ජම්ඹු ගහෙන් වැටීමේ උත්සවය - Big Girl Party !!

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ජම්ඹු ගහෙන් වැටීමේ උත්සවය - Big Girl Party !!

    670px-Enjoy-Being-Young-Step-1.jpg




    ඉස්සර 8, 9 පන්තිවලදී කෙල්ලෝ එක පාරට මිසින් වන්නෝය. සතියක් හෝ ඊට වැඩි කාලයක් පාසල් නොපැමිණෙන ඔවුන් ඊට පසුව පාසලට එන්නේ කේක් පෙට්ටියක් හෝ, සාරියක් හෝ, කුමක් හෝ තෑග්ගක අතැතිවය. උදේම එය ටීචර් අතට දී බිම දණ ගසා වඳින අතර සමහර විටක එදිනට ඔවුන්ගේ දෙමව්පියෝද පැමිණෙන්නෝය. මේ සිද්ධ වන්නේ කුමක්ද? ඔවුන් එකපාරට අතුරුදහන් වූයේ කොහේද? තෑගි අරන් පාසල් ආවේ ඇයිද? යන කරුණු ඒ කාලයේ අපේ සිත් තුල කැකෑරෙමින් තිබුණු බව නම් සැබෑය. එහෙත් බහුතරයක් නොදත්, දැන සිටි එවුන් සිනාසුණු, දැන සිටි තවත් අය නිහඩව සිටි ඒ කරුණු අපට වැටහුණේ ටිකක් කල් ගිය විටය.

    පසු කාලීනව අපේ උන් ඒවාට නියම නම් කියන්නට වූවෝය. ජම්බු ගහෙන් වැටීම, ලොකු ලමයි වීම, නැතහොත් ඒකි වැටිලා බං කියා හෝ භාවිත කරන්නට පටන් ගත් නිසා සීන් එක සාමාන්‍යකරණය වූයේය. ඒ අපේ පාසල මිශ්‍ර එකක් වූ නිසාය. සමහර දාට කෙල්ලන්ව පාර්සල් කොට පන්තියෙන් එළියට රැගෙන යන්නේ ටීචර්ලි විසින්ය. සමහරදාට මුත්තරා කරන්නට ටොයිලට් ගිය කෙල්ලන් පන්තියට එන්නේ අමුතු සීන් එකෙන්ය. ඉන්පසු ටීචර්ට හෝ තම මිතුරියන්ට කනට කොට යමක් පවසා ඇය එදිනම පන්තියෙන් ඉවත්ව යන්නේ නිවාඩුවක් ගත කරන්නටය. අපේ එවුන් ඒ ලමයාට සිද්ධ වූයේ කුමක්දැයි හොයන්නට නොයන්නේ සිද්ධිය වටහා ගත් නිසාය. පුංචි කාලේ දිනක් කොල්ලෝ සැට් එකම පන්තියෙන් එළියට දමන්නට තරම් අපේ ගුරුතුමියක් කුරිරු වූවාය. එදා ආතල් එකේ එළියට පැන්න අපි සෙල්ලම් කරන අතරතුර ටීචර් අර කෙල්ලව පාර්සල් කොට හොදින් ආවරණය කරගෙන ගෙදර යැව්වාය. බොහෝ විට වල් කොල්ලන් යැයි, පැහිච්ච එවුන් යැයි හංවඩු ගැසෙන කොල්ලෝ ඒ කාලේ මේවා නොදන්නෝය. එහෙත් කෙල්ලෝ දන්නේය. ඒ අතින් බලන විට කෙල්ලෝ කොල්ලන්ට කලින් පරිතනත වන බවක් හැගෙන්නේය. ඒත් බබාසේ හැසිරෙන්නේද උන්මය.

    උක්ත අකරතැබ්බය සිදුවූ පසුව කෙල්ලව කොල්ලන්ට නෙපෙනෙන ලෙස සඟවන්නේ මන්දැයි මගේ සිත තවමත් ප්‍රශ්න කරන්නේය. එසේ සඟවාගෙන ගෙදර ගෙනියන ඇයව පිරිමි පාර්ශවයට නොපෙනෙන ලෙස කාමරයක සිරකර තැබෙන්නේය. එසේ තබා සතියකින් හෝ එළැඹෙන නැකැත් දිනයකදී එළියට ගන්නේ හොඳින් නාවාය. එලෙස තැබීමේ පරමාර්ථය මා දන්නේ නැතිය. බටහිර රටවල පවා මෙවන් චාරිත්‍රයක් නැතිය. මේ සම්බන්ධව දැන උගත් මිතුරෙකුගෙන් විමසා සිටි කළ ඌ කියා සිටියේ මෙවැනි චාරිත්‍ර අතීතයේ සිරිලංකාවේ කළේ රජතුමාට අන්ත: පුරයට කාන්තාවන් වැඩි කර ගත යුතු නිසාය. මෙවැනි චාරිත්‍රයක් මඟින් අලුත යොවුන් වියට පා තැබූ කෙල්ලන් හඳුනාගත හැකි බවත් එමඟින් රජා ඒ කෙල්ලව උස්සාගෙන එන බවත් කියා සිටියේය.

