අපේ ගෙවල් පාරේ ඇති ජම්බු ගහෙන් ගෙඩි කියක් නම් වැටෙන්නට ඇත්ද



ඔබ ලියා ඇති සමහර කරුණු පිළිබදව මගේ විරෝධයක් ඇත. පලමු විරෝධය ඔබ වසර බර ගනනක සම්පුදායක් සහිත අනන්‍යතාවයක් එසේ නොවන බටහිර සමග ලඝු කිරීම පිළිබද වය.
ගැහැණු දරුවෙක් වැඩිවිය පැමිණීමට අපේ සම්ප්රදායේ උත්සවයක් පවත්වන්නේ ඇයි? ඒ මාතෘත්වය දැරීමට සුදුසු වීම යනු අපට සතුටුවන්නට කරුණක් වන නිසාය. ඒ මාතෘත්වය අපට උත්තරීතර වීම නිසාය. එවැන්නකට පත්වන්නට හැකි වන සේ දැරියක් විය පැමිණිම, අපට තුටු වීමට කරුණකි. මාතෘත්වයේ නිරුවත වුව අළෙවි කරන බටහිරට එය එතරම් දෙයක් නොවන්නට පුළුවන.
උත්සවයක් පැවැත්වීමේ අරමුණ ප්‍රීතිවීම පමණක් ද? නැත. ඒ කරන්නේ ඇය ව සමාජයට හදුන්වාදීමකි. ඇය වඩාත් ආරක්ෂාකල යුතු අයෙතු බවත්, මාතෘත්වයට සුදුසු කෙනෙකු බවටත් කරන අදුන්වා දීමකි ඒ උත්සවය. (අප තරුණියන් ආරක්ෂා නොකිරීම සහ මසට ලොබ බැදීම වෙන කතාවකි. බුදුන්වහන්සේ වදාලේ නොපැරදවිය හැකි වජ්ජීන් ආරක්ෂා කරන එක් සප්ත අපරිහාණිය ධර්මයක් වන්නේ කුළ කුමරියන් සහ කාන්තාවන් ආරක්ෂා කිරීම ලෙසය)
නැහැවීමේ අරමුණ කුමක් ද? අපිරිසිදු දේ ඉවත් කිරීමයි. එපමණක් නොව මාස් ශුද්ධිය සිදු වූ අවස්ථාවල දී වුවත් කාන්තාවන් හට රාගාන්විත හැලිම් පහල වන බව දන්නා කරුණකි. සිය දිවියෙ හි පළමු වරට වන දෙයින් මෙසේ මනස් ආකූලවීම වලක්වා ගන්නට ඇය පිරිමින් නොදකින්නට තබනවා නොවේ ද?
සහෝදරයා....අපේ සම්ප්රදාය පිටුපස මහා විද්‍යාවක් ඇති බවත්, ඒය මෙවැන්නක් ලිවීමට පෙර ඔබ අධ්‍යයනය කළ යුතු බවත් මම සිතමි.
එකකට එකල වෙමි.....රටටම පේන ලෙස උත්සව පැවැත්වීම නම් අතිශය ලොල් සහගතයැ...............











