ජපානයේ ස්ථිර පදිංචිය

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ජපානයේ ස්ථිර පදිංචිය

    ජපානයේ දැනට ජීවත් වන හෝ ජපානයට පැමිනීමට අපේක්ශාවෙන් සීටින ඔබ දීර්ඝ කාලයක් ජපානයේ රැඳී සිටීමට බලාපොරොත්තු වන්නේ නම්, සුදුසුකම් ලද විගස ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීම ඉතාමත් යෝග්‍ය වේ.

    ස්ථිර පදිංචිය යනු නිශ්චිත කාල සීමාවක් නොමැතිව ජපානයේ රැඳී සිටීමට අවසරය ලැබීමයි. මෙහිදී කිසිදු අවහිරතාවයකින් තොරව ඔබට කැමති ආකාරයේ රැකියාවක නිරත විය හැකි අතර වීසා අලුත් කිරීමක් නැත. ස්ථිර පදිංචිය සඳහා වන බලපත්‍රය ජීවිත කාලය සඳහා වලංගු වේ. නමුත් ඔබ වසරකට වැඩි කාලයක් ජපානයෙන් පිටත සිටින්නේ නම් නේවාසික කාඩ්පත අළුත් කිරීමට සිදුවන අතර නැවත රට තුලට ඇතුලත් වීමේ බලපත්‍රයක් ලබාගත යුතුය. එසේම, ජපන් බැංකුවලින් ණය ලබා ගැනීම පහසු වන අතර ඉතාමත් අඩු ලියකියවිලි වලින් ඔබට අවශ්‍ය වැඩ කටයුතු සිදුකරගැනීමට අවස්තාව ලැබේ. ස්ථිර පදිංචිය ලබාගැනීමෙන් ඇතිවන අවාසියක් වන්නේ බදු අයකරගැනීම සඳහා වන නීති ස්වල්ප වශයෙන් වෙනස් වීමයි .

    ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා පහත පරිදි වේ.

    • යහපත් හැසිරීම සහ කල්ක්‍රියාව (අපරාධ වාර්තා, බදු ගෙවීම පැහැරහැරීම්, දඩ හෝ සිරගත කිරීමක් නොමැතිවීම)
    • ප්‍රමාණවත් වත්කමක් හා ස්වාධීන ජීවිතයක් ගත කිරීමේ හැකියාව තිබීම (ස්ථාවර රැකියාවක්, ප්‍රමාණවත් මුදල් ඉතිරියක්)
    • වර්තමාන වීසා තත්ත්වය පවත්වා ගැනීම සඳහා වන සියලු අවශ්‍යතා සපුරාලීම (රැකියා වීසා බලපත්‍රලාභියෙකු නම් එම රැකියාව ඉදිරියට පවත්වා ගැනීම, විවාහ වී කලත්‍රයා මාර්ගයෙන් රැඳී සිටින්නේ නම්, ස්ථාවර විවාහයක් පවත්වා ගැනීම)
    • ජපානයේ වසර 10 ක අඛණ්ඩ පදිංචිය, මෙම කාලය තුල රැකියා වීසා බලපත්‍රයක් (Technical Intern Training and Specified Skilled Worker (i) යන වීසා අදාල නොවේ) යටතේ වසර 5 ක පදිංචිය හෝ පවුල් තත්ත්වය අනුව ලබා දෙන වීසා මත වසර 5 ක පදිංචිය (Spouse of a Japanese national, Long Term Resident, etc..)
    • දැනට ජපානයේ ජීවත්වීමට තිබෙන වීසා එම ඛාණ්ඩය යටතේ ලබාගත හැකි උපරිම කාලය තෙක් ලබාසිටීම (බොහෝ අවස්ථාවල අවුරුදු 3 ක්)
    • ජපානයේ රැඳී සිටි කාල සීමාව තුළ සමාජ ආරක්ෂණ පද්ධතියට අදාල බදු සහ දායක මුදල් (සෞඛ්‍ය රක්ෂණාවරණය, විශ්‍රාම වැටුප්, ආදායම් බදු) ගෙවීම් කාල සීමාව තුල පියවා තිබීම.
    • අවශ්‍ය සියලු දැනුම්දීම් ආගමන විගමන කාර්යාලයට නියමිත කාල සීමාවන් තුල ඉදිරිපත් කර තිබීම (සේවා යෝජකයින් වෙනස් කිරීම, සමාගම් ලිපිනය වෙනස් කිරීම ආදිය වැනි)
    • ස්ථිර පදිංචිය ලබාගැනීමට සහාය වීම සඳහා ඇපකරුවෙකු සිටීම (ජපන් ජාතික හෝ ස්ථිර පදිංචිය දරන්නෙකු)
    • අයදුම් කිරීමට පෙර සහ අයදුම් කිරීමෙන් පසු මාස 6 කට වඩා වැඩි කාලයක් ජපානය තුල රැඳී සිටීම (මාස 12 ක කාලයක් තුළ)