    ගහෙන් වැටුනු පසු, සිදුවූ හානිය සුවපත් වනතුරු කාමරයක රඳවා ගන්නා කෙල්ලන් කොල්ලෝ දැකීම නරකද? යන කාරණාව පිළිබඳව මා සොයා බැලුවෙමි. බොහෝ විට එලෙස කාමර ගත වන්නා වූ කෙල්ල කාමරයේ සිටින්නේ කම්මැලිකමෙන්ය. කරන්නට දෙයක් නැති නිසා කාමරයට රිංගන කෙල්ලන් සමඟ කියවීම කළ හැකිය. එයද වැඩි දවසක් කළ නොහැකි නිසා ගෙදර තිබෙන ටීවී එක කාමරයට අඳන්නේය. ඉන්පසු කෙල්ල කාමරයට වී ටීවී එක බලන්නීය. එවිට ටීවී එකේ සිටින පිරිමින් දෙස ඇය නොබලා සිටින්නේද? එය ආතල්ම කාරණයක්ය. පුංචි කාලේ දවසක් සෑමා මේ කිසිවක් නොදැන කොටහළු ගෙදරකට ගියේය. අම්මා, අක්කා, සමඟ ඒ ගෙදරට ගිය සෑමා අම්මා පස්සේම ගොස් කොටහළු කෑල්ල සිටි කාමරයටම ගියේය. කාමරය ඇතුලේ ගෑණු විමානයක්ය. ඒ අතර සෑමාද හිඳගන්නට තැනක් නොමැතිව හිඳගත්තේ කොටහළු කෑල්ලගේ ඇඳමතය. විනාඩි කිහිපයකින් ඒ කෑල්ලගේ අම්මා “අඩේ.. මේ කොල්ලත් මේක ඇතුලට ඇවිත්..“ කියමින් සෑමාව එළියට ඇඳ දැම්මාය. කිසිත් නොදත් සෑමා එළියට විත් කල්පනා කළේ “යකෝ ඒක ඇතුලේ බලන්න තරම් දෙයක් නැතුව.. මාව මොන බම්බුවට එළියට දැම්මාද“ කියාය.

    ඉස්සර කෙල්ලෙක් ගහෙන් වැටුනාම ඒ ගැන තැන තැන කියවන්නේද නැතිය. බොහෝවිට අඩු වයසින් වැටුණු විට එහි රහස්‍ය බව පිළිබඳව හෙන සැලකිල්ලක් දක්වන්නේය. ඒ කාළයේ එලෙස තිබූ තත්වය දැන් වෙනස්ය. කෙල්ලෙක් වැටුණු විට හත් ගමටම මඟුල් කීමට තරම් අඬබෙර ගැසෙන්නේය. බොහෝ විට කාඩ් පවා ප්‍රින්ට් කර ජනතා සතු කරන්නේ පාටියට එන්න කියමින්ය. ඉස්සර කාඩ් ගැසුවේ මඟුල් වලට පමණක්ය. දැන් වෙඩින් මඟුල් වලට පවා කාඩ් ගැසෙන්නේය. වෙඩින් මඟුල් යන අනුවර්ථනාමය භාවිත කරන්නේද කොටහළු ඒවාටය. එලෙස ප්‍රසිද්ධ කරමින් මඟුල් කන්නට තරම් ලොකු දෙයක් ලෙස සමහරු ගහෙන් වැටීමේ සංසිද්ධිය භාවිත කරන්නෝය.

