ජපන් ගිය අපේ උන්

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ජපන් ගිය අපේ උන්

    ගොඩාක් උන් මෙහෙ උන්ගේ බයිලා අහලා ගිහිල්ලා අැඩිලා ඉන්නෙ ඉස්සර වගේ නෙමෙ බං ජපානේ දැන්


    Fukuoka-shi, Fukuoka, Japan ·
    .............. ඒ දවස් වල සතියට දවස් දෙකයි නිදාගත්තේ , හිතාගන්න පුලුවන්ද , ඇල්බයිතෝ එක කරද්දී හිටගෙන නින්ද යන්නේ .
    [මෙය මාවිසින්ම ඇසූ සත්‍ය කතාවකි]
    මම ආපු දවස් වල එක ඇල්බයිතෝ (part time job) එකයි මට තිබ්බේ , කොල 60 (කොලයක් රුපියල් 10,000 වගේ ) දෙන්න ඕනේ අවුරුද්දකට නිහොන්ගෝ ගක්කෝ එකට (Japanese ඉස්කෝලේට ) .
    ලංකාවෙන් ණයක් අරන් ආවේ ඒකට ගෙවන්නත් ඕනේ, ජපානේ එන්න ඔක්කොම ඒ දවස් වල ලක්ෂ 13 වගේ යන්වා දැන්නම් ඊටත් වැඩි ඇති . ඉතින් සල්ලි නෑනේ . සතියටම දවල්ට කන්න පාන් ගෙඩියක් ගන්නවා . ඒකේ පෙති පහක් තියෙනවානේ , එක පෙත්තක් එක දවසේ ගානේ දවල්ට කනවා .උදේටයි රැටයි පරිප්පුයි මොනවහරි හදාගෙන කන්වා . ඉස්කෝලේ ට ගෙදර ඉදන් කිලෝමීටර් තුනක් වගේ තියෙනවා . මාසෙට රුපියල් 3000 වගේ යන්වා Train සීසන් එකට . ඒ වගේ පොඩි ගානක් උනත් මට වටින නිසා මම පයින් යන්නේ කෝච්චියේ නැතුව . එක පැත්තකට කිලෝමීටර තුන යන්න විනාඩි 40 ක් විතර යන්වා, පයින් දවසට දෙපාරක් ගිහින් එනවා එක පාරක් ඉස්කෝලේට එක පාරක් ඇල්බයිතෝ එකට . ඉස්සරහ ගෙදර හිටියා ලංකාවේ කට්ටියක් ඒත් මට සල්ලි ඉල්ලගන්න හිතුනේ නෑ . කොහොම හරි මම හොදටම ජපන් ඉගෙන ගත්තා . ඉක්මනින්ම තව job දෙකක් හම්බුනා. එක ජොබ් එකක් තිබ්බේ රෑ 12 ඉදන් උදේ 5 වෙනකන් දවස් 5ක් . ඉතින් සතියටම දවස් දෙකයි නිදාගන්නේ . හැබයි එ ජොබ් එකෙන් මට කොල 19 ක් වගේ හම්බුනා මාසෙට . කොහොම් හරි අවුරුදු 2ක් ඉස්කෝලේ ගිහින් ඊට පස්ස්සේ සෙන්මොන් ( Techincal college ) ගියා . ඒකේ අවුර්දු 2 ඉවර කරලා කොහෝම හරි ස්ථිර job එකක් හොයා ගන්න පුලුවන් උනා,හබැයි තෝකියෝ ඉදලා ටිකක් දුරයි, ඒත් දැන් දවස් පහයි සතියට වැඩ කරන්න ඕනේ . උදේ 9 ඉදන් හවස 6 වෙනකන් . ඒට පස්සෙ නිදහස් . ගෙදර ගිහින් Tv බලලා , ඔහේ ඉන්දලා නිදාගන්නවා හොඳට . මටම හිතෙනවා මම ඉස්සර කොච්චර නම් මහන්සි උනාද, එවගේ ප්‍රතිඵල නිසා නේද මට අද සතුටින් ඉන්න පුලුවන් කියලා .ජපානේ ජිවිතේ ගොඩක් දුකයි, මම ටිකයි ඔය කීවේ. ඉස්සර මට මේ හැමදේම දාලා ගෙදර යන්න හිතෙනවා ඇයි මම ජපන් ආවේ කියලා හිටතෙනවා එත් ලාංකාවේ ණය ගෙවන්න ඕනේ නේද , අම්මලට සල්ලි ටිකක් හොයලා දෙන්න ඕනේ නේද කියලා හිතෙනකොටම ඒක නැතුවෙලා යන්වා . ඒ දවස් වල පොදු වැඩකට තියා පන්සලකට වත් යන්න වෙලාවක් නෑ , හැබයි ඉතින් එහෙම කැපවීමෙන් කරගත්ත නිසා තමා අද මම මෙහෙම ඉන්නේ . දැන්නම් ඉතින් මොකක් හරි ලංකාවේ උත්සවයක් තියෙනවානම් නිවාඩු දාගන්න පුලුවන් , මසෙට දවස් 20 නේ වැඩ කරන්න ඕනේ . ...
    මට ඉතින් කියන්න තියෙන්නෙ හොන්දට ඉගෙන ගන්න , සල්ලි ටිකකුත් මහන්සි වෙලා ඉතිරි කරගන්න කියලා තමා උත්සහය තියෙනවනම් ඕනෙ දෙයක් කරන්න පුලුවන් . අපිම තමා දෙපයින් නැගිටින්න ඕනේ , රෑ වැඩ කලා කියලා කවදාවත් මම ඉස්කෝලේ නිදාගත්තේ නෑ . පිට රටක ජිවිතේ වැඩගත්ම දේ තමා දරාගෙන තමන්ගෙ වැඩ ටික හරියට කරගන්න එක . පොඩි කාලේ ඉදන් අපි අම්මගේ ආදරෙත් එක්ක හැදිලා තනි උනාම ලොකූ දුකක් දැනෙනෙවා . ඒ තනිකම ශක්තියක් කරගෙන උත්සහවෙන්න ඕනේ අපි . කවදා හරි ජීවිතේ ආපස්සට හැරිලා බලනකොට සතුටු කඳුළු ඒවි.

