ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියන් සරසවියට ගමන් ගන්නා අතුරු මාර්ගයක නිරුවතින් සැඟව සිට ලිංගික අවයව ප්‍රදර්ශනය කරමින් විවිධ ක්‍රියාවල යෙදුණු පරිගණක තාක්ෂණ ශිල්පියකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම, ගනේගම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වන (38) හැවිරිදි එක්දරු පියකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා බිරිය, දරුවා සහ බිරියගේ මව සමඟ මහරගම නාවින්න පාර ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක හිඳිමින් බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක පරිගණක තාක්ෂණ ශිල්පියකු ලෙස සේවය කර තිබේ.
සේවයට යන සෑම දිනකම උදෑසන සිය වෑන් රථයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යාබද කැම්පස් පාර ප්‍රදේශයට පැමිණ එහි අතුරු මාර්ගයක කැලෑබද පෙදෙසක රැඳී සිටිමින් සිය ඇඳුම් පැලඳුම් ගලවා නිරුවතින් ලිංගික අවයව ප්‍රදර්ශනය කරමින් මාර්ගයේ ගමන් ගන්නා සිසුවියන්ට පෙනෙන සේ ශරීර අවයව ප්‍රදර්ශනය කරමින් විවිධ ලිංගික ක්‍රියාවල යෙදී තිබේ.
මාස හතරක පමණ සිට සැකකරු මෙම ක්‍රියාවේ යෙදී ඇති අතර ඊට මුහුණ දුන් ඇතැම් සිසුවියන් අවස්ථා කිහිපයකදී අනතුරුවලට ලක් වූ අවස්ථාද ඇති බව පැවැසේ.
මේ සම්බන්ධයෙන් සිසුවියන් තිදෙනකු සිදුකළ පැමිණිලිවලට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතා විසින් නිලධාරි කණ්ඩායමක් ප්‍රදේශය අවට ආවේෂණ රාජකාරියේ යොදවා සිටියදී සැකකරු පැමිණ මෝටර් රථය ප්‍රධාන මාර්ගයක් අසල නවතා අතුරු මාර්ගයට ගොස් පාළු ස්ථානයකදී සුපුරුදු ක්‍රියාවේ යෙදීමට සූදානම් වෙද්දී අවට රැකවලා සිටි පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේදී සැකකරු සිසුවියන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කළද ඇතැම් සිසුවියන් විසින් සැකකරුගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කර තිබූ අතර එම වීඩියෝ දර්ශන ඉදිරිපත් කිරීමත් සමඟ සැකකරු කළ වැරැද්ද පොලිසිය හමුවේ පිළිගෙන තිබේ.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ එම මාර්ගය හරහා රූමත් සිසුවියක් සරසවියට ගමන් ගන්නා බැවින් ඇය පිළිබඳව ඇති වූ ආදර හැඟීමක් නිසා තමා මෙම ක්‍රියාවට ඇල්මක් දැක්වූ බවත් එය මාස හතරක පමණ සිට සිදුකර ඇති බවත්ය. අත්අඩංගුවට ගත් සැකකරු බම්බලපිටිය ප්‍රදේශයේ සුප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක පරිගණක තාක්ෂණ ශිල්පියකු ලෙස සේවය කරන බවත් මොහු එක්දරු පියකු බවත් පැවැසේ. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ජයසූරිය, කාන්තා උප පොලිස් පරීක්ෂිකා දමයන්ති ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.
(කොට්ටාව- ප්‍රදීප් කුමාර)