ජනාධිපති වැය ශීර්ෂය
සිරස නිවුස් ෆස්ට් වෙබ් අඩවියේ මේ ආකාරයෙන් වාර්තා කර තිබුණා.
"හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වියදම් වෙනුවෙන් පසුගිය අයවැයෙන් රු. කෝටි 9000කට අධික මුදලක් වෙන් කර තිබූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අයවැය ප්රකාශයේදී සඳහන් කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහා රු. කෝටි 290ක් පමණක් වෙන් කළ බව ය. ඒ අනුව, ජනාධිපතිට වෙන් කෙරෙන මුදලින් මෙවර කෝටි දහස් ගණනක් ඉතිරියක් රජයට හිමි වනු ඇත.
"http://goo.gl/ojJVWA
මුදල් ඇමති රවි කරුණානායක මහතා 2015 ජනවාරි 29 අතුරු අයවැය ප්රකාශයේදී එලෙස ප්‍රකාශ කළ අතර, රාජ්‍ය අයවැයකට ඇති සාමාන්‍ය වියදම ගැනවත් කිසිදු අවබෝධයක් නොමැති මාධ්‍යවේදීන් ගෙඩි පිටින් එය ප්‍රකාශ කළා. එතැනින් නොනැවතී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රු.කෝටි 8710 ක් වැඩිපුර වෙන් කරගෙන රජයේ මුදල් නාස්ති කළ බවත් ප්‍රචාරය කළා.
නමුත් ඔබ දන්නවාද මහින්ද රාජපක්ෂ මහතා 2015 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයේ, ජනාධිපති වැය ශීර්ෂය සඳහා වෙන් වී තිබුණේ රු.කෝටි 959 ක් පමණයි. එහි පුනරාවර්ථන වියදම් රු. කෝටි 491 සහ ප්‍රාග්ධන වියදම් වලින් මෙහෙයුම් වියදම රු.කෝටි 385 සහ සංවර්ධන වියදම රු.කෝටි 83 යන ත්‍රිත්වයේ එකතුව රු.කෝටි 959 යි. පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ පහත දැක්වෙන පීඩීඑෆ් ෆයිල් එකෙන් එය ඔබටම දැකගත හැකියි.
http://www.parliament.lk/…/budget/2015/appropriation_2015_b…
ඊට අමතරව පහත දැක්වෙන දිවයින පුවත්පත් වෙබ් අඩවියේත් ඒ ගැන දැක්වෙනවා.
//වැඩිම මුදල ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට
ජනපතිගේ වැය ශීර්ෂය කෝටි 959 යි//
http://www.divaina.com/2014/09/27/news03.html
පේනවා නේද, රවි කරුණානායක මහතා කෝටි 959 ක මුදල පාර්ලිමේන්තුවේ අයවැය ප්රකාශයේදී පැවසුයේ කෝටි 9000 ක් ලෙසටයි. රවි කරුණානායක වැනි CIMA උපාධිදාරියෙකුට "මිලියන" සහ "කෝටි" පැටලෙනවා යැයි සිතිය නොහැකියි.
"ජනාධිපති වැය ශීර්ෂය" යනු ජනාධිපති තුමෙක්ගේ පුද්ගලික වියදම් නොවන බවත්, කිසිදු අමාත්‍යාංශ විෂය පථයකට නොගැනෙන, එහෙත් ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ආයතන 21 ක් සඳහා වූ වියදම් මූලික වශයෙන් ඇතුළත් වෙන බවත් එම ආයතන මොනවාදැයි පෙන්වා දෙමින් ඔබට මා පැහැදිළි කළා මතක ඇති. එය නොකියවූවානම් පළමුව පහත ලිපියෙන් එය කියවා බලන්න. https://www.facebook.com/SLRanga/photos/pb.346145648902344.-2207520000.1422713035./346674465516129/
නමුත් ජනාධිපතිගේ දිනක වියදම රු.කෝටි 2.63 (වාර්ෂිකව කෝටි 959) ක සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රු.2850 ක් දක්වා අඩු කරන්න පුළුවන් වූ බව සමහරුන් මීට සති දෙකකට කළින් පැවසුවා. නමුත් ඔබ දැනටමත් දන්නවා මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙන් වී ඇති වැය ශීර්ෂයත් කෝටි 290 ක්. එසේනම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දිනක වියදම (කෝටි 290/දින365) ලක්ෂ 80 ක් දැයි ඔවුන්ගෙන් ඔබ ඇසිය යුතුයි.
සිරිසේන මහතාගේ ජනාධිපති වැය ශීර්ෂය රු.කෝටි 290 ක් වෙද්දී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති වැය ශීර්ෂය රු.කෝටි 959 ක් වූයේ පහත දැක්වෙන හේතු අනුවයි.
1. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාගේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා දෙපාර්තමේන්තු ගණනාවක්ම පාලනය වුණා. ඊට හේතු වී තිබුණේ හිටපු ජනාධිපති තුමාට මුදල් අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවක්ම පැවරී තිබීමත්, ඒ නිසා අදාල දෙපාර්තමේන්තු ජනාධිපති වැය ශීර්ෂයෙන්ම පාලනය කිරීම පරිපාලනමය වශයෙන් ඵලදායී වීමත් ය.
2. පාසල් දරුවන්ට තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීමට රට පුරා ඉදි කරමින් පැවැති මහින්දෝදය පරිගණක විද්‍යාගාර 1000 නිමැවීමට අරමුදල් සැපයූයේ ජනාධිපති වැය ශීර්ෂයෙන්. නමුත් ඒවා නවතා ඇති බැවින් ඒ සඳහා යන අති මහත් මුදල ඉතිරි වුණා.
3. පසුගිය අයවැය සංශෝධනය ඉදිරි අප්‍රියෙල් මහමැතිවරණය ඉලක්ක කළ "සහන අයවැයක්" බව එජාප ආණ්ඩුවේම මතයයි. එනම් ඉදිරි මහ මැතිවරණයෙන් එජාපය දිනුවොත් නැවතත් අමාත්‍යාංශ බෙදා වෙන් කිරීමට නියමිත අතර එවිට තවත් අයවැයක් ඉදිරිපත් වෙනවා. එනිසා මේ අයවැය සංශෝධනයේ ජනාධිපති වය ශීර්ෂයත්, දින 100 ඉලක්ක කරමින් හැකි තරම් අඩු කර ඇති බව පැහැදිළියි.
ඔය ආකාරයට වැදගත් වියදම් කැපීමෙන් සිරිසේන මහතාට රු.කෝටි 669 ක් ඉතිරි කළ හැකිව තිබෙනවා. නමුත් රු.කෝටි 8710 ක් වැනි අති විශල මුදලක් අඩු කළ බව පෙන්වමින් මඩ ගැසීම ඉතාමත් පිළිකුලෙන් හෙළා දැකිය යුත්තක්.
වගකීම් විරහිත මාධ්‍ය මගින් කරන මඩ ප්රචාරයන්ට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට මෙය Share කරන්න.

Last edited:

un kisima saddayak nane,adu tharame meka deny karannewath