ජයග්‍රහණය

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ‘රාජපක්ෂලා හමුදාව ගේන්නත් හැදුවා‘- චම්පික රණවක
    ‘මහින්ද හා පවුලේ අය අශීලාචාර ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියා. ඡන්දය අවසානයේ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ මෙහෙයවීමෙන් යුද හමුදාව යොදා කරන්නට ගිය මහා විනාශයක් පොලිස්පති හා මැතිවරණ කොමසාරිස් කොන්ද කෙළින් තබාගෙන නිර්භීතය රාජකාරි කළ නිසා වැළකී ගියා.‘ යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
    හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත සහ ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමිවරු ද ඊට එක් වූහ.
    රණවක මහතා මෙසේ ද කීවේය.
    ‘ආරක්ෂක ලේකම්ගේ අනු දැනුමෙන් ව්‍යාජ බොදු සංවිධාන හදා ජාතික හෙළ උරුමය අඩ පණ කරන්න හැදුවත් එය සාර්ථක වුණේ නෑ.
    රාජපක්ෂවරුන්ගේ මැතිවරණ ව්‍යාපාරය කොතරම් ලජ්ජා සහගතද කියනවා නම් මේ මැතිවරණය සදහා බිලියන 250ක් පමණ ආණ්ඩුව වියදම් කළා. බුලත්කොළ නම නමා බණ කිව්වා.
    රාජපක්ෂ රාජ්‍ය බලය නැතිව තරග කළා නම් ඡන්ද විසි ලක්ෂයකින් පමණ අපි ජයග්‍රහණය කරනවා. මොවුන් වංචා කළ මුදල් ගැන මොවුන් කළ ක්‍රියාමාර්ග ගැන අපි එකිනෙක හෙළි කරනවා.
    මැතිවරණය සඳහා ජාවාරම්කරුවන්ගේ මුදල් ගෙන ගියේ හමුදා බෆල් රියවලින්.
    මේ අශීලාචාර රාජ්‍ය පාලනය බිඳ දැමීමෙන් ශ්‍රීලනිප අලුත් වෙයි.
    සියලු අපරාධකරුවන්ට අපි නීතියෙන් දඩුවම් දෙනවා.
    මහින්ද හා පවුලේ උදවිය අශීලාචාර ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියැයි කියා කවුරුත් වෛර උපදවා ගන්න එපා. රාජපක්ෂවරුන් ජනතාව රැවටවූ හැටි පසුව හෙළි වෙයි.
    අපි බැඳ දමන්න ගෝඨාභය පොඩි වැඩියි. සමහර අපරාධකාරයන් රට හැර ගිහින්. නමුත් ඔවුනට එරෙහිව නීතියෙන් කටයුතු කළ හැකියි.
    මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිස්පතිගේ නීර්භීත තීරණ නිසා රට ලේ විලක් වෙන්නට තිබූ ඉඩ ඇහිරී ගියා. ‘
    මේ කරන චෝදනා වේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය කියයි.
    මේ අතර යාපනයේ සාමාන්‍ය වැසියන් පිරිසක් අද (9) පෙරවරුවේ හමුදා කඳවුරක් වටලා ප්‍රහාරයක් එල්ල කළ බව කියන කතාවේ ඇත්තක් නොමැති බව ද බ්‍රිගේඩියර් වනගසුරිය පවසයි.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක තමයි ඇත්ත. ඒත් මේ සමහර ගොට්ටන්ට ඕක තේරෙන්නේ නැති එකයි කණගාටුව. අනිත් බොරුව තමයි යාපනේ කෑම්ප් වලට ගහනවා කියන සීන් එක මම ඕක ඉස්සල්ලම අහපු වෙලාවේ යාපනේ වැඩ කරන මගේ යාලුවෙකුට කෝල් කරලත් ඇහුවා :P
    අනේ අනිච්චං මේවගේ පච ගහන හැත්තක්. ඡන්දෙට කලින් බොරු කියලා නහින්න හැදුවා. දැනුත් තව දුරටත් බොරුවෙන් මිනිස්සු මුලා කරනවා.
    අනිත් අය තමයි මහින්ද ගෙදර යනව දැකලා අඩන උන්. හැමෝම තේරුම් ගන්න ඕනේ ඕනි දේශපාලන නායකයෙකුට ඕක පොදු දෙයක් කියලා. යුද්දෙට නායකත්වය දීපු එක ඇත්ත. එහෙනම් sf යුද්දෙට කොච්චර ලොකු නායකත්වයක් දුන්නද ඒ මනුස්සයව හිරේ දාලා නින්දිත විදිහට තනතුරු නැති කරපු වෙලේ ඔය කව්රුවත් ඒකට කිඹුල් කදුලු හැලුවෙ නෑ. අසාධාරනයට ලක්වුන හැමෝටම සාධාරණයක් කරන්න මේක හොදම අවස්ථාව.