ජනාධිපති තාර ඉම්බෙ යුද්ධය අවසන් වෙන්න කලි
ජනාධිපති තාර ඉම්බෙ යුද්ධය අවසන් වෙන්න කලින් - ජනරාල් හෙළි කරයි.
යුද්ධය අවසන් වූ බවට ඉඟි කරමින් විදේශයේ සිට ලංකාවට පැමිණි ජනාධිපතිවරයා තාර පොළොව සිඹිමින් මාධය සංදර්ශනයක් සිදු කළේ යුද්ධය අවසන් වීමට පෙර බවත්, පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගේ කතාව සිදු කළේද යුද්ධය සම්පූර්ණයෙන් අවසන් වීමට පෙර බවත් ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද හෙළි කළේය. ඒ අද පාර්ලිමේන්තු සංකීරණයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි. මෙහිදී අදහස් දක්වමින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා මෙසේ ද පැවසීය.
"අවසන් සටන පැවතුණු සමයේදී මම විදේශ ගත වෙලා හිටයෙ කියල චෝදනා එල්ල වෙනව. මම චීනෙට ගියේ මැයි 11 වෙනිදා. ඒ අවුරුදු දෙකක් තිසේසෙ කෙරුණු ආරාධනාවක් දිගින් දිගටම කල් දාල, අවසානයේ කල් දමන්න බැරි අවස්ථාවකදී තමයි මම චීනයට ගියේ. නැවත මැයි 17 රාත්රී 9.00 ට මම ලංකාවට ආව. කටුනායකින් ගෙඩබැස්සේ රෑ 9.00ට.
මැයි 18 පාන්දර 2.00 ට තමයි අවසන් සටන පටන් ගත්තේ. මැයි 18 සවස් වෙන කොට ත්රස්තවාදීන් කොටු වෙලා තිබුණ මීටර් 500යේ 500 කෑල්ලකට, නන්දිකඩාල් කලපුව අසල. එතනින් සටන පටන් අරගනිද්දි, ත්රස්තවාදීන් වෙනත් තැනකින් අපට පහර දෙන්න පටන් ගත්ත. රෑ 2.30 වෙනකොට සටන තුන්පොළකින් ඇවිළුණා. ඒ සටන මැයි 19 වැනිදා උදේ 9.30 වෙනකොට තමයි අවසන් වුණේ. 19 වැනිදා උදේ 9.30 ට තමයි ප්රභාකරන් මියගියේ. ඒක තමයි ප්රබාකරන් මිය ගිය අවසන් සටන. ඒ සටනේදී අපි ත්රස්තවාදීන්ගේ සිරුරු 400 ක් පමණ සොයා ගත්ත. 19 වැනිදා උදේ අන්තිම සටන සිදුවුණු තැනදි තමයි ප්රභාකරන්ගෙ මළ සිරුර හම්බ වුණේ. අන්තිමට මළ සිරුරු 35 ක් අපිට එතනදී හම්බවුණා.
ජනාධිපතිවරයා 19 වැනිදා උදේ පාර්ලිමේන්තුවේදී යුද්ධය අවසන් කියල ප්රකාශ කරන කොට යුද්ධය අවසන් නෑ. ඒ උත්සවයට මමත් සහභාගී වූණා. සහභාගී වෙලා ආපහු කාර් එකට නැගල එළියට යනකොට, දියවන්නාව හරහා යන පාර හරියෙදි තමයි මට පනිවිඩය ආවෙ සටන අවසන්, ප්රභාකරන්ගේ මළ සිරුර හමුවුණා කියල. මම ජනාධීපතිට කෝල් එකක් දීල කිව්ව ඔන්න දැනුයි යුද්ධෙ ඉවර වුණේ කියල.
නමුත් අර 16 වැනිදා ගුවන්තොටුපොළේ තාර ඉඹින කොට යුද්ධය ඉවරවෙළා නෑ."

Last edited: