ජයගමු ශ්‍රී ලංකා | බදුල්ලටත් පාරක් නැති පාලමක්.. 🐘🐘🐘

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,416
    1
    34,781
    113
    Erozan's Mom's room

    .


    NVPhN6d.jpeg




    ලක්ෂ 598ක මුදලක් වැය කරමින් බදුල්ල දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගයේ ස්ප්‍රිංවැලි ග්‍රාමීය රෝහල අසලින් ඉදිකර ඇති නව පාලම භාවිතයට ගත නොහැකිව මේ වන විට එය කැලෑවැදී ඇති අයුරක්ද දැකගත හැකි වෙයි.

    දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගයේ සංවර්ධන කටයුතු 2018 වසරේදී ආරම්භ කිරීමත් සමග 2019 වසරේදී ස්ප්‍රිංවැලි ග්‍රාමීය රෝහල අසල ඇති පැරණි පාලම් අංක 13/6 ස්ථානයේ මෙම පාලමද ඉදිකිරීමට අදාල කටයුතු සම්පාදනය කෙරුණි.

    ඒ මාර්ග සංවර්ධන අධිකාරියේ බණ්ඩාරවෙල කාර්යාලයේ අධීක්ෂණය අනුව අංක RDA/MM/UVA/GOSL(WB)/2019/10 යටතේ 2019.05.22 දිනෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් පිටපත් 8කින් යුත් ලිපිය කොන්ත්‍රාත් සමාගමට ඉදිරිපත් කරමිණි.

    ඒ අනුව අංක 83, තිස්ස පාර, වැල්ලවාය ලිපිනයේ පිහිටි සුහද එන්ටර්ප්‍රයිසස් නම්වූ කොන්ත්‍රාත් සමාගම මෙම පාලමේ වැඩ ආරම්භ කරමින් මීට වසර හතරකට පමණ ඉහතදී එහි වැඩ කටයුතු නිමකර තිබේ.

    ඒ සදහා රුපියල් ලක්ෂ 598ක මුදලක් වැයව ඇත. මේසා විශාල මුදලක් වැය කරමින් ඉදිකර ඇති පාලම මතින් රථ වාහන ධාවනය කල නොහැකි වීමෙන් පාලම අතහැර දැමීමට සිදුව තිබේ.

    ස්ප්‍රිංවැලි පෙදෙසින් පැමිණෙන මාර්ගයෙන් පාලම ඉදිකෙරුනත් එය නැවත බදුල්ල ස්ප්‍රිංවැලි මාර්ගයට හෝ බදුල්ල කදන මාර්ගයට සම්බන්ධ නොකර ඉදිකෙරුණු මෙම නව පාලම මෙලෙස කැලෑවැදීමට හේතුව වී තිබේ. පාලමට සම්බන්ධ කිරීමට මාර්ග දෙකක් තිබුනද ඉන් එක් මාර්ගයකට හෝ පාලම සම්බන්ධ කර නොමැත.


    1pJjwrz.jpeg




    NVPhN6d.jpeg




    OQ5rtgD.jpeg




    මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසියෙක් දැක්වූයේ මෙවන් අදහසක්

    බදුල්ල, හිදගොඩ, ස්ප්‍රිංවැලි හරහා දෙමෝදරටත් බදුල්ල දුනුවංගිය, කදන, ස්ප්‍රිංවැලි හරහා දෙමෝදරටත් එන්න මාර්ග දෙකක් තියෙනවා. එම මාර්ග දෙක සම්බන්ධ වන ස්ථානයේ තමයි මෙම පාලම ඉදිකලේ. පැරණි කුඩා පාලම වෙනුවට ඉදිකල මෙම නව පාලම ඒ මාර්ග දෙකෙන් එකකටවත් සම්බන්ධ නොවන ලෙස තමයි හදලා තියෙන්නේ.