    ප. ලි

    මෙය මාවිසින්ම ඇසූ සත්‍ය කතාවකි. ජපානයේ ජපන් භාෂා ඉස්කෝල වලට එන බොහෝ දෙනක් මෙලෙස උත්සහවන්තතව ජිවිතය ජයගනී . නමුත් සීනාවෙන් සැම දෙයක් ම දරාගෙන සිටීන අය දකින්නට හම්බෙන්නේ කලාතුරකෙනි.

    - පණ්ඩුක නෙළුවල -

    උපුටා ගෑනිමකී








    උපුටා ගැනිම ජපන් ජපන් සෙන්සෙයි
    "මේ අවුරුදේ ජපන් ආපු ඈයොන්ටයි, එන්න ඉන්න ඈයොන්ටයි........"
    මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඳන් ජපානයට උසස් අධ්‍යපනයට පැමිණී ගොඩක් දෙනෙක්ගේන් අහන්න ලැබේන්නේ....
    *අයියෝ! ආපු එක මෝඩ වැඩක්...
    *ලංකාවේ හිටියානම් අඩුම තුන්වේලවත් හරියට කනවා...
    *යකෝ මන් ටයි දාලා වාහනෙන් රස්සාවට ගිය කොල්ලෙක් දැන් පිඟන් හෙඳුවාට..
    *මේක නිකන් මුට්ට කරගහනවා වාගේ වැඩක්නේ බන්...ජපානේ කියුව්වාම මීට මෙහෙම නෙමෙයි හිතන් ආවේ....
    ඇත්ත ලංකාවේ ඉඳ්දී අම්මා උයලා දුන්න එක කාලා,වැඩට ගිහින් ගෙදර එනවා වාගේ නෙමෙයි පිටරටක ජීවිතේ..නොදන්න භාශාවක් නොදන්න සංස්කෘතියක් නුපුරුදු කෑම බීම සහ දේශගුණය මේවාත් එක්ක ඔට්ටු වෙන ගමන් ඉස්කොලේ යන එකයි පාර්ට් ටයිම් වැඩ කරන එක බැලැන්ස් කර ගන්න ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි...
    මුලින්ම කියන්න ඕනෑ මෙහෙ ඇවිත් මාස2 ,3කින් ඉඳන් දැනෙන්න ගන්න "එපා වීම" බොහොම සාමන්‍ය දෙයක් විත්තිය...ජපානේ නෙමෙයි ලොකේ වෙන කොයි රටකට ගියත් ඕක ඔහොමම දැනෙන විත්තියත් ඕක අවුරුද්දක් විතර යද්දී මඟ හැරිලා යන විත්තිය මතක තියා ගන්න.. අළුතෙන් ආපු ගෙදර යන්න ඕනෑ කියලා හිතෙන කට්ටියට කියන්න තියෙන්නෙ කාගෙන තව චුට්ටක් ඉන්න කියලා..අවුරුද්දක් එකාමාරක් යද්දී ජීවත් වෙන්න ජපානේ තරම් හොඳ රටක් නැති තරමට මෙහෙ අල්ලලා යන එක ෂූවර්!
    පිටරටක ජිවිත් වෙන හැටි ගැන උපදෙස් දෙන, ජපානේ ස්ටුඩන්ට් ලයිෆ් එක ගැන විස්තර තියෙන වෙබ් සයිට් ඕනෑ තරම් තිබුණාට එන්න කලින් පොඩ්ඩක් හොයලා බලන් නැති එක අපේ ජාතික පුරුද්දක් හින්දා එන්න හිතන් ඉන්න කට්ටිය වෙනුවෙන් පොඩි පොඩි කාරණා කීපයක් කියන්න කැමැතියි..
    1.ස්ටුඩන්‍ට් වීසා ලැබෙන්නේ ඉගෙන ගන්න..
    ජපානේ විතරක් නෙමෙයි එංගලන්තේ,ඇමරිකා හරි ඔසී යන්න ස්ටුඩන්ට් වීසා ලැබෙන්නේ ඒ රටට ගිහින් ඉගෙන ගන්න කාර්‍යය සඳහා..
