ජම්බො ජොලි එකේ ඉතිහාසය

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    ජම්බො ජොලි එකේ ඉතිහාසය

    අයිස් පලම් නැත්තම් පොප්සිකල් කියන්නේ ලොකු පොඩි කවුරුත් කැමති දෙයක්. අපේ රටේ නම් ප්‍රසිද්ධම පොප්සිකල් එක තමා ජම්බො ජොලි.
    එත් ලෝකේ පලවෙනි පොප්සිකල් එක හැදුවේ කව්ද කියල දැනගන්න කැමතිද? ඒක කලේ අවුරුදු 11ක පොඩි ලමයෙක්. එයාගේ නම ෆ්‍රෑන්ක් එපර්ස්න්.
    එයා දවසක් අමතකවෙල සෝඩා වතුර කෝප්පයකට දිය කරන ලී හැන්දක් දාලා ගෙදර ඉස්තොප්පුවේ දාලා ගියා. එදා රෑ ගොඩක් සීතල වුනා. උදේ නැගිටල බැලුවම ෆ්‍රෑන්ක් ලෝකේ පලවෙනි පොප්සිකල් එක දැක්කා. එයා ඉස්සල්ලම ඒකට කිව්වේ “එප්සිකල්” කියලා. අවුරුදු 18 ක් යනකම් ෆ්‍රෑන්ක් මේක ගැන කාටත් කිව්වේ නැහැ. එයා එයාගේ ලමයිට විතරක් මේ රහ අයිස් එප්සිකල් එක හදල දුන්නා.


    epperson-popsicle-inventor-granddaughter.jpg


    1923 අපි හැමෝගෙම වාසනාවට ෆ්‍රෑන්ක් පොප්සිකල් එක වෙළඳපොලට ඉදිරිපත් කලා. ඒකේ පේටන්ට් එකකටත් අයදුම් කරා.
    පොඩි ලමයෙකුගේ අමතකවීමක් නිසා ලෝකෙට මේ වගේ නියම දෙයක් ලැබුනා.
    අද ඇමරිකාවෙ පොප්සිකල් බ්‍රෑන්ඩ්ස් 30ක් විතර තියෙනවා. අවුරුද්දකට බිලියන් දෙකක් විතර පොප්සිකල් විකිනෙනවා. චෙරි ෆ්ලේවර් එක තමයිලු ගොඩාක් ජනප්‍රිය.




    පොප්සිකල්, මෙතනින් ගෙඩිපිටින් ඉස්සුවෝ :rofl:
     
    • Like
    Reactions: L KNG and Error365!

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    විද්‍යාවෙත් තියෙන ගොඩක් සොයාගැනීම් වැරදීම් නිසා වෙච්ච දේවල්
    :dull::dull::dull: