ජපානයේ ගුවන් යානා දෙකක් හැපිලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_0b867b0c0c.jpg



    ජපානයේ ටෝකියෝ නුවර හෙනෙඩා ගුවන් තොටුපොළේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් මහා අනතුරක් සිදුවිය.
    අනතුර සිදුවූයේ ගුවන්තොටුපොළට ගොඩබෑමට පැමිණි එයාර් බස් 350 වර්ගයේ මගී ගුවන් යානයක්, ගුවන් පථයේ පිටත් වීමට සූදානම් වූ ජපාන වෙරළාරක්ෂක නිලධාරීන්ට අයත් මගී ගුවන් යානයක ගැටීමෙනි.

    මගී ගුවන් යානය, රට අභ්‍යන්තර ගුවන් යානයකි. එය හොකයිඩෝ සැපරෝ නුවර සිට හෙනෙඩා ගුවන් තොටුපොළට පැමිණියේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 379 දෙනකු සමඟය.

    මගී ගුවන් යානයේ ගැටීමෙන් වෙරළාරක්ෂක නිලධාරීන්ගේ ගුවන් යානය පිපිරී ගිනි ගත්තේය. මගී ගුවන් යානය ද ගිනි ගත් බව පැවැසෙයි.
    වෙරළාරක්ෂක නිලධාරීන්ගේ යානයේ සිටි නිලධාරීන් පස් දෙනා ජීවිතක්ෂයට පත්වූ බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබේ. එම නිලධාරීන්, භූමි කම්පාවෙන් විපතට පත්වුණු වැසියන්ට ආධාර රැගෙන හෙනෙඩා ගුවන් තොටුපොළෙන් පිටත් වීමට සූදානමින් සිට ඇත.

    ගුවන්තොටුපොළ බලධාරීන් සහ ගිනි නිවන භටයන් වහා ක්‍රියාත්මක වී මගී ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු සියලු දෙනා බේරාගත් බවත් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බවත් ජපන් මාධ්‍ය පැවැසීය.

    අනතුරින් පසු හෙනෙඩා ගුවන් තොටුපොළේ සියලු ගුවන් පථ වසා දැමුණු අතර, ගුවන් තොටුපොළට පැණෙන්න වූ සියලු ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළවලට හරවා යැවුණි.

    අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇත.
     
    • Wow
    Reactions: stasia