    ජපානේත් ඒක එහෙමයි..ආගමන දේපාර්තුමේන්තුවත්,ඔබව භාර ගන්න පාසලත් මුලිකවම ඔබෙන් බලාපොරොත්තු වෙන්නෙ ඉගෙන ගැනීමයි.අනිත් හැම රටකටම වැඩිය ජපානේ එක ඇඩ්වාන්ටෙජ් එකක් තමයි ස්ටුඩන්ට්ලාට සතියකට පැය 28 පාර්ට් ටයිම් කරන්න අවසර පත්‍රයක් නිකුත් කරන එක. ටීවී එකේ දහසක් ඇඩ් අතර තුර චුට්ටං ටෙලි නාට්‍ය කෑලක් පෙන්නවා වාගේ..කාලයක් තිබුනා පර්ට් ටයිම්, අපේ විදිහට කියුවොත් බයිතො ගහන එක මේයින් වෙලා ඉස්කොලේ 80% තියා ගන්න ගියාම ඇති වාගේ කාලයක්... හැබැයි මෑත කාලීන ජපන් රජයේ ප්‍රතිපත්ති දිහා බැලුවාම ඕය සිස්ටම් එකට කෙල වෙන්න පටන් අරන් තියෙන්නෙ..ජපන් රජය පිටරට සිසුන්ට වැඩි ඉඩක් දෙන හේතුව විදේශ විනිමය ගෙන්න ගන්න විතරක් නෙමෙයි, පසුගිය අවුරුද්දේ විතර ආණ්ඩුව කියුව්වා ඉගෙන ගෙන ඉවර වෙලා, යන පිරිස වැඩිය...වැඩි පිරිසක් ජපාන සමාගම් වල රඳව ගන්න ඕනෑ කියන අදහස..ඒකට අනුව අධ්‍යපනය නිම කරන සිසුන්ට මෑතක ඉඳන් වැඩි කරදරයක් නැතිව වර්කින් වීසා ලැබෙනවා. හරියට ඉගෙන ගෙන වෘතිකයෙක් විදිහට එන අයව පිළි ගන්න ලැහැස්තියි වාගේම ස්ටුඩන්‍ට් වීසා තියන් වැඩියෙන් බයිතෝ ගහන අයට වැට කඩුලු බඳින විදිහක් තමයි ආගමන අංශ වල ක්‍රියාකාරිත්වයෙන් පෙන්න තියෙන්නේ..
    2.වර්කින් පර්මීට් එකේ පැය 28 වැඩ කලත් ඇති ගත්ත ණය/වියදම් පියව ගන්න..
    ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි ඕක,ලංකාවේ එවපු එජන්ට් කියුව්වේ එහෙමයි...නැත්නම් ස්ටුඩන්ට් ඉඳන් වර්ක් කරලා සාමන්‍යන් මාසෙට ලක්ෂ 3 ක් විතර හොයා ගන්න පුළුවන් කියලා..ඔය කාරණා දෙකම තඩි බොරු!!!ටොකීයො අවට පාර්ට් ටයිම් එකකට ලැබේන්නේ යෙන් 1000ක් අඩු වැඩි ගාණක්.විසා එක අවදානමේ යොදා නොගෙන වැඩ කරනවා නම් 1000× 28 ×4=112,000ක් ;වැඩිපුර රෑ වැඩ කලොත් තව 25% එකතු වෙනවා. පාසලේ දිර්ඝ නිවාඩු කාල වලට පමණක් දවසකට පැය 8 වෙනකම් වැඩ කරන්න පුළුවන්.
    අමතක කරන්න එපා මෙහේ ජීවන වියදමත් සැහෙන්න සැර විත්තිය, කෑමට බීමට ඉන්න හිටින තැනට ට්‍රේන් පාස් එකට එහෙම සැහෙන්න ගාණක් යනවා..
    3.ෆ්ලයිට් එකෙන් බැස්ස ගමන් පාර්ට් ටයිම් තියෙනවා/ ඉස්කොලෙන් හොයලා දෙනවා කියුව්වා;එජන්ට් හොයලා තියෙන්නේ කියුව්වා
    ඕකත් ආපු අය ගොඩක් දෙනෙක් කියන නොක්කාඩුවක්!
