ජනාධිපතිතුමනි, පොඩ්ඩක් හෝ පෙණය පුප්පා පෙ&#3505

jagathd

Member
Jan 31, 2013
259
35
0
ජනාධිපතිතුමනි, පොඩ්ඩක් හෝ පෙණය පුප්පා පෙ&#3505

ජනාධිපතිතුමනි, පොඩ්ඩක් හෝ පෙණය පුප්පා පෙන්නට බැරිද?

ආණ්ඩු කරන්න බැරි නම් ඉවත් වී යන ලෙසත් තමන් කෙරන හැටි දන්නා බැවින් කරලා පෙන්වන්න පුළුවන් බවත් මහින්ද රාජපක්ෂ 22දා ගම්පහ පෙදෙසේ පන්සලකදී පවසා තිබේ.

ඔහු කරන්න බැරි නම් දීලා යන්න යැයි කියන්නේ බහුතර ජන්දයෙන් හය වසරකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේනට ය. රාජපක්ෂගේ මේ කතාව සිහි ගන්වන්නේ ‘ නයා සාධාරණ වූ විට වැදි කොල්ලන් නයාගෙන් දරමිටි බැදීමට ගන්නේය’යැයි ගැමිවහරේ එන කතාව ය.
කතාව ඇත්තය.

හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා කුදලා ගෙන ගොස් බොරු චෝදනා මත හිරේ දැම්මේ රාජපක්ෂය. ඒ අනුව කටයුතු කලේ නම් රාජපක්ෂ පුතු යෝෂිත රාජපක්ෂ නාවික හමුදා සේවයේ සිටිමින් දේශපාලනය කල වරදට දැන් වැලිකඩ කල්දේරම් බත් වළදමින් සිටිය යුතු ය‍. යුද හමුදා අරමුදල් පාවිච්චි කරමින් රාජපක්ෂ ජනාධිපතිවරණයට වාසිදායක පොත් පිංච ලක්ෂ ගණනාවක් යුද හමුදා සෙබළුන්ට තැපැල් කිරීමට කැස කැවූ ( නමුත් මැතිවරණ කොමසාරිස්වරයා විසින් එම නතර කරන ලදී) යුද හමුදාපතිට නඩු පවරන්නේ නැතිව මහත්මා ලෙස සළකා විශ්‍රාමයාමට ජනාධිපති සිරිසේන ඉඩ සැළසීය. ඉතිං ජනාධිපති සිරසේනට බැරි බව රාජපක්ෂ කියන විට ඒ ඇත්තය. එළෙස නීති විරෝධීව දේශපාලනයේ නියළුනු යුද හමුදා පිරිස් ගැන පරීක්ෂණයක් වත් නැත.

ඉදින් විරවංශ වැනි හෙළුවැලි කොල්ලන් ජනාධිපති සිරිසේනගෙන් දරමිටි බදින්නට යෑම පුදුමයක් ද?

රාජපක්ෂ ජනාධිපති ව සිටියේ නම් පසුගිය 21වනදා විස්කි බොමින් බයිට් කමින් වායු සමිකරණය කළ පාර්ලිමේන්තුව තුල නිදා ගනිමින් මහා උපවාසයක් කළ මංත්‍රීවරුන්ට නිදා ගන්න වෙන්නේ දිය වන්නා ඔයේ ය. නැතනම් වායු සමීකරණය නතර කළ විදුලි පහන් නිවා දැමූ පාර්ලිමෙන්තුවේ බඩ ගින්නේ ය.

සිරස රූපවාහිනියට බෝම්බ ගසා ගිනි තබා පෙන්නුවේ රාජපක්ෂය. සන්ඩේ ලීඩර් ආයතනයට ගිනිතබා අවසානයේ දී එහි කර්තෘ ඝාතනය කර පෙන්වූයේ රාජපක්ෂ යටතේ ය. පෝද්දල ජයන්ත පැහැර ගෙන ගොස් අමු අමුවේ ම කකුළක් කඩා හිස බූ ගා කොන්ඩ බලයෙන් කැව්වේ රජපක්ෂ යටතේ ය. 2005 – 2009 කාලය තුල ජනමාධ්‍ය සේවකයින් සහ ජනමාධ්‍යවේදින් 34 දෙනෙකු ඝාතනය කළේ රාජපක්ෂ යටතේ ය. දෙමළ ජාතික පාර්ලිමේන්තු මංත්‍රිවරුන් මහ දවාලේ හතර දෙනෙකු ඝාතනය කළේ රාජපක්ෂ යටතේ ය. නමුත් ජාතිවාදය අවුස්සමින් රාජපක්ෂට කඩේ යන කිසිදු ජනමාධ්‍ය ආයතනයක් පුළුස්සා හෝ ජනමාධ්‍ය වේදියකු ජනාධිපති සිරිසේන යටතේ ඝාතනය කර හෝ නැත. ඉතිං රාජපක්ෂයට පුලුවන් බව කියන එක බොරුද? දිවයින පුවත් පත අද ගෙන යන ජාතිවාදි ආන්ඩු විරෝධී ව්‍යාපාරය වැනි පිළිවෙතක් රාජපක්ෂ යටතේ ගෙන ගියා නම් අනුර සොලමන්ස් පසුපස සුදු වැන් නොඑළවයි ද?

