ජපන් ගිය තරුණිය 'නටවන්න' හැදූ 'සිවුරක් දැරූ' තරුණයෙක් අත්අඩංගුවට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජපානයේ පාසලක ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික තරුණියකගේ නිරුවත් ඡායාරූප මුහුණුපොත සහ අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර, ඇයගේ රුපියල් පනස් දහසක මුදලක් බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කළේ යැයි කියන තරුණයෙක් කොළඹ පිටකොටුව ප්‍රදේශයේදී පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

    අත්අඩංගුවට ගැනුණ සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි, කලක් මහණ වී සිටි 27 හැවිරිදි අයකු බව පොලීසිය කියයි. අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි තරුණියක ජපානයේ පාසලක ඉගෙනුම ලැබීමට යැවීමට කලින්මෙරට සිටියදී මුහුණුපොත ඔස්සේ තරුණයකු හඳුනාගෙන, ඔහු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කියයි. මුහුණුපොතෙන් හඳුනාගත් මෙම තරුණිය හෝටල් කාමරයකට කැඳවාගෙන ගිය අවස්ථාවක ඇයගේ නිරුවත් ඡායාරූප තරුණයා විසින් සිය ජංගම දුරකතනයෙන් ලබාගෙන ඇතැයි ද අනාවරණය වී තිබේ.



    පැවිදි දිවියක් ගත කරන වකවානුවේ සිවුර වෙනුවට සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන ලබාගත් ඡායාරූපයක් මුහුණුපොතේ පළ කර, ගිහි නමකින් එය පළ කර ඇතැයි පැවැසේ.

    තරුණිය ශිෂ්‍ය වීසා මත ජපානයේ පාසලක ඉගෙනුම ලැබීමට යාමත් සමග මෙම ප්‍රේම සම්බන්ධතාව නතර කර ඇති අතර, තමා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත්තේ භික්ෂුවක සමග බව ද ඇය දැන සිට නොමැත.

    ප්‍රේම සම්බන්ධතාව නතර කළ නිසා ඇති වූ කලකිරීම මත ගිහි ගෙය අතහැර ගොස්, මහණ වූ බව පවසා, සැකකරු සිවුරු ඇඳගෙන සිටින ඡායාරූපයක් ජපානයේ ඉගෙන ගැනීමට ගිය තරුණියගේ ජංගම දුරකතනයට යවා තිබී ඇතැයි ද එම පොලිස් නිලධාරියා කීය.

    මෙම තරුණිය ජපානයේ සිටින අතරවාරයේ ද ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට සහ මුහුණුපොතට එක්කර ප්‍රසිද්ධ කරන බව පවසා, රුපියල් 75,000ක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන ඇතැයි පොලීසිය කියයි.

    කෙටි නිවාඩුවක් ගත කිරීමට තරුණිය පැමිණ සිටියදී සැකකරු රුපියල් පනස් දහසක මුදලක් ඉල්ලා, තර්ජනය කිරීම නිසා ඇය පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට ගොස් පැමිණිලි කර තිබිණි.

    පොලිස් ළමා හා කාන්තා අපයෝජන දිසා බාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ විශේෂ උපදෙස් මත, සැකකරු කොටු කරගැනීමේ මෙහෙයුමක් එම කාර්යාංශයේ ස්ථානාධිපති සමන්ති රේණුකා මහත්මිය විසින් ක්‍රියාත්මක කරනු ලදුව තරුණියගෙන් රුපියල් පනස් දහසක මුදලක් ලබාගැනීමට පිටකොටුව ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.



    සැකකරු ඒ වන විට සිවුර අතහැර ගොස්, කුලී වැඩ කර ජීවිකාව ගෙන ගොස් සිට ඇතැයි කියති.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ, පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ විශේෂ උපදෙස් මත, කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයුම යටතේ, එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ති රේණුකා මහත්මියගේ ප්‍රධානත්වයෙන්, උප පොලිස් පරීක්‍ෂක චතුරංග හෙට්ටිආරච්චි, පොලිස් සැරයන් අජන්ත (18982), පොලිස් සැරයන් සඳරුවන් (74507) සහ පොලිස් සැරයන් බණ්ඩාර (70507) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යති.

    ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ, පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ විශේෂ උපදෙස් මත, කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයුම යටතේ, එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ති රේණුකා මහත්මියගේ ප්‍රධානත්වයෙන්, උප පොලිස් පරීක්‍ෂක චතුරංග හෙට්ටිආරච්චි, පොලිස් සැරයන් අජන්ත (18982), පොලිස් සැරයන් සඳරුවන් (74507) සහ පොලිස් සැරයන් බණ්ඩාර (70507) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යති.
    දෙසබන්දුවා නැද්ද මේ ලිස්ට් එකට?
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    ජපන් ගිය තරුණිය 'නටවන්න' හැදූ 'සිවුරක් දැරූ' තරුණයෙක්​