ජපානය, ඉන්දියාවට මෙරටදී හයිබ්‍රීඩ් වලින්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ජපානය, ඉන්දියාවට මෙරටදී හයිබ්‍රීඩ් වලින්

ජපාන දෙමුහුන් වාහන හෙවත් හයිබ්‍රීඩ් වාහන මෙරට වෙළඳ පොළේ වැඩිපුර විකිණීම හමුවේ වටිනාකම අනුව ගත්විට මෙරට වාහන වෙළඳ පොළේ ජපාන කොටස වැඩිවෙමින් තිබෙන බව අනාවරණය වේ.

මේ අනුව, ලංකා වාණිජ මණ්ඩලය නිකුත් කර තිබෙන විශ්ලේෂණ වාර්තාවකින් පවසා තිබෙන්නේ 2010 දී සියයට 33 ක්වූ මෙරට වාහන වෙළඳ පොළේ ජපාන කොටස මේ නිසා 2011 වසර අවසාන වනවිට සියයට 36 ක් දක්වා වැඩිවීමට හේතුවී තිබෙන බවයි.
මෙහිදී, අනාවරණය කර තිබෙන්නේ මෙරට මෝටර් රථ වෙළඳ පොළේ ප්‍රමුඛයා ලෙසින් වැජඹෙන ඉන්දියානු කොටස වටිනාකම අනුව ගත්විට සියයට 51 ක සිට 45 ක් දක්වා අඩුවී තිබෙන බවයි. තුන්වන තැන චීනයට ලැබී තිබෙන අතර වටිනාකම අනුව චීන කොටස සියයට 5.0 කි.
වාහන ආනයන වියදම 2010 දී රුපියල් බිලියන 117 ක සිට 2011 දී රුපියල් බිලියන 219 ක් දක්වා වැඩිවී තිබෙන බව මෙම විශ්ලේෂණයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

2011 වසරේදී මෙරට මෝටර් රථ 57,886 ක් ලියාපදිංචි වී තිබෙන බවත් එය 2010 වසරට සාපේක්ෂව සියයට 11 ක වැඩිවීමක් බවත් ගිය වසරේදී ලියාපදිංචි වූ සියලුම වර්ගයේ වාහන ප්‍රමාණය 525,421 ක් බවත් ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි.
ගිය වසරේ යතුරු පැදි 250,000 කට වැඩි ප්‍රමාණයක් මෙරට ලියාපදිංචි වී තිබේ.

ගිය වසරේදී මෙරටට පැමිණි හයිබ්‍රීඩ් වාහන ප්‍රමාණය සියයට 438 කින් වැඩිවී තිබෙන අතර හයිබ්‍රීඩ් වාහන 5,927 ක් පැමිණ තිබෙන බව හෙළිවේ.
ලංකා වාණිජ මණ්ඩලය පවසා තිබෙන්නේ ඉන්ධන මිල වැඩිවෙමින් තිබීම හමුවේ මෙම වාහන මෙරටට පැමිණීම තවදුරටත් ඉහළ යනු ඇතැයි විශ්වාසය පළ කරන බවයි.



meya vimasuma web adawiyen uptagath lipiyaki


 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ela. indian, china cha baanda adu wena eka nam loku deyak.

    hybrid wala maintenance cost eka thama awla. battery pack eka patta ganan. 5 year wage yanna kalin oka danna wenawa lu. eka laksha 4 ta wadi.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය කතාවනම් සම්පුර්ණ ඇත්ත වෙන්ඩ ඇති
    දැන් බලන බලන හැමතැනම හයිබ්‍රිඩ්
    එත් ලංකාවේ මිනිස්සුන්ට සල්ලි නැතිලු......................
    :D:D:D:D