ඉතිං මහත්වරුනි, ජනාධිපති සිරිසේනට බැරි ය.

අද ජනාධිපති සිරිසේනගේ මහා පරිමාණ ජයාරෑප කොළඹ වටා නැත. රාජපක්ෂ කොරපු කාලයේ හැටි මතකද? රාජපක්ෂ නැති හන්දියක් තිබුනේ නැත.ඉස්කොලයක් හැදුවක් මහින්දය. ගුවන් සේවයක් හැදුවත් මහින්දය. ගැවන් තොටක් හැදුවක් නාට්‍ය ශාලාවක් හැදුවත් මහින්ද ය. අහෝ අද ජනාධිපති සිරසේනගේ රෑපයක් හෝ නමක් නැත. ඔහුට බැරිය. රාජපක්ෂට පුළුවන් ය.

සිය දරුවන්ටත් ඥාතීන්ටත් ඇති පදම් ජොලි කරන්නට නිල් බලකා හදා පිස්තෝල නගරාධිපතීන් දී එයාර් ලංකා සේවාකාවන් ලබා දුන්නේ රාජපක්ෂ ය. අගමැති මන්දිරය වන අරලිය ගහ මන්දිරයත් ජනාධිපති මන්දිරයත් දෙකම අල්ලා ගෙන රටවටා බංගලා රවුමකුත් හදා ගත්තේ ජනාධිපති රාජපක්ෂ ය. අඩු ගණනේ සිරිසේන හෝ වික්‍රමසිංහ එකම නිල නිවසකටවත් ගොස් නැත‍. ඉතිං රාජපක්‍ෂට පුලුවන් බව කීම බොරුවක් ද ?

ජනාධිපතිවරණය දිනන්නට රජපක්ෂ තිස්ස අත්තනායක ලවා බොරු ගිවිසුමක් ප්‍රසිද්ධ කෙරෙව්වේ ය. ඒ ගිවිසුමෙන් කීවේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ රට පාවා දෙන ද්‍රෝහීන් බවය. රාජපක්ෂ බලයට ආවේ නම් එම ලියැවිල්ල උඩ පමණක් මොහාන් පිරිස්ගේ කැලැ නීතියෙන් ඒ දෙදෙනාම ගස් යවන්නට වුවත් ඉඩ තිබුණි. දැන් හොරා තිස්ස අත්තනායක නිදැල්ලේ ය. ඒ ගැන ප්‍රශ්ණ කරන්නට එන්න කියන විට රාජපක්ෂ බුරා පනියි. අහෝ ජනාධිපති සිරිසේන වෙවැලක්වත් අතට ගෙන නැත. රනිල් කළේ පාර්ලිමේන්තුවෙහි මහත්මා කතාවක් පමණි. ඉතිං රාජපක්ෂ තමන් කොරන්න දන්නා බව කියන විට ඒ බොරුද?

රාජපක්ෂට පුලුවන් නිසා හම්බන්තොට වරායක් සහ ගුවන් තොටක් හැදුවේ ය. අද ඒ දෙකම සුදු අලි ය. පාඩු පිට පාඩු ය. එත් නම රාජපක්ෂගේ ය. රාජපක්ෂ තමාගේ සහ නාමල්ගේ පින්තූර ගසා ඔරලෝසු සහ දින දර්ශන බෙදුවේ ලක්ෂ ගණනිනි. ජනාධිපති සිරිසේනට අඩු ගණනේ සිය පින්තූරය දමා සාක්කු දින දර්ශණයක්වත් බෙදුවේ නැත. ඔහුට බැරි නිසා ය. ඒ නිසා දැන් කළ යුතු හොදම දේ ආපසු රට කෑමට රාජපක්ෂ බෑයන්ට රට බාර දීමය.

