ජනාධිපතිලා සාපේක්ශව...

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජනාධිපතිලා සාපේක්ශව...

    පහත මූලාශය සැකසුවේ යාහු නිවුස් ඇසුරෙන්. මූලික පඩිය පමනක් සලකා ඇත, බොනස් දිරි දීමනා එක්කාසු කර නොමැත, (මාටියා ගැසීම් කිසිසෙත් නොමැත)


    සත්වන ස්ථානය

    7th Place: Francois Hollande, President of France





    ප්‍රන්ශ ජනාදිපති හොලන්දේ.. මනමාලයා උනාට එච්චර සල්ලි නැ, මිනිහගේ අවුරුද්දක ආදායම Approximate salary: SGD $291,680 per annum

    මේ සොච්චම් මුදලෙන් (මාසික වැටුපෙන් හොදේ) මිනිහට සින්ගපුරුවේදී කාර් එකක්වත් ගන්න බැලු.. පව් නේ..

    :(



    හයවන ස්ථානය

    6th Place: Stephen Harper, Prime Minister of Canada





    මේ කැනඩාවෙ අගමැති, (කොටි පැටියෙක්).. මිනිහා තමන්ගේ පාඩුවේ අවුරුද්දකට Approximate salary: SGD $387,351 per annum හොයාගන ඉන්නවා. හැබැයි සින්ගපුරුවේදී නම් මිනිහගේ මාසික වැටුපෙන් යාන්තම කාමර 5ක ෆ්ලැට් එකකට අත්තිකාරමක් දුන්නැකිලු..

    ඌත් අනේ පව්.. :(







    පස්වන ස්ථානය





    5th Place: Uhuru Kenyatta, President of Kenya





    මූන මිරිකුවොත් බොතලයක ගල් අරක්කු ගන්න සයිස් එකේ මේ ඉන්නේ කෙන්යාවේ ජනාදිපති. මිනිහත් රටේ හැටියට නරකම නැ. අවුරුද්දකට Approximate salary: SGD $390,561 per annum ගානක් කොටාබාගෙන පාඩුවේ ඉන්නවා උනාට බැරි වෙලාවත් මිනිහා සින්ගපුරුවේ උන්නනම් පාක් එකක මුරට ඉන්න මිනිස්සුන්ට පුස්බයිසිකල් 26ක් අරන් දෙන්න තරම් ඇති වෙයිලු..

    ඒ අතින් මෙයා මරු.. :lol:








    හතරවන ස්ථානය



    4th Place: Michael D. Higgins, President of Ireland





    මෙයා නම් වැඩිය අහන්න ලැබෙන කෙනෙක් නෙමෙයි. මේ අයර්ලන්තේ ජනාදිපති. මෙයාටත් වයසේ හැටියට කාලා බීලා ප්‍රෙශර් එකට බේත් අරන් සීනී පාලනය කරගෙන ඉන්න අවුරුද්දකට Approximate salary: SGD $404,950 per annum හම්බ වෙනවලු. මේ ගානෙන් මාසිකව මිනිහට සින්ගපුරුවෙදි ජාමේ බේරගෙන ගොල්ෆ් ක්ලබ් එකක මෙම්බර්ශිප් එකක් ගත්තැකිලු..

    මෙම්බර්ශිප් එක විතරයි හොදේ.. :shocked:







    තුන්වන ස්ථානය

    3rd Place: Barack Obama, President of the United States of America







    මෙයා ගැන නම් ඉතින් කියන්න වදන් නැ. දන්නවනේ අපේ තුම්මුල්ලේ බුවාගේ හතුරා, බැරැක් ඔබාම උන්නැහේ.. මිනිහත් ලොකු සයිස් දැම්මට අවුරුද්දකටම හම්බ්බ වෙන්නේ

    Approximate salary: SGD $500,720 per annum
    මෙකෙන් ඇමෙරිකාවේ කාලා බීලා හිටියට බැරිවෙලාවත් සින්ග්ගපුරු ගියොත් සාමාන්ය පාවිච්චි කරපු ෆැලැට් එකක් සෙකන්ඩ් හැන්ඩ් ප්‍රයිස් එකට ගන්න පුලුවන් වෙයිලු. , ඉස්සරනම් කතාවට කිව්වෙත් ඇමෙරිකන් ජනාදිපතිගේ පඩියෙන් සින්ගපුරූ ජනාදිපතිට ප්ලේන්ටියක් අරන් දෙන්නත් මදියි කියලනේ..














    දෙවෙනි ස්ථානය


    2nd Place: Donald Tsang, Chief Executive of Hong Kong





    මේ ඉන්නේ හොන්ග් කොන්ග් වල චීෆ් එක්සකටිව් මහත්තැයින්.. අනික් අදබාලයන්ට සාපේක්ශව මෙයා ට සාමාන්ය ජිවත් වීමට ගානක් හැටියට තමා ගනන් ගන්න පුලුවන්,

    මේයාට හම්බ වෙනවා Approximate salary: SGD $642,173 per annum






    ඔන්න ඉතින් ලොකේ වැඩියෙන්ම පඩි ගන්න ජනාදිපති.

