ප්රකට සිනමා තරු සමග තේපැන් සංග්රහයට සහභාගීවී ඔවුන් සමග ඡායාරූපවලට පෙනී සිටීමට ජනාධිපතිවරයා අපේක්ෂාවෙන් සිටියත් ජනප්රිය නළු නිලියන් සියලු දෙනාම පාහේ අරලියගහ මන්දිරයට පැමිණීම ප්රතික්ෂේප කර ඇත. තේපැන් සංග්රහයට සහභාගීවී ඇත්තේ ඉන්දියාව තුළ පවා එතරම් ජනප්රිය නොවන නළු නිලියන්ය. එහි තරමක් හෝ ප්රසිද්ධ චරිතයක් ලෙස දැකිය හැකිවූයේ අනිල් කපූර් පමණි.
සිය තේ පැන් සංග්රහය බොලිවුඩ් තරු විසින් වර්ජනය කිරීම පිළිබදව කෝපයට පත්වූ ජනාධිපතිවරයා සවස පැවැත්වුණු අයිෆා සම්මාන උළෙලට සහභාගී නොවීමට තීරණය කළ බව වාර්තාවේ.
මොන පොන්න වැඩද බන් මේවා?
මේ මිනිස්සු දකුණු ඉංදියාවේ කෝටි ගාණක් මිනිස්සු-- ඒකියන්නේ සල්ලි දීලා චිත්රපටි බලන මිනිස්සු -- කෝටි ගාණක් තරහ කරගෙන අපි වෙනුවෙන් මෙහෙ ආවාම ඒ මිනිස්සුන්ට සලකන විදියද මේ?

ඔය හැලප කාලා තේ බීලා ඔය මිනිහා එක්ක ෆොටෝ ගන්නවාට වඩා ඒ මිනිස්සුන්ට වැඩ නැද්ද?
උන් ආපු එක මදිද?
කළගුණ නොදත් හීන-මාන කාරයා.