    පාර්ට් ටයිම් එකක් හොයා ගන්න ඉස්කොලේ වාගේම මෙහෙ කලින් ඇවිත් ඉන්න අයත් උදව් කරන අවස්ථා වැඩියි; මොනම ඉස්කොලයක්වත් පාර්ට් ටයිම් අනිවා හොයලා දෙනවා කියලා කියන තැන් මම දන්න තරමින් නෑ.තමනුත් මහන්සි වෙන්න ඕනෑ! සමහර අය මම දැකලා තියෙනවා මාස හතර කට වැඩිය බයිතෝ නැතිව ඉන්නවා.බයිතො එකක් ඉක්මනට හොයා ගන්න පුළුවන් එකම ක්‍රමේ ලංකාවේදී සැහෙන්න ජපන් ඉගෙන ගෙන එන එක.නැට් 5 කොලොත් මැදැයි නෙමෙයි..අඩුම එන් 3 මට්ටමටවත් හදන් ආවොත් කරදර නැතිව හොඳ ජොබ් එකක් හොයා ගන්න පුළුවන්..භාෂාව බැරි වුනොත් ඇඟ වෙහෙසන ජොබ්ක් තමයි හෙව්වත් හම්බ වෙන්නෙ..
    4 සැලැස්මක් ඇතිව එන්න..
    ලැංවේජ් ස්කුල් ඉවර වෙලා මොකද කරන්නේ ඇහුවොත් බහුතරයක්ට අදහස් නෑ. ජපන් ආවේ ඇයි කියලා ඇහුවොත් ආස හින්දා ආවා ඔච්චරයි...
    ලක්ෂ ගාණක් යට කරලා ඇවිත් මෙහෙදී ඉගෙන ගන්න අවුරුද්දු 4,5 ට තව මිලියන් ගණන් ගෙවන්න වෙන එකේ..එන්න කලින් ලැංවේජ් ස්කූල් ඉවර වෙලා මොනවාද කරන්නේ? ඊටත් පස්සෙ ජපානේම දිගටම රැකියාවක් කරන් ඉන්නවාද? වෙන රටකට යනවාද? යනවා නම් ජපානේ ඉගෙන ගන්න දේවල් ඒකට ප්‍රයෝජනවත්ද?ලංකාවට යනවාද? ලංකාවට ගිහින් මොනවාද කරන්නේ? මේ කියන කාරණා ගැන හොයලා බලන්න. දන් නැති තැන් තියෙනවානම් කලින් ඇවිත් තියෙන අයත් එක්ක කතා කරලා බලන්න.ගූගුල් කරලා බලන්න.
    5.අවුරුද්දු 2කට ලක්ෂ 20 විතර ඉස්කුල් ෆීස් ගෙවන එකේ ජපන් හරියට ඉගෙන ගන්න.
    මම මෙහෙ හිටිය කාලේ අද දක්වාම දැකපු දෙයක් තමයි සතියට දවස් 5 ගානේ අවුරුද්දු 2 ක් ලැංවේජ් ස්කුල් ගිහිනුත් අඩුම ජපන් භාෂා ප්‍රවීනතා විභාගේ එන් 2 පාස් කර ගන්නෙත් ඉතාම සුළු පිරිසක් විතරයි විත්තිය.
    ටිකක් මහන්සි වුනත් අවුරුද්දක් හොඳටම ඇති එන් 1 ගොඩ දාගන්න.
    අඩුම මට්ටමේ යුනිවර්සිටි එකකට යන්න වුනත් එන් 2 මට්ටම ඕනෑ.හොඳ යුනිවර්සිටි එකකට එන් 1 විතරක් මදි; එන්ට්‍රස් එග්සෑම් සම්මුඛ පරික්ෂණ පාස් කර ගන්න ඕනෑ...අනික හොඳට මතක තියා ගන්න ලංකාවේ ජොබ් වලට යද්දී රෝයල් ආනන්ද තොමස් වලට තියෙනවාට වඩා ඉහළ සැළකිල්ක් ජපානේ ප්‍රමුඛ සමාගම් හොඳ විශ්ව විද්‍යල වලට දක්වන විත්තිය.
    LikeShow more reactionsCommentShare
    69 スランが フェルネンド and 68 others
    7 Comments
    4 shares
     
