ජන බල ධන බල සුවබල ලැබෙන යෝග මෙන්න

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
ජන බල ධන බල සුවබල ලැබෙන යෝග මෙන්න

මහා රජෙකුට සමාන ජන බලයක් මෙන්ම වීර බල පරාක්‍රමයක් ලබා දෙන මහා පින්වන්ත වු යෝගයක් ලෙසට "කුසුම යෝගය"හැඳින්විය හැක. "කුසුම යෝගය" ඇති විටකදී උපන් ජන්මියා මහා ජන බලයක්. ධන බලයක්, හා නිරෝගී බලයක් ලබයි. මේ යෝගයෙන් ඉපදුණ අයට මහා කීර්තියක් අත්වන්නේය.දීර්ඝායුෂ ද ලබයි.

කුසුමයෝගය
ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ලග්නයේත් .චන්ද්‍රයා හත්වැන්නේත් රවි දෙවැන්නේත් උපතින්ම පිහිටා ඇති අයට "කුසුම යෝගය" යෙදෙයි. මේ පින්වන්ත යෝගය ඇති සියලු දෙනාට "ගජ කේෂරී යෝගය"ද යෙදේ. ඊට හේතුව වන්නේ බ්‍රහස්පති ග්‍රහයාට සප්තම දෘෂ්ටියෙන් සඳු පිහිටි නිසාත් සඳුට සප්තම දෘෂ්ටියෙන් බ්‍රහස්පති පිහිටි නිසාත්ය.
බ්‍රහස්පති හා සඳු බලවත්ව (උච්ච ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර) යෙදීමත් රවී උච්චව ස්වක්ෂේත්‍රව හෝ මීත්‍රව හෝ යෙදීමත් හේතුවෙන් මහා අධිරාජ්‍යවරු මැති ඇමති විනිසුරුවරු මෙන්ම රාජ්‍ය නිලධාරීන් . උසස් හමුදා පොලිස් නිලධාරී වැනි කීර්තිමත් නිල තල වලට පත් වේ.

ශ්‍රී නාථ යෝගය
මහා බලවත් පින්වන්ත යෝගයකි.
ජන්ම පත්‍රයේ හත්වැන්න අධිපතියා (විවාහක ස්ථානය) උච්ච වීමෙන් දසවැන්නේ යෙදී එහි අධිපතියා පුණ්‍යස්ථානය (නවවැන්න) අධිපතියා සමඟ සංයෝග වී යෙදීමෙන් මේ යෝගය ඇතිවේ.
කථාවට තර්ක විතර්ක වලට අති දක්ෂයෝ මේ යෝගයෙන් උපදී. ගෞරව සම්මානයට ද ලක්වේ. යහපත් කාන්තාවක සමඟම විවාහය ද සිදු වන්නේය. ඉතාම පින්වන්ත වාසනාවන්ත දු දරුවෝ ලබති.
ධනු ලග්නකරුවන්ට ඉඳ හිට "ශ්‍රීනාථ යෝගය" පිහිටයි. කටක සහ තුලා ලග්නකරුවන්ට ද ඉඳ හිට සුළු වශයෙන් ඇති වෙන අවස්ථා තිබේ. "ශ්‍රී නාථ යෝගය " ඇති වන අධිපතීන් 07 වැන්න අධිපතියාත් 09 වැනි ස්ථානය අධිපතියත් 10 වැනි ස්ථානය අධිපතියාත් බලපාන බව පෙනෙයි. 07,09,10 ස්ථාන ද මෙහිදී අනිවාර්යයෙන්ම වැදගත් බවද මතකයේ තබා ගන්න.

චතුසාගර යෝගය
දීර්ඝායුෂ ලබන යෝගයකි. කීර්තිමත්ව ජනතාව පාලනය කිරීමට තරම් පින්වන්ත වේ. උපන් ජන්ම පත්‍රයේ 01,04,07,10 ස්ථානවල ග්‍රහයින් පිහිටීම චතු සාගර ‍යෝගය යෙදීමකී.
ජන්ම පත්‍රයේ මේ සිවු ස්ථාන පළාඵල කීමට ඉතාම වැදගත්ය. මේ ස්ථානවල සෞඛ්‍ය ග්‍රහයෝ යෙදුණොත් ඉතා සුබවේ. එම ග්‍රහයන් බලවත් වී යෙදුණොත් තව දුරටත් සුබ වන අතර රාජ්‍යත්වය, ධනය පවා ලබයි.

සුග්මාලා යෝගය
මේ යෝගය උපතින් ඇති අය සම්පත් අධික යාන වාහන ලැබෙන මහා පින්වන්තයෝ ය.
සියලුව සුබ ග්‍රහයින් උපතින්ම 01,04,07,10 යනාදී ස්ථාන වල යෙදීමෙන් "සුග්මාලා යෝගය" පිහිටයි. චතුසාගර යෝගයේ ඇති ලෙස බලය, ශක්තිය, දීර්ඝායුෂ විඳීමත් එහි ඇති රාජ යෝග ශක්තියත් මෙහිදී අධිකව ලබයි. යාන වාහන ලැ‍‍බේ. සැප සම්පත්, ධනය බලය පැතිරෙයි. පිරිස් බලය දීර්ඝා යුෂ මෙන්ම ජයද ලබයි.

අධියෝගය
මේ යෝගයෙන් උපත ලැබීමෙන් වාසනාව නිරෝගී බව සැප සම්පත්,දීර්ඝායුෂ හා ජයග්‍රහණ ලබයි.
සඳුගෙන් හය වැන්නේ,හත්වැන්නේ, අට වැන්නේ ශුක්‍ර,ගුරු,බුධ වැනි අති සුබ ග්‍රහයින් යෙදුණු අවස්ථාවේදී "අධියෝගය" නම් වු උතුම් යෝගය ඇති වේ. වාසනාවන්ත නිරෝගී දීර්ඝායුෂ ඇති හොඳ ගති ගුණ සිරිත් පිහිටන යෝගයකි. ප්‍රධානියෙකු වේ. ජනප්‍රිය වේ.


ජ්‍යොතිෂවේදී කේ. ජී. ගුණරත්න බණ්ඩාරhttp://www.sethmina.lk/
 
Last edited:

topkollek

Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ කියන විදිහට රාශි චක්‍රයේ ග්‍රහය ඉන්න කොටුව බලලනෙ අනාවැකි කියන්නෙ. දවසකට එකම යෝගය තියෙන කීදෙනෙක් ලෝකෙ උපදිනවද?