රාජපක්ෂ යටතෙහි පෙළපාලි ගිය උතුරෙහි දෙමළ ජනයාට ලැබුණේ කලු තෙල් පහරවල් සහ මරණ බිය ය. දකුනේ වැඩ මුළු වලට ආ දෙමළ ජනමාධ්‍ය වේදීන්ගෙන් පන්න පන්නා පළි ගන්නා ලදී. හෝටල් වැටලුණි. අපි නරක මිනිස්සු යැයි කියන්න එපා යැයි රාජපක්ෂවාදි දඩ බල්ලෝ බුර බුරා සිටියහ. දැන් ඒ කිසිවක් නැත. පෙළපාලි යති. විදෙස් සංචාරකයින්ට උතුරට යාමට විශේෂ අවසර අවශ්‍ය නැත. ඉතිං රාජපක්ෂට පුලුවන් බව බොරු ද?

බැරි නම් මට දී පලයල්ලා යැයි රාජපක්ෂ බෙරිහන් දෙන්නට පටන්ගෙන ඇත්තේ එහෙම කොරන්න ආයෙත් බල තණ්හාවට ය. රාජපක්ෂ යටතේ සිදුවූ දූෂණ චංවා ද යළි උපදවන්නට ය. ඒ වනාහී දේවදත්ත තණ්හාව කි.

ජනාධිපති සිරිසේනට සිදුව ඇත්තේ සාධාරණ නයාට සිදු වු දෙයයි. විරවංශ, වාසුදේව වැනි හෙළුවැලි ‘වැදි’ කොල්ලෝ දැන් එළෙස සාධාරණ වූ විධායක ජනාධිපති නැමැති නයාගෙන් ආන්ඩු විරෝධී කුමන්ත්‍රණ දර මිටියක් බදිමින් සිටිති. රාජපක්ෂ පරාජය වී තිබියදීත් මටම දියව් කියන්නේ එනිසා ය.

ප්‍රිය ජනාධිපති සිරිසේන පොඩ්ඩක් හෝ පෙණය පුප්පා පෙන්නට බැරිද?

(මෙත්සිරි අම්බලන්ගොඩ විසිනි)
 
  • Like
Reactions: creed1

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    සිරිසේන ලග ඇත්තේ යන්න පමණි පෙණය ඇත්තේ මහින්ද ලග බව මූ නොදන්නා හැඩය.
     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    පෙනෙ පුප්පන්නෙ කොහොමද බොල... මගෙ දල දෙක චන්ද්‍රිකා නොනා අරගෙන ගිහින් කට ඈරියොත් ලොම්බ පෙන්නෙ
    මීට
    ජනාදිපති
     

    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    ජනාධිපතිතුමනි, පොඩ්ඩක්... 04-23-2015 10:02 AM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ප්‍රිය ජනාධිපති සිරිසේන පොඩ්ඩක් හෝ පෙණය පුප්පා පෙන්නට බැරිද?
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පෙනෙ පුප්පන්නෙ කොහොමද බොල... මගෙ දල දෙක චන්ද්‍රිකා නොනා අරගෙන ගිහින් කට ඈරියොත් ලොම්බ පෙන්නෙ
    මීට
    ජනාදිපති
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් පෙනේ නෙමේ පොරො පාර ඔලුවට වෑදිල ඉන්නෙ මේ අන්තිම ටික.:yes:

    ගොබ්බ අමු unp &න්නයෙක් ලියපු එකක් මේවට හුරේ දාන එවුනුත් පොනිලගෙ &ක ලොවන සමලින්ගිකයො.:baffled:
     
    • Like
    Reactions: pazzy12

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena

    පෙනේ නෙමෙයි හය්යෙන් හුස්ම ගත්තත් කොටි ටිකයි හම්බයෝ ටිකයි සිරිසේනගේ ඇට දෙක ලාච්චුවේ දාල චටස් ගාල වහන්ඩ බලාගෙන ඉන්නෙ :rofl::rofl:

    පෙනේ පුප්පයි ඒ නිසා බලාගෙන හිටපන් පෙනේම පුප්පයි කියල තමා බය :rofl::rofl: පුෂ් පුශ්හ් :lol::lol::lol:
     
    Last edited:

    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    ...................

    සිරිසේන ලග ඇත්තේ යන්න පමණි පෙණය ඇත්තේ මහින්ද ලග බව මූ නොදන්නා හැඩය.
     
    • Like
    Reactions: sarika406