    දැන් මේ පාලම බදුල්ල කදන මාර්ගයට සම්බන්ධ කරන්න නම් එම මාර්ගය අඩි 10ක් වත් තව උස්සන්න වෙනවා. එහෙම කරන්න නම් මාර්ගයේ එක් පසෙක බැම්මක් ගහන්නත් වෙනවා. එහෙම වුනොත් තවත් විශාල මුදලක් යට කරන්න වෙනවා. මේ පාලම මෙතරම් උසට හදන්න අවශ්‍ය නැහැ. පාලමට යටින් යන වතුර පාර කිසිම දවසක ගොඩට ගහලා නැහැ. කවුරු මොන ආකාරයෙන් මෙම පාලම නිර්මාණය කලාද කියා දන්නේ නැහැ. කෙසේ වෙතත් ජනතා බදු මුදලින් කෝටි ගාණක මුදලක් අපතේ ගිහින් ඉවරයි.

    දිසානායක නමින් හදුන්වන පුද්ගලයෙක් අදහස් දක්වමින්

    මේ පාලම හදලා තියෙන්නේ වැරදි ස්ථානයක කියලා රාවයකුත් තියෙනවා. මේ විදිහට අවිධිමත් විදිහට පාලම හදලා තියෙන විදිහ දැක්කම එහෙම හිතන්නත් පුලුවන්. මෙම මාර්ගයේම තවත් ස්ථානයක අබලන්වූ පාලමක් තියෙනවා. එතැන හදන්න තිබූ පාලම මෙතන හැදුවා වෙන්නත් බැරි නැහැ.

    මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත්භාර අධ්‍යක්ෂත ටී.කේ.එම්. ගලප්පත්ති මහතාගෙන් විමසීමක් කලා,

    මෙම පාලම ඉදිකලේ නිවැරදි ස්ථානයේයි. නමුත් පාලම මාර්ගයට සම්බන්ධ කරන්න අවශ්‍ය මුදල් ලැබුණේ නැහැ. එම නිසයි මෙලෙස වැඩ අතරමග නැවතුණේ. පාලම සම්බන්ධ කරන්නේ කදන පැත්තෙන් ස්ප්‍රිංවැලි පැත්තට එන මාර්ගයටයි. ලබන වසරේදී මේ සදහා මුදල් ලබාගෙන වැඩකටයුතු අවසන් කරනවා.

    නමුත් ගලප්පත්ති මහතා පවසන ආකාරයට එම මාර්ගයට පාලම සම්බන්ධ කිරීමට නම් විශාල වියදමක් දැරිය යුතුවෙයි. බෑවුම් සහිත මාර්ගය ඉහළට ගැනීම ලෙහෙසි පහසු නොවනු ඇති. එසේ සිදුකිරීමට නම් පාලම තැනූ වියදමට සමාන මුදලක් තවත් දැරිය යුතවන බව නොඅනුමානයි.

    කෙසේ වෙතත් මෙවන් ඉදිකිරීම් කිරීමට පෙර ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට සංවර්ධන කටයුතු සිදුකලේ නම් ජනතාවගේම බදු මුදල් මේ ආකාරයෙන් විනාශ නොවනු ඇති.

    rp7qoa.jpg


    copied from

    https://news.slvlog.net/පාරක්-නැති-පාලමක්-බදුල්ල/
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,761
    113
    Game ewunta ithin othana hadagena pawichchi karanna puluwan mattamene thiyenne. aduma gane podi wahana yanna.

    nathnam opening ekatath thawa ganak yai.

    මේ පාලම මෙතරම් උසට හදන්න අවශ්‍ය නැහැ.
    mekath boruwakne ban. oya bime usatane palama thiyenne.
    ------ Post added on Apr 11, 2024 at 12:01 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    15,024
    24,107
    113
    Kandy
    මහින්ද අමරවීරගේ අය්යා තමා සුහද එන්ට්‍රප්‍රයිසස් කියලා එකකින් කොන්ත්‍රාත් එක අරන් කරලා තියෙන්නේ කෝටි හයයි වියදම.ඕක පාරට සම්බන්ද කරන්න ඊට වඩා මුදලක් ඕනි කියලා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,446
    15,768
    113
    Auckland
    Is this article written by an engineer ?

    Nodanna huttak ne kawdo ekek kiyawanne

    It's easy to change the road to match a bridge than building a bridge to match a road
     
    • Like
    Reactions: SLK_sri