ජයන්ති නෝන පාවිච්චි කරන
ඔය පනත් ගෙනල්ල මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන්ඩ වලිකන වෙලාවෙ නරකද අන්න අර ජනාධිපති පුටුවෙ ඉන්න මනුස්සයට තොරතුරු දැනගන්ඩ විදිහක් හදල දුන්නොත්. ආරක්ෂක කවුන්සිලය, බුද්ධි අංශ, කැබිනට් රැස්වීම්, ආණ්ඩු පක්ෂ රැස්වීම්, ඉන්ටර්නෙට් ඔක්කොම තිබිලත් ඒ අසරණයට තොරතුරු දැනගන්ඩ වෙලා තියෙන්නෙත් අර හද්ද පිටිසර ගමක ඉන්න බුරම්පි ආතට වගේ සාමාන්‍ය විදිහට පත්තරයක් බලල. එතුමා තොරතුරු දැනගන්න වේගෙ බලද්දිනං ඒ කියවන පත්තරෙත් ගෙදරට ලැබෙන්නෙ මාසෙකට සැරයක් විතර වගෙයි පේන්නෙ. සමහරවිට ඒ හම්බෙන පත්තරෙත් මෙතුමා කියවන්ඩ කලින්ම ජයන්ති නෝන පාවිච්චි කරනව ඇති ගෙදර අයගෙ කෙහෙල් කොළ බත් පාර්සල් බඳින්ඩ. ඒක හින්ද ඔය පනත් ගේන වෙලාවෙ මෙන්න මේ ජනාධිපති අසරණය ගැන ඉස්සෙල්ල පොඩ්ඩක් බලල ඉන්ඩ.
ප.ලි: ඔය ගේන්ඩ හදන පනතෙන් රටේ මිනිස්සුන්ට දැනට තියෙන තොරතුරු දැනගැනීමේ අයිතියත් නැතිවෙන එක වෙනම කතාවකි
Sadeera Bandara