    ඉහත සඳහන් කර ඇති වසර 10 ක අඛණ්ඩ පදිංචි වී සිටීම පහත සඳහන් කාරණා වලදී අවශ්‍ය නොවේ.

    • ජපාන ජාතිකයෙක් හෝ ස්ථිර පදිංචිකරුවකු සමඟ විවාහ වී වසර 3 කට වැඩි කාලයක් එකට ජීවත් වී තිබීම සහ වසරකට වැඩි කාලයක් නොකඩවා ජපානයේ ජීවත් වී සිටීම.
    • ජපාන පුරවැසියකුගේ හෝ ස්ථිර පදිංචිකරුවකුගේ දරුවකු වීම සහ වසරකට වැඩි කාලයක් ජපානයේ ජීවත් වීම.
    • දිගු කාලීන නේවාසික වීසා බලපත්‍ර මත හෝ සරණාගත වීසා මත අඛණ්ඩව වසර 5 කට වඩා වැඩි කාලයක් ජපානයේ ජීවත් වීම.
    • පහත සඳහන් කර ඇති ලකුණු ගණනය කිරීමේ වගුවේ ලකුණු 70 ක් ලබා ගන්නා අයදුම්කරුවන් අයදුම් කරන අවස්තාවේ වසර 3 කට වඩා වැඩි කාලයක් ජපානයේ ජීවත් වීම.
    • ලකුණු ගණනය කිරීමේ වගුවේ ලකුණු 80 ක් ලබා ගන්නා අයදුම්කරුවන් අයදුම් කරන අවස්තාවේ වසරකට වඩා වැඩි කාලයක් ජපානයේ ජීවත් වීම.
      • http://www.immi-moj.go.jp/newimmiact_3/en/pdf/171110_point_calculation_forms.pdf
      • මෙලෙස ලකුණු 80 ක් හෝ ඊට වැඩි දක්ෂතා ඇති වෘත්තිකයෙකු ලෙස වසරකට වැඩි කාලයක් අඛණ්ඩව ජපානයේ රැඳී සිටින අයෙකුට ස්ථිර පදිංචිය සඳහා අවසර ලබා දුන්නද, ඔහුගේ / ඇයගේ කලත්‍රයාට සහ දරුවන්ට එකවර ස්ථිර පදිංචිය සඳහා අවසර ලබා නොදේ. . ඔවුන් වසර 3 කට වැඩි කාලයක් ජපානයේ අඛණ්ඩව වාසය කිරීමෙන් පසු ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
    • රාජ්‍ය තාන්ත්‍රික, සමාජ, ආර්ථික හා සංස්කෘතික ක්‍ෂේත්‍රයන්හි ජපානයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බවට පිළිගත් අය වසර 5 කට වැඩි කාලයක් අඛණ්ඩව ජපානයේ පදිංචිව සිටීම.

    සැලකිය යුතු කාරණා

    ස්ථිර පදිංචිය ලබාගැනීමට අයදුම් කිරීමේදී ඒ සඳහා අවශ්‍ය වන ජපානයේ පදිංචි වී සිටි අදුරුදු ගණන සනාත කිරීමට නගර ශාලාවෙන් අදාල ලියකියවිලි ලබාගත යුතුය.

    අදාල කාල සීමාව තුළ ඔබගේ ආදායම අඩු නම් (විරැකියාව, පාර්ට් ටයිම් රැකියා පමණක් කිරීම, බදු නොගෙවා මුදල් අතට ගන්නා රැකියා කිරීම--මෙහිදී නගර ශාලාව හරහා ඔබගේ ආදායම පෙන්වීම අපහසු වේ), අයදුම්පත ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත.

