" ජනාධිපති මමයි.... "
"ජනාධිපති මමයි."
ඒබ්රහම් ලින්කන් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක්. මොහු යුක්තිගරුක මානව හිතවාදියෙකු ලෙස අමෙරිකානුවන් අතර පමණක් නොවෙයි ලෝකයේ අනිත් ජාතින් අතර පවා ගෞරවයට පත් වූවෙක්.
වහල් මෙහෙවරට තදින්ම විරුද්ධ වුන මෙතුමා එය අමෙරිකාවෙන් දුරු කිරීමට උත්සාහ කිරීමේදී එක් අවස්ථාවකදී අමෙරිකාව තුළ සිවිල් යුද්ධයක් ඇති වුණා. මේ යුද්ධය නිසා තුවාල වන සොල්දාදුවන් බැලීමට රෝහලට යන්න ලින්කන් ජනපති තුමා හුරු වී සිටියා.
මෙලෙස රෝහලට ගිය එක අවස්ථාවකදී ලින්කන් ජනපති දුටුවා මරණාසන්න තුවාල ලබා සිටි සොල්දාදුවෙක්. ඔහු සොල්දාදුවාගේ ඇඳ අසළට ගියා.
"මට ඔබ වෙනුවෙන් කිරීමට යමක් තිබෙනවාද?" ජනාධිපති තුමා විමසුවා. තමා අසල මේ සිටින්නේ තමාගේ රටේ ජනාධිපති බව සොල්දාදුවා දැන සිටියේ නෑ. ඉතින් සොල්දාදුවා මෙලෙස ඉල්ලීමක් කළා.
"මගේ අම්මට යවන්න ලිපියක් ලියා දෙන්න ඔබට පුලුවන්ඳ?"
"ඔව් පුලුවනි."
පෑනක් සහ කඩදාසියක් සපයා ගත් ජනාධිපති තුමා සොල්දාදුවා කියූ වඳන් මේ ලෙස සටහන් කළා.
"ආදරණීය අම්මේ,
මම රාජකාරි කරන අතර තුර දරුණු විදිහට තුවාල වුණා. මම හිතණවා මට සුවය ලැබෙන එකක් නෑ කියළා. මා වෙනුවෙන් බලාපොරොත්තු තියා ගන්නවත් එපා. මේරි සහ ජෝන්ව හොඳින් බලා ගන්න. ඔබටත් තාත්තාටත් දෙවි පිහිටයි."
මේ වදන් ටික කියා ගන්නත් සොල්දාදුවාට දැඩි ආයාසයක් දැරිඋමට සිදු වුණ බව ජනාධිපති තුමා තේරුම් ගත්තා.
ඉතින් ඔහු ලිපිය අවසානයේ මෙසේ සටහන් කළා.
" ලිපිය ලිවේ ඔබේ පුතා වෙනුවට ඒබ්රහම් ලින්කන්. "
" ඇත්තටම ඔබ ජනාධිපති තුමාද? "
ලිපිය අවසානයේ තිබූ වැකිය දුටු සොල්දාදුවා පුදුමයට පත්ව ප්රශ්න කළා.
" ඔව් මම ජනාධිපති තමයි.... " පැහැදිලි ස්වරකින් සොල්දාදුවාට පිළිතුරු ලැබුණා.
" ඉතින් ඔබ වෙනුවෙන් කරන්න තවත් දෙයක් ඉතිරි වී තියෙනවාද? "
ජනාධිපති තුමා නැවත ඇහුවා.
" ජනාධිපති තුමනි ඔබට පුලුවන් ද මේ අවසාන මොහොතේ මගේ අතින් අල්ලා ගන්න. එවිට මට බියක් දැනෙන්නේ නැති වේවි.
ලින්කන් ජනාධිපති තුමා මෘදු ලෙස සොල්දාදුවාගේ අතින් අල්ලා ගත්තා. තවත් විනාඩි කිහිපයක් ගෙවී ගියා. සොල්දාදුවා නිහඬව දෑස වසා ගත්තා.
හොඳයි නම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙනම යන්න.