ජයගමු ශ්‍රී ලංකා | රිලවුන්ට තැනු වව්නියාවේ ආර්ථිකේ

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room




    .






    SS75g5W.jpeg






    ශ්‍රී ලංකාව තුළ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ස්ථාපිත කරණු ලබන්නේ මෙරට ගොවින්ට සිය අස්වනු සෘජුවම තොග වෙළදුන් සිල්ලර වෙළදුන් හෝ තනි පාරිභෝගිකයින් අතට පත් කිරීමේ පහසුව පිණිය. ඒ අනුව ගොවින්ට අතරමැදියන් රහිතව සාධාරණ මිළ ගණන් යටතේ මේ තුළින් අලෙවි කිරීමට හැකියාව පවතී. නමුත් වවුනියාව දිස්ත්‍රික්කයේ දශක ගණනාවක යුද්ධයෙන් බැට කෑ ජනතාව වෙනුවෙන් ඉදි කොට ඇති විශේෂ ආර්ථික මධ්‍යස්ථනය ඉදි කළ දා සිට අද දක්වා වසා දමා ගොවින්ට වෙළදුන්ට හෝ වෙනත් කිසිම පුද්ගලයෙකුට පලක් රහිත ව්‍යාපෘතියක් ලෙස දිනෙන් දින දිරා පත් වෙමින් පවතී.


    වවුනියාව දිස්ත්‍රික්කයේ ඉකුත් 2017 වසරේ ආරම්භ කොට වැඩ අවසන් කරන ලද විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අදාල දින සිට අද දක්වා වසා දමා තිබිම හේතුවෙන් එහි වු කඩ 50 ක පමණ ප්‍රමාණයකින් එය විවෘත කළ දා පටන් රජයට ආදායමක් වශයෙන් ලැබිමට තිබු විශාල මුදලක් අහිමිව ගොස් තිබේ.

    ඉහත කී වවුනියාව විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීම සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් 291, 639, 356. 66 කි. එහිදී එම ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු 2017 දෙසැම්බර් මස 31 දා වන විට අවසන් කොට ඇතත් එය අද වන විට සුදු අලි ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. ඒ අනුව ඉකුත් 2017 පෙබරවාරි මස 02 දා ග්‍රාමිය ආර්ථික අමාත්‍යංශය හා මධ්‍යම ඉංජිනේරු කාර්යංශය මෙම විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් තබන ලදි. ඒ අනුව එහි ඉදි කිරීම් 2017 වසරේ දෙසැම්බර් 31 අවසන් කලද එය මේ දක්වා විවෘත නොකොට වසා දමා තිබේ.


    ඒ පිළිබදව වවුනියාව එළවළු තොග වෙළද සංගමයේ නියෝජිතයෙකු වන ජේ. නන්දකුමාර් මහතාගෙන් සිදු කල විමසීමදි ඒ මහතා දැක්වුයේ මෙවන් අදහසකි,

    ” අපි අවුරුදු ගාණනක් වෙළදාම කරන්නේ වවුනියාව නගරයේ අපිට වවුනියා නගරයෙන් කිලෝමිටරයක් පමණ ඇත තැනක තමයි මේ ආර්ථික මධ්‍යස්ථානය හදලා තියෙන්නේ ඉතින් ඒක අපේ ව්‍යාපාරික කටයුතු වලට ලොකු බාදාවක් අනික මේ තැන හදනකොට අපෙන් විමසීමක් කරේ නෑ. අපි දැන් ඉන්නේ නගරය මැද්දේ මෙතනින් අපි කෙරවලකට දැම්මම අපි බිස්නස් කරන්නේ කොහොමද? අනික තමයි වවුනියාව කියනේනේ උතුරේ වෙලෙන්දොන්ගෙත් දකුනේ වෙළෙන්දොන්ගෙත් මධ්‍යස්ථානය. ඉතින් එතන ඒ 09 මාර්ගන් ඇතුළට යන්න තැනක් හදලා එතෙන්ට යන්න කිව්වම ව්‍යාපාරික වශයෙන් වටින මේ තැන දාලා වෙළෙන්දෝ යන්න කැමති නෑ. ගොවින්ට උනත් පහසු මෙතෙන්ට එළවළු තොග ගේන එක නමුත් මේකට මුල ප්‍රධාන වශයෙන් අපෙන් අදහස් නොගෙන මෙහේ හිටපු දේශපාලකයොයි රජයේ ලෙකු ලෙක්කොයි ගත්ත තීරණ” යැයි ඒ මහතා පැවසීය.


