@2osama @kkroxc @TechnWeb @EVC @Nidarshana_k @Don GasCan @GoodDetective @Gunther
ජප්පෝ racist ද ? සරල උත්තරය ඔව්.
හැබැයි ඕක ගොඩක් බලපාන්නේ ලංකාවේ මිනිස්සු මනින මිම්මෙන් ජප්පන්ව මනින්න ගියාම.
ශ්‍රී ලංකාව වෙනයි ජපානේ වෙනයි.මුලින්ම ඒක තේරුම් ගන්න ඕන.
උදා :ශ්‍රී ලංකාවට වෙන රටකින් එන ඕනෑම එකෙක්ව ලංකාවේ උන් communicate කර ගන්න බැරි වුනත් රෙද්ද අස්සේ දාගෙන කන්න බොන්න දෙනවා.ජප්පන්ට පිස්සු නෑ වෙන රට වලින් උන්ගේ රටට එන උන්ව ඔලුව උඩ තියං නටන්න.
අනික ඔය racist කතා කියන හුගක් ජපානයේ කර්මාන්ත ශාලා වල වැඩ කරන කට්ටිය වෙන්න ඕන මොකද ඒ වල ජොබ් වලට එන්නේ ජපානේ ඉන්න ටිකක් ඉගැනීම වගේ දේවල් අඩු උන් .SSW ජොබ් වල ඉන්න ජප්පොත් ඒ වගේ තමා.හැබැයි student visa වගේ ඇවිල්ලා හොදට ඉගන ගත්තොත් හොද office එකක ජොබ් එකක් හොයා ගන්න පුළුවන් (ලේසි නෑ).එතකොට මහා ලොකුවට racist කතන්දර බලපාන්නේ නෑ.
සැ .යු
★හොද ජොබ් එකකට යන්න english ඕන.(english ඕන නෑ කියන්නේ බොරු)
★ඉක්මනට සල්ලි හොයන්න හදන කට්ටියට ජපානේ හරියන්නේ නෑ .
★ඉක්මනට PR හෝ citizen ගන්න හිතන කට්ටියටත් ජපානේ හරියන්නේ නෑ .(අනිවා ගන්න පුළුවන් ටිකක් කල් යනවා)
★ජප්පොත් එක්ක ආතල් ගන්න කන්න බොන්න ජපන් උන් ගේ ගෙවල් අස්සේ රිංගන්න
කොටින්ම කියනවන ලංකාවේ උන් වගේ ජප්පන් වත් ආශ්‍රය කරන්න හිතන් ඉන්න උන්ටත් ජපානේ set වෙන්නේ නෑ.
★★හැබැයි ශ්‍රී ලංකාවත් එක්ක ජපානය compare කරහම අහසයි පොලොවයි වගේ.අපිට ජප්පන්ගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා.නිවැරදි විදියට ජපානෙට ඇවිල්ල ඉගන ගෙන හොද ජොබ් එකක් කරන්න පුළුවන් කිසිම අවුලක් නෑ. comment වල දාල තියන තරන් ජපානය ජරා රටක් නෙමේ.ප්‍රශ්නය තියෙන්නේ ලංකාවේ උන් හුගකට ජපන් විදියට හැඩ ගැහෙන්න බැරිකම තමයි.
ජයවේවා !