    • Like
    Reactions: thilina91

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අර ඇමරිකාවට ග්‍රීන් කාඩ් දෙනකොට හෙන ප්‍රචාරයක් යනව නේද ඇමරිකාවට ඇවිත් දුක් විඳින ශ්‍රී ලාංකිකයෝ ගැන. ඒ වගේ එකක්ද දන්නේ නම් නෑ මේකත්. ජපානෙ ඉන්න අමාරු නම් ලංකාවට එන්න තියෙන්නේ. එතකොට තේරෙයි ජපානේ ඉන්න කොච්චර ලේසියිද කියලා.
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ලංකාවට අාවම ජපන් යන්න වියදම් උන සල්ලි කවුද දෙන්නෙ
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ලංකාවට අාවම ජපන් යන්න වියදම් උන සල්ලි කවුද දෙන්නෙ

    ඒක තමා යකෝ කියන්නේ. මොනවා කීවත් ඔය කියන උන් ආපහු එන්නේ නෑ. ඉන්නවා එහෙට වෙලා. නමුත් අපිට හොඳයි ඒ රටවල් වල විස්තර දැනගන්න මෙහෙම පෝස්ට් දාන එක. සීන් එක මෙව්වා බලලා යන්න ඉන්න උන් යන්නත් කලින්ම අදහස අතාරින්න බලනවා. ඒකයි අරෙහෙම කිව්වේ.