    පලවෙනි ස්ථානය
    1st Place: Lee Hsien Loong, Prime Minister of Singapore



    Approximate salary: $2.2 million per annum




    මේ පලවෙනි ස්තානය දැන් සැහෙන කාලෙක ඉදන් මේ කුඩා රටට හිමි වෙලා තියනවා, සාපේක්ශව අනිත් ජනාදිපතිලට වඩා තුන් හතර ගුනයක් මෙයා වැටුප් ලබනවා, හැබැයි හොරකන් කරපු සල්ලි නම් නෙමෙයිලු.. සින්ගපුරුවේ හොරකම ගසාකැම හරිම අවමයිනෙ..




    වැරදි වෙලා තියනවනම් දන්න අය හරිගස්සවන, ලබන අවුරුද්දේ දිහැට මහින්ද උතුමානනුත් මේකේ හිටියොත් කාටද ආඩම්බර.. :rofl::rofl::rofl:


     

    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    ලංකාවේ ජනාධිපතිට ඩොලර් 20,000ක මාසික වැ‍ටුපක් හම්බ වෙන්නේ.සිංගප්පුරුවේ පාර අතුගාන එකෙක් ඩොලර් 50,000ක් හොයනවා..:rofl:
    ඒ අතින් මහින්ද මාමා ගැන පව් කියලා හිතෙනවා.සිංගප්පුරුවේ යන්න ටිකට් එකක්වත් ගන්න බැරිවෙයි.:(
     
    Last edited:

    aruna47

    Well-known member
  • කිරුලහිමි ස්ථානය
    1st Place: D. M. Jayaratne, Prime Minister of Sri Lanka

    z_p02-Prime-Minister-01.jpg


    Approximate salary: $5.9 million per annum




    මේ කිරුල හිමි ස්ථානය ලබාගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවේ අගමැති. පුතාගේ මගුලට මහජන සල්ලි වියදම් කරේම නැහැලු අගමැති වෙන්න කලින් පරණ වාහන තිබ්බෙම නැහැලු. ලංකාවට කුඩු ගේන්නෙම නැහැලු. හැබැයි හතර පොයටම සිල් ගන්නවා ලු හාල් මැස්සෝ කන්නේ නැහැලු.



    වැරදි වෙලා තියනවනම් දන්න අය හරිගස්සවන,​
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මේ කට්ටියගේ පඩි ගන්නම් මම දන්නේ නැහැ, නමුත් සිංගප්පුරුවේ මම දන්නා විදියට කෑම බිම, සහ ගනිකාවන්නම් ටිකක විතර ලාබෙට ඉන්නවා (ගොඩක් හොද ඒවා ගැන නෙවෙයි මම මේ කියන්නේ හොදද), නමුත් අනිත් ඒවානම් පට්ටම ගණන්ලු......(හැබැයි ඉතින් අපි ලංකාවේ රුපියල් වලින් මනින නිසයි එහෙම වැඩි වගේ දැනෙන්නේ)

    හැබැයි ජේ.ආර්. සීයාගේ කාලෙනම් සිංගපුරුවේ ජනාදිපති කියල තියනවලු මිනිහට ඕනේ සිංගපුරුව ලංකාවේ කොලබ වගේ කරන්නලු, අනේ මන්ද මටනම් හිතෙන්නේ ඒ දවස් වල ලංකාව දැන් කාලේ සිංගපුරුව වගේ තියෙන්න ඇති නේද අප්පා........ හිතනකොටත් පුදුමාකාර සන්තෝසයක් දැනෙන්නේ...:lol::lol::lol::lol::lol::lol::lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ කට්ටියගේ පඩි ගන්නම් මම දන්නේ නැහැ, නමුත් සිංගප්පුරුවේ මම දන්නා විදියට කෑම බිම, සහ ගනිකාවන්නම් ටිකක විතර ලාබෙට ඉන්නවා (ගොඩක් හොද ඒවා ගැන නෙවෙයි මම මේ කියන්නේ හොදද), නමුත් අනිත් ඒවානම් පට්ටම ගණන්ලු......(හැබැයි ඉතින් අපි ලංකාවේ රුපියල් වලින් මනින නිසයි එහෙම වැඩි වගේ දැනෙන්නේ)

    හැබැයි ජේ.ආර්. සීයාගේ කාලෙනම් සිංගපුරුවේ ජනාදිපති කියල තියනවලු මිනිහට ඕනේ සිංගපුරුව ලංකාවේ කොලබ වගේ කරන්නලු, අනේ මන්ද මටනම් හිතෙන්නේ ඒ දවස් වල ලංකාව දැන් කාලේ සිංගපුරුව වගේ තියෙන්න ඇති නේද අප්පා........ හිතනකොටත් පුදුමාකාර සන්තෝසයක් දැනෙන්නේ...:lol::lol::lol::lol::lol::lol::lol:
    රටට වැඩක් කරලා කොච්චර පඩි ගත්තත් පව් නැ බන්, හොරාකාලා හම්බ කරන එකයි කැත, අපේ රටේ වෙන්නෙම ඔකනේ..