ජපානය මොකද හිතන්නේ ?

aniki

Junior member
  • Dec 9, 2023
    24
    49
    13
    ජපන් යමුද

    ★සරලව ලියා ඇත.★

    ශ්‍රී ලංකාවේ අයට ජපන් යන්න ලේසිම ක්‍රම දෙකක් තියනවා
    1.student වීසා
    2.SSW වීසා (1) (අවුරුදු 5කට)
    3.SSW වීසා (2) (වීසා කාල සීමා නොමැත)

    ★1.student වීසා
    සල්ලි තියනවනම් මම කියන්නේ student වීසා තමා හොදම. ඉදිරියට යන්න පැති ගණනාවක්ම තියනවා.
    උදාහරන :
    student වීසා→ජපන් භාෂා පාසල(අවුරුදු 2)→වෘත්තීය පාසල හෝ විශ්වවිද්‍යාලය (අවුරුදු 2හෝ 3 හෝ 4) →ජොබ් වීසා
    student වීසා→ජපන් භාෂා පාසල(අවුරුදු 2 ඉවර කරන්නේ නැතුව)→(අවශ්‍ය කරන විභාග 2 සමත්වූ පසු) →SSW වීසා එකට මාරු වෙන්න පුළුවන්.
    ඊට අමතරව citizen හරි PR හරි apply කරන්න පුළුවන්.(citizen හරි PR ගන්න බෑ කියල කියන්නේ බොරු හැබැයි අමාරුයි ගත්ත කට්ටිය ඕන තරන් ඉන්නවා)
    citizen apply කරන්නත් පුළුවන් PR එකට කලින් (student වීසා අවුරුදු 5+ජොබ් වීසා 3කින් වගේ)
    අවුරුදු 10ක් හිටියොත් (student වීසා+ජොබ් වීසා) PR apply කරන්න පුළුවන්.

    ★★★සැ.යු
    ★ජපානයේ අධ්‍යාපනය අවසන් කරලත් IT හරි වෙනත් office ජොබ් වලට යන්න බැරි ඇයි ? (මගේ දැක්ම)
    1.ජපන් භාෂාව කතා කරාට ලියන්න කියවන්න බැරි නිසා.
    2.IT ජොබ් වලට ජපානයේ english බලනවා, කියන්න කණගාටුයි ලංකාවේ උන්ට english අමාරුයි. (ජපානේට english අවශ්‍ය නෑ කියන්නේ බොරු)
    3.තනියම ජොබ් හොයලා බලන්නේ නෑ තව පුද්ගලයින් හරහා යන්න හදන නිසා.
    4.මුලින්ම ලොකු පඩියක් බලාපොරොත්තු වෙන නිසා.

    ★student වීසා එකට ලංකාවේ අය කෙලව ගන්න හැටි.
    1.පමණ ඉක්මවා part time ජොබ් කිරීම.(සතියට 28h ok)(අහුවෙන්නේ නැතිවෙන්න කරන එක තමුන්ගේ හැකියාව මත රදා පවතියි)
    2.පාසල් නොයාම (පැමිනීම නැත්තං next time visa renew කරන්න බෑ)
    3.ජපාන නීති විරෝදී හා විනය විරෝදී වැඩ නිසා පාසලෙන් නෙරපීම.
    4.ජපානයේ දැනට ඉන්න කාලකන්ණින්ට හසුවී refugie apply කිරීම (refugie දෙන්නේ නැත)

    2.SSW වීසා වර්ග දෙකක් තිබේ වර්ග (i) සහ වර්ග (ii).

    ජපන් භාෂා විභාගය සමත් විය යුතුයි JLPT හෝ JFT දෙකෙන් එකක්.
    වැඩ කිරීමට කැමත්ත දක්වන ක්ෂේත්‍රයේ විභාගය සමත් විය යුතුය.(Resturent නම් resturent සම්බන්ද විභාගය) student වීසා වගේ මුදල් යන්නේ නෑ.ඉහත තියන විභාග දෙක සදහා යන මුදල් පමණි.හැබැයි අතරමැදියෙක් හරහා අවොත් මුදල් යයි.(හොරුන්ට අහුවෙන්න එපා)

    ★වර්ග (i) වීසා යටතේ පවුලේ කට්ටිය ගෙන්නන්න නොහැක.(වීසා අවුරුදු 5)
    ★වර්ග (i)ට අදාලවන ජොබ් වර්ග.

    හෙද සත්කාර
    ගොඩනැගිලි පිරිසිදු කිරීම
    ඉදිකිරීම් කර්මාන්තය (නිවාස, ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම් කරන රැකියා)
    යන්ත්‍ර කොටස් සහ මෙවලම් කර්මාන්ත
    කාර්මික යන්ත්‍රෝපකරණ කර්මාන්ත
    විදුලි, ඉලෙක්ට්‍රෝනික හා තොරතුරු කර්මාන්ත
    නැව් තැනීම සහ නැව් යන්ත්‍රෝපකරණ කර්මාන්ත (නැව් තැනීමේ රැකියා)
    මෝටර් රථ අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම
    ගුවන් සේවා කර්මාන්තය
    හෝටල් කර්මාන්තය
    කෘෂිකර්මාන්තය
    ධීවර හා ජලජීවී වගාව
    ආහාර හා බීම නිෂ්පාදනය
    ආහාර සේවා කර්මාන්තය

    ★වර්ග (ii) වීසා යටතේ පවුලේ කට්ටිය ගෙන්නන්න පුළුවන්.(වීසා කාල සීමා නොමැත)
    ★වර්ග (ii)ට අදාලවන ජොබ් වර්ග.

    ඉදිකිරීම් කර්මාන්තය (නිවාස, ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම් කටයුතු කළමනාකරණය කිරීම් රැකියා)
    නැව් තැනීම සහ නැව් යන්ත්‍රෝපකරණ කර්මාන්ත (නැව් තැනීම් ක්‍රියාවලීන් කළමනාකරණය කිරීම)

    ★★★සැ.යු
    1.ජපන් භාෂා සහ අදාල ක්ෂේත්‍රයේ විභාගය අනිවාර්යෙන් සමත් විය යුතුයි.එම විභාග නොමැතිව කිසිම විටකින් මෙම SSW වීසා බලපත්‍රය ගන්න බැහැ.(පුළුවන් කියන උං පට්ට හොරු බව මතක තියා ගන්න)
    2.මෙම රැකියා සියල්ල පොදුවේ ජපානයේ කම්කරු ගණයට අයත් ජොබ්වේ එම නිසා ඔබට රැකියාවේ දී යම් යම් ගැටළු වලට මූන පාන්න වෙනවා.උදා :පඩිය අඩුයි,වැඩ කරන වෙලාව වැඩී සහා බැනවැදීම,අප්‍රිය කිරීම,පහර දීම වැනි දේවලුත් වාර්තා වෙනවා.පහලින් youtube ලින්ක් ටිකක් දාන්නම්.

    1.video
    2.video
    video කියන තැන click කරලා බලන්න .

    ජයවේවා!
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,171
    43,184
    113
    සේදවත්ත
    ජපනාය වයසට යන නිසා දැන් පිටින් ගන්නවා . අනික ලොකු පයියවල් රටට එන නිසා ජපන් කෙල්ලොත් මනාපයි
     
    • Haha
    Reactions: netnet