    ආගමන විගමන කාර්යාලය මගින් ඔබ ජපානයේ සෞඛ්‍ය රක්‍ෂණ යෝජනා ක්‍රමයකට බැඳී සිටින බවට සාක්‍ෂි සොයා බලන අතර එහිදී ඔබ ජපානයේ ජීවත්ව සිටි කාලය තුල සෞඛ්‍ය රක්‍ෂණ යෝජනා ක්‍රමයකට බැඳී නොසිටි බවට හෝ අදාල සාමාජික මුදල් නොගෙවා තිබෙන බවට විස්තර ලැබුනහොත් ඔබගේ අයදුම්පත ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත.

    දැනුමට යමක් එකතු උනා කියල හිතෙනවා නම් මෙන්න මෙතෙනට ගිහිල්ල පොඩි ලයික් එකක් දාල එන්න.
    https://www.facebook.com/guideme2japan
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ජපන් කෙල්ලෙක් බැන්දොත් PR දෙන්න කොචච්ර කල් යනවද?
     
    • Wow
    Reactions: EnIgma001

    hellfreez1979

    Active member
  • Jul 26, 2008
    276
    40
    28
    colombo
    අවුරුදු 3කින් පුළුවන්
    Are you well aware of what you talking about when you give answers just like that?? because people are dead serious.! I know these rules here in japan yes it says they might be able to grant but, not quite certain. it depends. can you give me a 100% guarantee on what you said? cause everyone must know the reality rather than chasing a mirage or wasting their money on consultants. if so, I will call you or contact you as soon as possible to help some few people here in Japan. please correct me if I'm wrong. waiting for a crystal clear explanation.

    Thank you
     
    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Are you well aware of what you talking about when you give answers just like that?? because people are dead serious.! I know these rules here in japan yes it says they might be able to grant but, not quite certain. it depends. can you give me a 100% guarantee on what you said? cause everyone must know the reality rather than chasing a mirage or wasting their money on consultants. if so, I will call you or contact you as soon as possible to help some few people here in Japan. please correct me if I'm wrong. waiting for a crystal clear explanation.

    Thank you
    Hello...
    I'm well aware of what I'm saying. Just to be clear, I'm giving away the information which are general and open to the public (all of the above information are available on the website of Ministry of Justice). These are the basic requirements to apply for a permeant resident visa in Japan and I'm not giving any guarantee to the people here as the visa issuance is done by the government. There are lot of conditions when applying for a PR and they are different for each case. I kindly ask you to read my post again as I have not mentioned anything about how to apply, what documents needed or how long it's going to take. As I mentioned earlier, these are just basic requirements and if you have these you are qualified to apply for PR. But that doesn't mean that you're going to get it.

    So the crystal clear answer for your question is, if you're married to a Japanese national or a PR holder for more than 3 years and lived here in Japan for more than one year continuously, then you can apply to get a PR.
     
    Thanks a lot for your reply. Now you speak responsibly.good.! however when somebody asks a question please give a clear explanation like you just did, or simply Say the word "eligible" or applicable, then people will not depend on it. I was referring to the comment by dxx. giving hope to somebody as a consultant you better know the consequences if things went wrong you might lose your head someday if the guy spent lots of money on it. im not saying you are taking money of cause, as it appears on your FB page you do it for free. when you guide i meant. please don't ever say "පුළුවන් " ගෙදර වගේ. !! as far as I know Japan is one of the toughest countries to get a PR. but Dudley, wife, son, and daughter took the PR Within a one visit to Japan. they took it even, when they were in Sri Lanka.lol. (how? when? and the source are confidential) it's only for your knowledge and not to criticize someone's personal life. so here in Tokyo within 3 years අල තමා මල්ලි for simple Japanese national Marriages.......
     
    Thanks for the comment. To make things clear, the post itself explains the minimum requirement to get a PR after marrying a Japanese national. As I told you earlier, I'm just giving the basic requirements to APPLY for PR, and it doesn't mean that anyone who fulfill the basic requirements will get it once they apply. And one more thing, if your intention is to marry a Japanese girl and get the PR eventually, that of course is a tuff goal. But, coming to your last statement, I can patch you up with few people who got the PR right after 3 years of marriage (in Tokyo). 😃😃
    Finally, getting a PR is not an easy process, but it's not also hard if you have proper qualifications. As an example, it will be hard for someone who comes to Japan as a student, get married to a Japanese girl within a year, and apply for PR after 3 years. On the other hand, it will be not that hard for someone who work here in a company for few years, get married to a Japanese girl and apply for PR later. It all depends on how suitable you are to get it.