ජනාධිපතිවරණ ප්රතිඵලය අභියෝගයට ලක්කර ඡන&
ජනාධිපතිවරණයේ ප්රතිඵල විකෘති කර ඇති බවත්, එය ඔප්පුකළ හැකි තොරතුරු තමන් සතුව ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමේ නායක අනුර දිසානායක මහතා පවසයි. අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් ඡන්ද පෙත්සමක් ගොනු කිරීමට බලාපොරොත්තුවන බවයි.
එහිදී අදහස් දැක්වූ දිසානායක මහතා, "ජනාධිපතිවරණයේ ප්රතිඵල අපි පිළිගන්නේ නැහැ. එම ප්රතිඵලය වෙනස් කරන්න සිදු කළ අක්රමිකතා,රාජ්ය මැදිහත්වීම් සහ ක්රියාමාර්ග රැසක් ගැන තොරතුරු රැසක් අනාවරණය වෙමින් තිබෙනවා.
තැපැල් ඡන්ද භාවිත කළාට පසුව එම ඡන්ද පත්රිකා තිබිය යුත්තේ ආයතන ප්රධානීන් ළඟ. නමුත් ඒවා එක මූලස්ථානයකට ගෙන්වා වෙනස් කළ බවට තොරතරු තිබෙනවා. ඒ වගේම ඡන්ද 65% - 70% ක් විතර ඡන්ද ප්රකාශ වුණාට පස්සේ ඡන්ද පොළ නියෝජිතයින් පහර දී එලවා දමා තිබෙනවා. ඉන් පසුවයි ප්රතිඵලය විකෘති කරන්න කටයුතු කර තිබෙන්නේ. අනුරාධපුර,මාතලේ,පුත්තලම,ගාල්ල,මාතර සහ හම්බන්තොට ආදී දිස්ත්රික් ගණනාවක එවැනි සිදුවීම් තිබෙනවා.
මැතිවරණ කොමසාරිස්වරයා අවසන් ප්රතිඵලය ප්රකාශ කරමින් සාධාරණ මැතිවරණයක් නොපැවති බවට ඍජුවත්,ව්යංගයෙනුත් අදහස් පළ කළා. අපි මේ ප්රතිඵලයට විරුද්ධව ඡන්ද පෙත්සමක් ගොනු කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම මානව හිමිකම් නඩු ගොනු කිරීමටත් අවධානය යොමු කොට තිබෙනවා." යැයි ප්රකාශ කළේය.
source:http://www.lankatruth.com/sin/index...-12-36&catid=35:2008-10-13-08-30-14&Itemid=63