්‍රමිකව වර්ධනය වීමක් දක්නට ඇති අතර එම පාතාල ක්‍රියාකාරකම් පිටුපස වෙනත් බලපෑමක් පවතින්නේ දැයි ආරක්ෂක අංශවලට සැකයක් මතුව ඇති බවද ඒ අනුව දැනගන්නට ලැබේ.

    ඒ හේතුවෙන් බුද්ධි අංශ විසින් අදාළ පාතාල ක්‍රියාකාරකම් පිටුපස සිටින්නේ කවුරුන් ද යන්න සොයා බැලීම අඛණ්ඩව සිදුකරන බව ද වාර්තා වේ.


    ජනාධිපති අනුර කුමාර දිසානායක පූර්වගාමී ජනාධිපතිවරුන්ගෙන් ඔබ්බට ගොස් ජනතාව සමීපයටම පැමිණ රැස්වීම් පැවැත්වීම හා ඔවුන් සමග සුහදව කතා කිරීම පසුගිය දිනවල දක්නට ලැබිණි.


    ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට මෙම පිළිවෙත සුදුසු නැති බවට ඇතැම් විචාරකයන්ද අදහස් දක්වා තිබිණි.


    ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැති බව පැවැසූ නමුත් බොහෝ පාර්ශ්වවල මතය වී ඇත්තේ මේ මොහොතේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබා දීමට නම් ඔහුගේ ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කළ යුතු බව ය.


    එම හේතුවෙන් ආරක්ෂක අංශවල උපදේශය වී ඇත්තේ ජනාධිපතිවරයා ජනතාව සමීපයට යෑම අවම කරන ලෙස බව ද වැඩිදුරට ත් වාර්තා වේ.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    අනුරය හෙට ඉදන්
    14330600-0-image-a-37_1559605545965.jpg
     
    • Haha
    Reactions: 2osama