අනුරටත් ජනාධිපති ධූරයේ රහ දැනිලා 😄 මූ අහෝසි කරයි පම්කක්

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    President Anura Kumara Dissanayake & Prime minister Dr. Harini Amarasooriya

    ඡායාරූප මූලාශ්‍රය, SRI LANKA PARLIAMENT
    Article Information
      • Author, බීබීසී සිංහල
      • Role,
    • පැය 5 කට පෙර
    වැඩ බලන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත විසින් 2026 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් 26 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
    අයවැය ඉදිරිපත් කිරීමේ පළමු පියවර වන මෙය, තුන්වරක් කියවීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර හඳුන්වන්නේ විසර්ජන පනත් කෙටුම්පත ලෙස යි.
    මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ වන විට විදේශගතව සිටි බැවින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ වැඩබලන මුදල් අමාත්‍යවරයා විසිනි.
    total expenses

    ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසර දෙකට සාපේක්ෂව මෙවර ද ප්‍රාග්ධන එසේත් නැතිනම් මූලධන වියදම් අභිබවා පුනරාවර්තන වියදම් ඉහල ගොස් තිබේ

    ජනාධිපති වැය ශීර්ෂයේ තුන් ගුණයක ඉහළ යාමක්​

    අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පළමු අයවැය වූ 2025 අයවැයේදී ඔහු සිදු කළ ප්‍රමුඛ කාර්යයක් වූයේ 2024 වසරට සාපේක්ෂව ජනාධිපති වැය ශීර්ෂය හරි අඩකින් පමණ අඩු කිරීම ය.
    කෙසේවෙතත් 2025ට සාපේක්ෂව ආසන්න වශයෙන් තුන්ගුණයකින් පමණ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඉහළ ගොස් තිබේ. එය 2024 වසරේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට සාපේක්ෂව 72%ක පමණ වැඩි වීමකි.

    කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය 2025 අයවැයට සාපේක්ෂ ව අඩු වී තිබේ.
    ජනාධිපති සහ අගමැති වැය ශීර්ෂ

    ඡායාරූප ශීර්ෂ වැකිය, 2025ට සාපේක්ෂව ආසන්න වශයෙන් තුන් ගුණයකින් පමණ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඉහළ ගොස් තිබේ

    මුදල් අමාත්‍යංශයට රු. බිලියන 634ක්​

    මෙවර වැඩි ම මුදලක් වෙන් ව තිබෙන්නේ ජනාධිපතිවරයා අමාත්‍ය ධුරය දරන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට යි.
    එම මුදල රු. බිලියන 634.78කි.
    දෙවනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට ද , තෙවනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහා ද මුදල් වෙන්ව ඇති අතර, ජනාධිපතිවරයා විසින් ම අමාත්‍ය ධුරය දරනු ලබන ආරක්ෂක අමාත්‍යංශයට රු. බිලියන 455ක් වෙන්ව තිබේ.
    විශේෂ ආයතන කිහිපයක වැය ශීර්ෂ

    ------ Post added on Oct 3, 2025 at 1:09 PM
     
    • Like
    Reactions: AKI-SL

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    රටම clean කරල හොරුන්ගේ ඇටත් තලල වැඩේ ඉවරකරල තමා අහෝසි කරන්නේ

    හොරු අල්ලන්න ද බං සීයා වගේ දෙගුණයක් වියදම් කරන්නේ
     
    • Like
    Reactions: AKI-SL

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,917
    113
    රටම clean කරල හොරුන්ගේ ඇටත් තලල වැඩේ ඉවරකරල තමා අහෝසි කරන්නේ
    තලාගෙන තලාගෙන යනකොට තමංගෙ ඇටෙත් තැලෙන්න වගේ එනකොට ආ ඕනි නෑ කියල හිතෙන්න පටන් ගන්නව. ආයෙ පාරක් උබල තව එකෙක්ට අහු වෙනව. ඕක සයිකල් එකක්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,222
    21,782
    113
    තලාගෙන තලාගෙන යනකොට තමංගෙ ඇටෙත් තැලෙන්න වගේ එනකොට ආ ඕනි නෑ කියල හිතෙන්න පටන් ගන්නව. ආයෙ පාරක් උබල තව එකෙක්ට අහු වෙනව. ඕක සයිකල් එකක්.
    අපි කියල දාගනින්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    යකෝ අපි ඉස්සර බාස්මතී කෑවෙ රු100ට. දැන් 600යි. නන්දසේන පොන්නය රට කනපිට ගහලා පැනලා ගියේ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    යකෝ අපි ඉස්සර බාස්මතී කෑවෙ රු100ට. දැන් 600යි. නන්දසේන පොන්නය රට කනපිට ගහලා පැනලා ගියේ.

    ඕගනික් බාස්මතී පොඩ්ඩක් ගනං ඉතිං 😅
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,495
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනුර දුන්න චන්ද පොරොන්දු විශ්වාස කරාද? නෑ
    අනුරට චන්දෙ දුන්නද? නෑ
    ජනාධිපති තනතුරට විරුද්ධද? නෑ

    එහෙනම් මොකක්ද ප්‍රශ්නෙ? අන්න අරුන් රැවටිලා ඒකයි ප්‍රශ්නෙ

    Sri Lanka GIF by Five