ජනාධිපති උනොත්

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ජනාධිපති උනොත්

    අර නියෝජ්‍ය ඇමති හාදයා කවදා හරි මේකෙ ජනාධිපති උනොත් කාරිය, මෙන්න මේ වගේ සීන් වෙන්න ඉඩ තියෙනවා... 🙄🙄

    "නිදහස් සමරු පෙළපාලිය එද්දී අතිගරු ජනාධිපති තුමා පීඨිකාවෙන් බැස ගාලු මුවදොර පාර හරහා වැතිරේ.......ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප වැඩි කරන ලෙසට උද්ඝෝෂණය කරයි......."මේ අසාධාරණේ ගිහින් ජනාධිපතිට කියපිය !" කියමින් කෑ ගසයි..... "තෝ නෙ උත්ත ජනාධිපති !" කියමින් ආරක්ෂක භටයන් හතර දෙනෙක් එතුමාව අත් කකුල් වලින් ඔසවා පාරෙන් ඉවතට ගනියි.....

    "ජනාධිපති මන්දිරයේ ඇති කිතුල මදින්නට ජනාධිපති තුමා ලන්නට නගියි.....කාර්ය මණ්ඩලයේ නිළධාරීන්ට හෙට සිට කිතුල් රා...."

    "රාජාසන කථාව කිරීමට තමා පාර්ලිමේන්තුවට එනවිට, තමාට ඉදිරියෙන් සෙංකෝළය ගෙන ගියේ නැතැයි ජනාධිපති තුමා රාජාසනය මතට නැගී ගෙළ වැල ලා ගැනීමට උත්සාහ කරයි ....."

    "සංචාරයක් සඳහා පැමිණි විදෙස් රාජ්‍ය නායකයාගෙන් ආධාර මුදල් අනුමත කරන ලෙස ඉල්ලා ජනාධිපති තුමා හෝටලය ඉදිරිපිට පාරේ උපවාසයක"

    "හදිසියේම පාසැළකට කඩා වැදුණු ජනාධිපති තුමා, දරුවන් වැල්පටවල එල්ලී ඒ මේ අත යනතුරු බලා සිටියේ ඇයිදැයි ගුරුවරුන්ට බැණ වදියි..... පසුව බලන විට එය පෝතක බාළදක්ෂ ජම්බෝරියක් බව හෙළිවේ....."

    "තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සුදුසු කම් නොලැබුවේයැයි ජනාධිපති තුමා ඛෙත්තාරාමයේ විශේෂ කුටියේ වහළය මතට නැග වස පානය කිරීමට සැරසේ "

    "නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සභාව ඉදිරිපිට කොඩි ගස් පෙළේ ශ්‍රී ලාංකික ධජය දමන්නට ජනාධිපති තුමා කොඩි ගසට නගී.....කොඩි ගහත් සමග එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට පාර මැදට ඇද වැටෙයි........"

    "හින්දි සිනමාව ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය විනාශ කරන බව කියමින් ජනාධිපති තුමා ඉන්දියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරයි...... යුද්දය විනාඩි පහළොවක් පවතී..... "

    "කෝවිලක් යැයි සිතා පල්ලියකට කඩා වැදුණු ජනාධිපති තුමා, තමා හට පොල් ගහන්නට, පොල්ගල පෙන්වන ලෙස ඉල්ලා යකා නටයි......"
    🙄

    From FB ( Author - Damith Kethaka)
     
    • Like
    Reactions: Splash_smart