ජපන් කෑම Katsudon

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Katsudon කියන්නෙ ජපන් ජාතිකයන්ගෙ ආහාර වේලක්. බත් කෝප්පයක් මතට පෝක් කට්ලට් එකක් එක්ක එළවළු සහ තවත් දේ සමඟ එන මේ ආහාර වේල ඔවුන් සම්ප්‍රදානුකූලව සකස් කරගන්න එකක්.
    *සාමාන්‍යයෙන් මේකට පෝක් පාවිච්චි කලාට පෝක් කන්නෙ නැති කෙනෙක්ට ඒ වෙනුවට චිකන් බ්‍රෙස්ට් කොටසක් පාවිච්චි කරන්නත් පුළුවන්.*
    බැදගත් පෝක් හඳුන්වන Tonkatsu කියන නමත්, බත් බෝල් එකකට කියන Donburi කියන නමත් එකතුවෙන් Katsudon යන නම හැදුනයි කියලයි කියන්නෙ. නමුත් වචනාර්ථයෙන් Katsu යන්නෙහි තේරුම “දිනුම ලබාදෙන” හින්දම මේ ආහාර වේල ජපන් ජාතිකයන් අතර ප්‍රසිද්ධ වෙන්නෙ අපූරු විදියකට. පාසල් විභාගයකට පෙරදා රාත්‍රියේ මේ ආහාර වේල ගැනීම සුභ දෙයක් ලෙස සලකන ඔවුන් අපි සුභ දිනයන්හි කිරිබත් හදනව වගේ මේ ආහාරය හදන්න පුරුදු වෙලා තියෙනව. ජපන් චිත්‍රපට වල නම් සැකකාරයන් ප්‍රශ්ණ කිරීම් වලදි මේ Katsudon ලබාදෙන දර්ශන දැකගන්න පුළුවන්. ඒක පොඩි ඉමෝශනල් බ්ලැක්මේලින් වැඩක් හැටියටයි කියවෙන්නෙ. හ්ම්ම්… කතා ඇති මේ කෑම එක හදන හැටි ඉගෙන ගමුද?
    සාම්ප්‍රදායික වට්ටෝරුවට එන දේවල් වලට පුංචි පුංචි වෙනස්කම් කීපයක් නම් කරා ලංකාවෙන් හොයාගන්න අමාරු දේවල් එකක් දෙකක් තිබ්බ නිසා. ඒ දේවලුත් සඳහන් කරනව හොයාගන්න පුළුවන් අයට ඒ විදියට හදාගන්න.

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. චිකන් ස්ටොක් කප් 1\3 (Dashi Stock එක තමා හරි විදියට පාවිච්චි කරන්නෙ)
    2. සීනි තේ හැඳි 2
    3. සෝයා සෝස් මේස හැන්දක්
    4. රයිස් වයින් හෝ රම් හෝ වයිට් කුකින් වයින් මේස හැන්දක් (Sake හෝ Mirin තියෙන අය ඒවා යොදාගන්න)
    5. එලවළු තෙල් තේ හැඳි 2
    6. සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1\2
    7. පිසගත් බත් අවශ්‍ය පමණ (ජැපනීස් රයිස් වඩාත් සුදුසුයි.)
    8. බිත්තර 3

    පෝක් කට්ලට් එක සඳහා

    1. පෝක් පෙති 2ක් අඟල් 1\2ක පමණ ඝණකමට කටු රහිතව
    2. පාන් කුඩු
    3. බිත්තරයක්
    4. පාන් පිටි
    5. ලුණු
    6. ගම්මිරිස්
    7. බැදගැනීමට තෙල්

    MakingKatsuDon-aniwa-01.jpg

    • පෝක් පෙති දෙකේ තැනින් තැන පිහි තුඩකින් අනින්න. එයට ලුණු ගම්මිරිස් ඉස පැය බාගයක් පමණ සීසන් වෙන්න පසෙකින් තබාගන්න. පැය බාගයකට පසු එය පිටි වල තවරා බිත්තර සාරු වල දවටා පාන් කුඩු තවරා ගන්න. පෑන් එකකට අඟලක් පමණ උසට තෙල් දමා අඩු ගින්දරේ පෝක් පෙති දෙක රන් වන් පැහැ වන තුරු බැදගෙන තෙල් බේරීමට ටිශූ මත තබා ගන්න.

    • බිත්තර 3 කඩා බාජනයකට දමා යන්තම් ගසාගන්න. වෙනම බඳුනකට චිකන් ස්ටොක්, සෝයා සෝස්, රයිස් වයින්, සහ සීනි එක් කර මිශ්‍ර කරගන්න.

    • නන්ස්ටික් බඳුනක් ලිප තබා එයට තෙල් එක් කර ලූනු ටික දමා රන් වන් පැහැ ගැන්වෙන තුරු බැදගන්න. එයට බැදගත් පෝක් කට්ලට් එක පෙති කපා එක් කරගන්න. එය මතට සාදාගත් සෝස් එක එකතු කර පියනකින් වසා විනාඩියක් පමණ පිසගන්න.

    • විනාඩියකට පසු පියන හැර පෝක් කට්ලට් කැබලි අනෙක් පස හරවා නැවත විනාඩියක් පමණ වසා තබන්න. ඉන් පසු එයට උඩින් බිත්තර ටික එක් කරගෙන බිත්තරය පිසෙන තුරු වසා තබන්න.

    • පිසුනු පසු පිසගත් බත් උඩින් සාදාගත් බිත්තර සහ පෝක් කට්ලට් එක සෝස් එක සමඟම දමා උණුවෙන්ම පිලිගන්වන්න. කැමති නම් පිලිගැන්වීමට පෙර සිහින්ව කපා ගත් ලූනු කොල ටිකක් හෝ කඩාගත් නොරි කොල ටිකක් හෝ පාස්ලි ටිකක් ඩිශ් එකට උඩින් දාගන්නත් පුළුවන්.

    http://www.aniwa.lk/2017/02/13/1702132-making-katsudon/
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,528
    6,124

    Good