ජනාධිපති තාත්තා 246 වන පිටුව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනාධිපති තාත්තා 246 වන පිටුව

    59418450_679431845842203_4831651063390011392_n.jpg


    තාත්තා පාසැල් යන සමයේ පාසැල් ළමෝ අතර ජනප්‍රිය වී සිටියේ එල්ලේ ක්‍රීඩාවට පමණක්ම නොවේ.

    සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවටද තාත්තා දක්ෂතාවයක් හෙඹවීය.

    මේ දුටු පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් නායක කීර්තිපාල තරුණයා තාත්තාව පාසැල් ක්‍රිකට් කණ්ඩායමට එක්කරගත්තේය.

    එහෙත් තාත්තාට ක්‍රිකට් කණ්ඩායමට එක්වී මුල් කාලයේදී සිදුවූයේ වතුර අදින්නට පමණි.

    එහෙත් අහම්බෙන් මෙන් දිනක් එක් ක්‍රීඩකයකු හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් තාත්තාට එදින ක්‍රීඩා කිරීමට ලැබුනි.

    අහෝ අවාසනාව. දිනය අවසාන ‍වන තෙක්ම තාත්තාට පන්දු යැවීමට හෝ පිතිකරණයට අවස්ථාව නොලැබුනි.

    පළමු ඉනිම ක්‍රීඩා කළ ප්‍රතිවාදී පිළ ඕවර 50ට ලකුණු 198 ක් රැස් කරගෙන තිබුනි.
    පොලොන්නරුව රාජකීය විද්‍යාලයත් අවසාන පන්දුවාරය වන තුරු සාර්ථකව ඉනිම හඹා යමින් තිබුනි

    තාත්තාගේ වාසනාවට ක්‍රියාත්මක වෙමින් තිබුනේ අවසාන පන්දුවාරයයි.9වන පිතිකරු ලෙස කීර්තිපාල මහතා දැවී යන විට ක්‍රියාත්මක වෙමින් තිබුනේ 49.5 වන පන්දුවාරයයි.ජයග්‍රහණය සදහා තවත් එක් ලකුණක් පමණක් අවශ්‍යව තිබුනි.

    අවසාන පන්දුවාරය සදහා පැමිණියේ තරුණ සිරිසේනය.තාත්තාගේ හැටි හොදහැටි දන්නා කීර්තිපාල ඈත සිටන් කුමක්දෝ කියමින් තිබුනත් තාත්තාට එය හරිහැටි ඇසුනේ නැත.

    කීර්තිපාල තරුණයා ඈත සිටන් පැවසුයේ අවසන්පන්දුවාරයේදී මොළය පාවිච්චි කර ළකුනක් කෙසේ හෝ ලබාගන්නා ලෙසයි.

    ඒත් එය තාත්තාට ඇසුනේ නැත.අවසානයේ කීර්තිපාල එය ඉගි කරමින් පෙන්වූයේ තම හිසට වම්අත දඹර ඇගිල්ල ඉලක්ක කර පෙන්වමින්ය.ඉන් ඔහු අදහස් කළේ කෙසේ හෝ මොළය පාවිච්චි කර ළකුණක් ලබාගන්නා ලෙසයි.

    ප්‍රතිවාදී කණ්ඩායමේ පන්දුයවන්නා අවසාන පන්දුව ක්‍රියාත්මක කළේය.තාත්තා කීර්තිපාල පෙන්වූ දෙය සිහියේම තබාගත්තේය.

    බවුන්සර් පන්දුවක් ලෙස පැමිණි ලෙදර් පන්දුවට තාත්තා පිත්ත වෙනුවට හිසෙන් වැරෙන් පහරක් එල්ල කළේය.පන්දුව කඩුලු රකින්නාට ඉහළින් හතරේ සීමාව පසුකළේය.පොලොන්නරුව රාජකීයන් එදා එක් කඩුල්ලකින් ජයග්‍රහණය කළේය.

    හිසෙන් ලේ ගලමින් තිබු තාත්තා ළගට කීර්තිපාල ආවේය.

    "තමුසටෙ පිස්සු හැදිලද ඔලුවෙන් ලෙදර් බෝලවලට ගහන්න"

    කීර්තිපාල ඇසුවේය.

    "මම කළේ ඔයා කියපු දේනේ "

    කීර්තිපාල මොළය පාවිච්චි කර ළකුණක් ලබාගන්ට පැවසූ දෙය තාත්තා තේරුම් ගත්තේ වැරදි ලෙස බව කීර්තිපාලට තේරුම්ගියේ එවිටය.

    තාත්තාට මේ කියු දෙය මේ අමතක වන බවක් එකල පැවති බවත් පසුව දීර්ඝකාලීනව කළ ප්‍රතිකාර නිසා එය සුව වූ බවත් අම්මා කියනවා මා අසා ඇත.එහෙත් වෛද්‍යවරු පවසා ඇත්තේ තාත්තාව හොදින් බලාගන්නා ලෙසත් කිසිලෙසකින් අධික වෙහෙසකර රැකියාවක් කිරීමට ඉඩ නොදෙන ලෙසත් එලෙස කිරීමෙන් රෝගය උත්සන්න විය හැකි බවයි.
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    වෛද්‍යවරුකියපු දේ ඇහුවෙ නැති එකේ බරපතලකම.......
    මේ මනුස්සයට ඔලුවෙ අමාරුව දැන් හොදටම උත්සන්න වෙලානෙ.


    මුලු රටකටම වන්දිගෙවන්න වෙලා....