ජනාධිපති වැය ශීර්ෂය හා ජනාදිපතිවරයාගේ වි

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ජනාධිපති වැය ශීර්ෂය හා ජනාදිපතිවරයාගේ වි

    අය වැය ලේඛනය හෝ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන අවස්ථාවක "ජනාධිපති වැය ශීර්ෂය" කියලා වෙනම මුදල් ප්‍රතිපාදනයක් අනුමත කරගන්නවා. මේක ජනාධිපති වරයාගේ පුද්ගලික පාවිචියට වෙන් කරන මුදල කියලයි සමහරක් පවසන්නෙ. ඒත් කිසිදු අමාත්‍යාංශ විෂය පථයකට නොගැනෙන, එහෙත් ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආයතන 21 ක් සඳහා වූ වියදම් තමයි මූලික වශයෙන් ඇතුළත් වෙන්නේ.

    1. ජනාධිපතිතුමාගේ කාර්යාලය සඳහා වියදම් - කොළඹ, මහනුවර නුවරඑළිය , අනුරාධපුර ජනාධිපති නිල නිවාස හා අරලිය ගහ මන්දිරයේ නඩත්තුව සේවක වැටුප්, පෞරාණික බව රැක ගනිමින් ඒවා නඩත්තුවට වියදම්
    2. ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා වියදම්
    3. හිටපු ජනාධිපතිවරු සහ ජනාධිපතිවරුන්ගේ කලත්‍රයන් සඳහා වියදම්
    4. කොමිෂන් සභා සඳහා වියදම් (සේවක කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මැතිවරණ දෙපාර්තමේන්තුව, විගණකාධිපති දෙපාර්තමේන්තුව,)
    5. ජනාධිපති විමර්ශන ඒකකය සඳහා වියදම්
    6. උපාය මාර්ගික ව්‍යාපාරය කළමනාකරණ එජන්සිය (SEMA) සඳහා වියදම්
    7. නිසි බලධරයාගේ කාර්යාලය සඳහා වියදම්
    8. අත්‍යාවශ්‍යසේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහා වියදම්
    9. නැවත පදිංචි කිරීම් සංවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය සඳහා වියදම්
    10. ජාතික පර්යේෂණ සභාව සඳහා වියදම් - රටේ අනාගත බලාපොරොත්තුවක් වූ ඛනිජ තෙල් සොයා ගැනීමේ කාර්යභාර ව්‍යාපෘතිය
    11. ආහාර මිලදී ගැනීමේ හා අවේක්ෂණ ඒකකය සඳහා වියදම්
    12. ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව සඳහා වියදම්
    13. ජාතික පරිපාලන ප්‍රතිසංස්කරණ සභාව සඳහා වියදම්
    14. ඉංග්‍රීසි හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය සඳහා වියදම් - ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන”E - ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය
    15. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සඳහා වියදම්
    16. ආහාර සුරක්ෂිතතාව සහ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය උපකමිටුව සඳහා වියදම්
    17. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහා වියදම්
    18. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සඳහා වියදම්
    19. මූලික අධ්‍යන ආයතන සඳහා වියදම්
    20. ශ්‍රී ලංකා පදනම සඳහා වියදම්
    21. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සඳහා වියදම්

    ඉහත ආයතන 21 නඩත්තු කිරීමට අදාළ වූ, ප්‍රජා සංවර්ධන වියදම්ද, ප්‍රාග්ධන වියදම් ද, ජනාධිපති වැය ශීර්ෂ යටතට ඇතුළත් වෙනවා.

    හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් හේමා ප්‍රේමදාස මැතිනියට ලැබෙන පහසුකම් ද, හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ලැබෙන පහසුකම් ද ජනාධිපති වැය ශීර්ෂයට ඇතුළත්. (අංක 3 බලන්න).

    මීට අමතරව ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා බැවින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද මුදල ද ජනාධිපතිවරයාගේ වියදම ලෙස ගණනය කරයි.

    ජනාධිපති අරමුදල කියල වෙනම එකක් තියෙනවා. කෙනෙකුට පිළිකාවක් වගේ ලෙඩක් හැදුනාම ඒ පිළිකාව වෙනුවෙන් යන වියදම් වලින් 50% ක් ලැබෙන්නේත් ජනාධිපති අරමුදලෙන්. දැන් ඒ වෙනුවෙන් වෙන් කරන ලද මුදල ද ජනාධිපතිවරයාගේ වියදම ලෙස ගණනය කරයි.

    ඒ අනුව ජනාදිපතිවරයාගේ වියදම් යනු ඉහත වියදම් වර්ග 21(ජනාධිපති වැය ශීර්ෂය වන මෙයට ජනාදිපතිවරයාගේ පුද්ගලික වියදම් අඩංගු නොවේ), රටේ රාජ්‍ය ආරක්ෂක වියදම, ජනාධිපති අරමුදල හා ජනදිපතිවරයාගේ අනෙකුත් පුද්ගලික වියදම් වේ.


    බුකියෙන් උස්සා http://www.dinamina.lk/2009/11/06/_art.asp?fn=n09110616&p=1 න් බලා වැදගත් කරුණු පමණක් උපුටාගෙන නැවත පලකරන ලදී
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    දිනමිණ ඒ දවස් වල කියන බොරු වලට ජනතාව ජන 8 පිළිතුරු දුන්න
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    796
    346
    83
    Lankawe
    ethakota kattiya bukiya pura ho gala share kara My3 ge dawase wiyadam 2000 th 8000th athara kiyala thanikara borune :rofl::rofl::rofl::rofl:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔය නවත්තපු හොරකන් වල ප්‍රතිපලයක් විදිහට තමයි ඇගට දැනෙන්න පේරෝල් ඩිසල් මිල අඩු උනේ. අය වැයෙන් තව දැනෙන්න අඩු වෙයි. බයියෝ දුවන්න ලැස්ති වෙන්න.