    ඉහත ආර්ථික මධ්‍යස්ථානය විවෘත නොකිරීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අප සිදු කළ විමසීමක දී වවුනියාව අතිරේක දිස්ත්‍රික් ලේකම් ටි. තිරේස්කුමාර් මහතාගේ අත්සන සහිත ලිපියකින් සදහන් කොට සිටියේ කෘෂිකර්ම ග්‍රාමිය ආර්ථික කටයුතු සහ පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග ධිවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ අංක MFARE/5/10/12/9 හා 2019.03.11 දිනැති ලිපිය මගින් 2019 වසරේ පළමු සතියේ අදාල ආර්ථික මධ්‍යස්ථානය විවෘත්ත කරන බව දැන්වුවද නොවැලැක්විය හැකි හේතුවක් මත එය විවෘත්ත නොකල බවයි.


    ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් අංක V/DPS/D.Eco.Cent/2019 හා 2020.05.20 දිනැති ලිපිය මගින් ලේකම් අභ්‍යන්තර වානිජ හා ආහාර භෝග සුභ සාධන අමාත්‍යංශය වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් දන්වා ඇති අතර ඒ අනුව 2020 දෙසැම්බර් මාසයේදී ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම සදහා අවශ්‍ය පියවර ගත්තද කොවිඩි 19 හේතුවෙන් එය සිදු නොවු බව අදාල ලිපියෙන් ප්‍රකාශ කර සිටි. නැවත අදාල අමාත්‍යංශයේ ලේකම් වෙත අංක SMA/DEV6/EC/Common/Vavuniya-2021 හා 2021.03.24 දිනැති ලිපිය මගින් 2021 අප්‍රේල් මාසයේ පළමු වන සතියේ විවෘත කිරීමට සුදානම් බව දන්වා තිබුනද අදාල කාලවකවානුව තුළද විවෘත්ත කිරීමට නොහැකිවු බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම සම්බන්ධයෙන් විවිධ වු පියවරයන් විෂය භාර අමාත්‍යංශයේ දැනුවත් කිරීම අනුව ඒ ඒ අවස්ථා වල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පාර්ශවයෙන් උත්සාහ ගත්තද විෂය භාර අමාත්‍යංශයේ අවසරය මේ තාක් නොලැබුණු බව එහිදී ඒ මහතා පවසන ලදි.


    කෙසේ වුවද සුවිශාල මුදලක් වැය කොට අද වන විටත් අදාල ආර්ථික මධ්‍යස්ථානය නිකරුනේ වසා දමා තිබේ. විවිධ හේතූන් මත යැයි පවසා මහජන මුදලින් ඉදි කළ අදාල සුවිසල් ගොඩනැගිල්ල 2017 සිට අද දක්වාම වසා දමා තිබේ. මහජන ධනය යටකර නිමවා ඇති මෙම ගොඩනැගිල්ල මහජනතාවට පලක් ඇති රජයට ආදායමක් ඉපයිය හැකි ස්ථානයක් වන තෙක් වවුනියාවේ ජනතාව බලා සිටි.




    XSH3BSo.jpeg




    woOtPuX.jpeg





    T5ERm7L.jpeg




    Code:
    https://news.slvlog.net/exclusive-article-52/
     
    • Dislike
    • Like
    Reactions: Ramiel and EVC