    මෙම මාතෘකාව පිළබඳව සහ ඒ අත්දැකීම් පිළිබඳව හොඳින් කතා කළ හැකේකේ ගහෙන් කෙල්ලෙක්ට මිස අන් කවර අයෙකුට වත් නොවේ. මේ පිළිබඳව පිටස්තරව සිට ලිපියක් ලියූවා සේම, මේ පිළිබඳ ගැඹුරින් හඳාරා අත්දැකීම් ගත් කෙල්ලෙක්ට ලිපියක් ලිවීමට පසුබිම මින් සකසා දෙන්නෙමි
    .​


    පලි -

    මේ මාතෘකාව පිළිබඳව කතා කරද්දි මට මතක් වූයේ ඉංගිරිසි ගීතයක්ය. මාතෘකාව කෙහෙත්ම අදාල නැති වූවද, එහි ගහෙන් වැටීම ගැන සඳහන් නොවුනද, මුල් වචන පේලිය ආතල්ය.

    I'm a big big girl
    In a big big world
    It's not a big big thing if you leave me
    But I do do feel
    That I do do will
    Miss you much
    Miss you much


    සැම් ගේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදී
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lankawe sthree janaganaya wadi nisa gamatama adabera gahuwe nathnam kellata
    kollek hoya ganna amaru wenawa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අපේ ගෙවල් පාරේ ඇති ජම්බු ගහෙන් ගෙඩි කියක් නම් වැටෙන්නට ඇත්ද
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ ලියා ඇති සමහර කරුණු පිළිබදව මගේ විරෝධයක් ඇත. පලමු විරෝධය ඔබ වසර බර ගනනක සම්පුදායක් සහිත අනන්‍යතාවයක් එසේ නොවන බටහිර සමග ලඝු කිරීම පිළිබද වය.

    ගැහැණු දරුවෙක් වැඩිවිය පැමිණීමට අපේ සම්ප්‍රදායේ උත්සවයක් පවත්වන්නේ ඇයි? ඒ මාතෘත්වය දැරීමට සුදුසු වීම යනු අපට සතුටුවන්නට කරුණක් වන නිසාය. ඒ මාතෘත්වය අපට උත්තරීතර වීම නිසාය. එවැන්නකට පත්වන්නට හැකි වන සේ දැරියක් විය පැමිණිම, අපට තුටු වීමට කරුණකි. මාතෘත්වයේ නිරුවත වුව අළෙවි කරන බටහිරට එය එතරම් දෙයක් නොවන්නට පුළුවන.

    උත්සවයක් පැවැත්වීමේ අරමුණ ප්‍රීතිවීම පමණක් ද? නැත. ඒ කරන්නේ ඇය ව සමාජයට හදුන්වාදීමකි. ඇය වඩාත් ආරක්ෂාකල යුතු අයෙතු බවත්, මාතෘත්වයට සුදුසු කෙනෙකු බවටත් කරන අදුන්වා දීමකි ඒ උත්සවය. (අප තරුණියන් ආරක්ෂා නොකිරීම සහ මසට ලොබ බැදීම වෙන කතාවකි. බුදුන්වහන්සේ වදාලේ නොපැරදවිය හැකි වජ්ජීන් ආරක්ෂා කරන එක් සප්ත අපරිහාණිය ධර්මයක් වන්නේ කුළ කුමරියන් සහ කාන්තාවන් ආරක්ෂා කිරීම ලෙසය)

    නැහැවීමේ අරමුණ කුමක් ද? අපිරිසිදු දේ ඉවත් කිරීමයි. එපමණක් නොව මාස් ශුද්ධිය සිදු වූ අවස්ථාවල දී වුවත් කාන්තාවන් හට රාගාන්විත හැලිම් පහල වන බව දන්නා කරුණකි. සිය දිවියෙ හි පළමු වරට වන දෙයින් මෙසේ මනස් ආකූලවීම වලක්වා ගන්නට ඇය පිරිමින් නොදකින්නට තබනවා නොවේ ද?

    සහෝදරයා....අපේ සම්ප්‍රදාය පිටුපස මහා විද්‍යාවක් ඇති බවත්, ඒය මෙවැන්නක් ලිවීමට පෙර ඔබ අධ්‍යයනය කළ යුතු බවත් මම සිතමි.

    එකකට එකල වෙමි.....රටටම පේන ලෙස උත්සව පැවැත්වීම නම් අතිශය ලොල් සහගතයැ...............
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මරුවට ලියල තියෙනවා.

    ඔය සිද්දියට ලොකුවට උත්සව අරගෙන, එන උන්ට බොන්න දීලා, ඒ බිලා ඉන්න උන්ට කෙල්ල ලවුව අම්මලා වන්දවනවා. එතරමට බත් කන හරක් ඉන්න සමාජයක් මේක. ලංකාවේ අලුතින්ම පටන්ගත්ත ගොන්ම වැඩක් ඕක.
     
    Last edited:

    Similar threads