ජනාධිපති පත් කලේ kawuda ...@2osama kiyapan balana

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජනාධිපති පත් කලේ kawuda ...@2osama kiyapan balana

    ජනාධිපති පත් කලේ අපි.. නියගයට විසදුම කියනු..- නාමල්


    නියගයෙන් පීඩාවට පත්වූ ජනතාවට හා ජලය අපේක්ෂාවෙන් සිටින ගොවිජනතාව සදහා වන ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය මෙන්ම වැඩපිලිවෙල ප්‍රකාශ කලයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

    ඔහු මේ බව පැවසුවේ බිංගිරිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,,

    ‘ගොවීන්ට විශාල වශයෙන් නියගයෙන් හානි වෙලා.විශේෂයෙන්ම දකුණු පලාතේ ගොවියන්ට නැගෙනහිර,උතුරුමැද, වයඹ වගේම දිවයින පුරා ගොවීනුත් මෙම නියගවෙන් පීඩාවට පත්වෙලා තියෙනවා.

    මේ ජනාධිපති පත්කලේ අපි.ඒ නිසා අපට ජනාධිපතිවරයාගෙන් හා කැබිනට් මණ්ඩලයෙන් කෙලින්ම අහන්න ඕනෙ මොකක්ක්ද නියගයෙන් පීඩාවට පත්වූ ගොවීන්ට දෙන සහන ඒ වගේම ජල ප්‍රශ්නයට දෙන විසදුම මොකක්ද කියන එක.ඒ වගේම මේ පිලිබදව මොකක්ද ඔවුන්ගේ ස්ථාවරය මොකක්ද කියන එක.

    ඒ වගේමයි ජනාධිපතිවරයා දේශගුණික විපර්‍යාස සමුළුවට සහභාගී උනා.එම සමුළුවේ රටවල් සමග හොද සම්බන්ධතාවක් තියෙනවා.එම රටවල් වලින් මේ මොහොතේ අපට ලබාගත හැකි ආධාර උපකාර මොනවද කියන එකත් අපි බලන්න ඕනෙ.

    ඒ වගේම අපි පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීත් මේ පිලිබදව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

    ඒ වගේමයි විපක්ෂනායකතුමාට හා අනුර දිසානායක සහෝදරයාටත් මම කියනවා විවේච්න නොකර ප්‍රායෝගික ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගන්න ඕනෙ කියලා මේ ගැටළුවට මුහුණ දීමට.මෙය දේශපාලන කාරණයක් නෙවෙයි.

    විශේශයෙන්ම අපි දේශපාලන වශෙයෙන් බෙදී හිටියත් ස්වභාවධර්මයට මුහුණ දෙන්න වෙන්නේ එකට.ඒ නිසා අප සියළු දෙනා එක්වී ජල කලමණාකරණය,විදුලි උත්පාදනය හා ගොවිජනතාවගේ අස්වැන්න සාර්ථක කරගන්න සියළු දෙනා එක්වී ප්‍රායෝගික වැඩපිලිවෙලක් සකස් කල යුතුයි’