ජපානය කැවුම් දෙකක් දීසියක දමා ගෙන අවුත් මෙසේ කීවාය. "අයියේ, අපි මේ කැවුම් දෙක කමු..." ලලිතසිරි: "මෙතැන කැවුම් තුනයි නේ නංගී...!" ජපානය: "නෑ අයියේ, දෙකයි..." ලලිතසිරි: "නෑ නංගී, කැවුම් තුනයි... මේ බලන්න. එකයි, දෙකයි... එකත් දෙකත් කීයද නංගී ?" ජපානය: "එකත් දෙකත් තුනයි අයියේ..." ස: "එහෙනම් දෙකයි කීවේ ? මෙතැන කැවුම් තුනයි..." ජපානයට ලලිතසිරිගේ ලොජික් නොතේරී, "කැවුම් දෙකමයි" කියමින් හැඬුවාය. මේ කථාව අසාගෙන සිටි බංගලාදේශය එතැනට අවුත් කථාවට වැටුනේය. බංගලාදේශය: "මෙතැන කැවුම් කීයද ලලිතසිරි... ?" ලලිතසිරි: "තුනයි..." බංගලාදේශය: "බොහොම හරි... ඉතින් අපි තුන්දෙනා මේ කැවුම් තුන කමු. මෙන්න මට දෙකක්... ජපානය හොඳ නම ගන්න.... ලලිතසිරි කන්න තුන්වැනි එක...!" මෙසේ කියා, කැවුම් දෙකක් බංගලාදේශය කෑවේය. ජපානය ක්‍රෙඩිට් එක ගත්තාය. ලලිතසිරි සතුටින් තුන්වෙනි කැවුම කෑවේය. Bangladesh opens first metro funded by Japan Details: https://bit.ly/3GoRN3T
See less