ජයගමු ශ්‍රී ලංකා | බොරතෙල් බැරල් 5000ක් යළිත් අතුරුදහන්

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව





    .




    1Surz8v.jpeg





    බොරතෙල් බැරල් පන්දහසක් යළිත් අතුරුදහන් කිරීමේ සිද්ධියක් ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

    මෙය සිදුව ඇත්තේ, මුහුදේ සිට ගොඩබිමට බොරතෙල් පොම්ප කිරීමේදී බවට තොරතුරු වාර්තා වේ.

    මීට පෙර බොරතෙල් ගොඩබෑමේදී රුපියල් කෝටි ගණනක් වටිනා බොරතෙල් බැරල් 23786 ක් අතුරුදන් කිරීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විමර්ශන අරඹා තිබියදී දෙවැනි වරට අතුරුදහන් වූ තෙල් තොගය මෙය වේ.

    බොරතෙල් වාෂ්ප කරන බහිරවයන්ගේ කල්ලිය පවසා ඇත්තේ මුහුදේ සිට බොර තෙල් ගොඩ බාන නළයේ කාන්දුවක් නිසා බොරතෙල් බැරල් 5000 ක් අඩු වී ඇති බවය. කෙසේ නමුත් පෙර වතාවල මෙන් නාවික හමුදාවේ කිමිදුම්කරුවන් හා විශේෂ ඩ්‍රෝන කැමරා යවා පරීක්ෂා කිරීමේදී නළ පද්ධතියේ කිසිදු දෝෂයක් නැතැයි හෙළි වී ඇත.

    එසේ තිබියදී සැපයුම්කාර පෙට් කෙම් නමැති සමාගම අඩු ඉන්ධන බැරල් පන්දහටත් මුදල් අය කරගැනීමට සූදානම් වීමත් සමග එම මුදල් ගෙවීමට දූෂණයට එරෙහි නිලධාරීන් අකමැති වීමත් සමග දූෂිත නිලධාරීන්ගේ සැලසුම පිටට හෙළි වී ඇත.

    ‘‘ කලින් වතාවන් තුනකදී තෙල් ගොඩ බානකොට බැරල් දහස් ගණනක් අතුරුදහන් කරමින් කළ සොරකම ගැන සෙවීමට නීතිපති පවා උපදෙස් දී තිබියදී විගණකාධිපති වාර්තා සඟවමින් මේවා යටපත් කරන්න ඇතැම් නිලධාරීන් හා බලධාරීන් උත්සාහ කළා. දැනුත් තෙල් බැරල් හොරකම් කරලා හොර රහසේම මහජන මුදල් කාබාසිනියා කරන්න යන්නේ. පිරිපහදු කළමනාකරු වෙන්න බලාගෙන ඉන්න දූෂිත නිලධාරියකුද මෙම ජාවාරම් පසුපස ඉන්නවා කියලා කලිනුත් හෙළි වුණා. අල්ලස් කොමිසමට දෙනවා කිව්වා සී .අයි. ඩී එකට දෙනව කිව්වා. හැබැයි තාමත් සොරකම සිදුවෙනවා. සංස්ථාව වලපල්ලටම යවන්න තමයි මේ ජාවාරම්කරුවෝ හදන්නේ යැයි’’

    තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අරුණට පැවසීය.

    බොරතෙල් බැරලයක තෙල් ලීටර් 159 ක් අඩංගුවන බව පැවසේ.

    එක් වරකට බොරතෙල් නැවක් ගොඩබෑමේදී අපතේ යා හැකි සම්මත ප්‍රමාණය තොගයෙන් බින්දුවයි දශම තුනක් (0.3) ලෙස සලකා තෙල් බැරල් 1800 ක් පන්නන ජාවාරමක් කාලයක් තිස්සේ සිදුවී ඇතැයි මීට පෙර අනාවරණය විය.

    එම මුදල ඉතිරි කර ගත හැකිනම් එක් තෙල් නැවකින් රුපියල් පන්කෝටි හැට දෙලක්ෂයකට අධික මුදලක් ඉතිරි කර ගත හැකි බව තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දැරූ අද්මිරාල් රවින්ද විජේගුණරත්න එවකට සොයාගෙන තිබූ අතර එම වංචාව නවත්වා ගත හැකිනම් ඉන්ධන ලීටරය රුපියල් පනහකින් අඩු කළ හැකි බවද හෙතෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී අනාවරණය කර තිබුණි.

    හොරකමට එරෙහිවූ ඔහුට අවසානයේ එම තනතුර අතහැර පාකිස්තාන තානාපති ධුරය භාර ගැනීමට සිදු වූ බවද වාර්තා වේ.




    up77lW3.jpeg
    දැන් හොරු ඔක්කොම එකට එලිපිට