ජයලලිතාගේ මොලය මැරිලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ජයලලිතාගේ මොලය මැරිලා

තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් රෝහල් ගතකොට තුන්වැනි සතියද ඉක්ම යමින් තිබුණද ඇයගේ රෝගී තත්ත්වය ඉතා අයහපත් තත්ත්වයක පවතින බව අලුත්ම ඉන්දීය මාධ්‍ය වාර්තාවලින් ප්‍රකාශ වේ. ඇය සිහිසුන්ව සිටින බවත් එම තත්ත්වයෙහි වෙනසක් නොමැති බවත් රෝහල් ආරංචි මාර්ග තහවුරු කොට ඇති අතර ඉන්දියාවේ සමාජ මාධ්‍ය බොහොමයක් වාර්තා කර ඇත්තේ ඇය මොළයේ මරණයකට බඳුන් වී ඇති බවය.


මුලදී රෝහල් ප්‍රකාශයකින් කිසිවක් ප්‍රකාශ නොකළද මෙම තත්ත්වය ගැන සැලකිල්ලට ගෙන විටින් විට තොරතුරු දක්වන්නට පෙලැඹී ඇති අතර අවසන් වශයෙන් ඔවුන් පවසා ඇත්තේ ජයලලිතා ජයරාම් සිහිසුන් තත්ත්වයේ පසුවුවද ඇයගේ රෝගී තත්ත්වය පාලනය කරගනිමින් පසුවන බවය.
මේ අතර ඇය ර¼දවා සිටින ඇපලෝ රෝහලේ වෛද්‍යවරුන් නිරතුරුව වෛද්‍ය උපකරණවලට සම්බන්ධ කොට ඇති ඇය පිළිබඳව දැඩි විමසිල්ලකින් පසුවන බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රබලය.


මෙම තත්ත්වය පිළිබඳව කරුණු තහවුරු කර ගනිමින් සිටින ඉන්දීය ජාතික පුවත්පත් කිහිපයක්ම පවසා ඇත්තේ ජයලලිතා මහත්මිය මොළයේ ලේ ගැලීමක් නිසාවෙන් අනතුරුදායක තත්ත්වයක පසුවන බවට විශ්වාස කළ හැකි වාර්තා ඇති බවය. තමිල්නාඩුවේ පළවන පුවත්පත් හා සමාජ මාධ්‍ය ජාල කිහිපයකින්ම මීට සමාන අදහසක් දෙමින් පවසා සිටින්නේ ඇය තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති එම්.ජී. රාමචන්ද්‍රන්ට සමාන රෝගී තත්ත්වයක පසුවන බවය. 1984 රාමචන්ද්‍රන් මහතාද මොළයේ මියයෑම හේතුවෙන් ඇපලෝ රෝහලට ඇතුළත් කර සිටියදී දින ගණනාවක් සිහිසුන්ව සිට අනතුරුව මියගිය බව සිහිපත් කරමින් පුවත්පත් කිහිපයක් රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව තොරතුරු රැසක් වාර්තා කොට ඇත.
ඇයගේ තත්ත්වය වඩාත් අයහපත් බව පළකරමින් මෙන් ඇපලෝ රෝහල අවසන් වශයෙන් ජයලලිතාගේ සුවිශේෂී රෝගී තත්ත්වය සලකා එංගලන්තයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු හදිසියේ රෝහල වෙත කැඳවා ඇති බවත් වාර්තා කෙළේය.


අපේ දෙමල අම්මාගේ මොලයට ලේ ගලලා මැරිලා.අම්මා වෙනුවෙන් මැරෙන්න තමිල්නාඩුවේ දෙමල අය දෙදහක් විතර ඔෆීසියල්නිව්ස් එක එනකම් බලාගෙන ඉන්නවා.ඒ වගේම ලංකාවේ දෙමල අය දහයක් පහලොවක් වත් ඉන්නවා.සිංහල අය කීප දෙනෙක්වත් ජොයින් වෙනවා නම් අපි අගේ කොට සලකනවා
 

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි බන්, ඔය ගෑනිගේ මොලේ මැරිලා දැන් ගොඩක් කල්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අපේ දෙමල අම්මා මලොත් මුලු තමිල්නාඩුව ගිනි තියාගන්නවා. යාපනෙත් ගිනි තියාගන්නවා බන්:(:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    QUOTE=amasin;20770178]අපේ දෙමල අම්මා මලොත් මුලු තමිල්නාඩුව ගිනි තියාගන්නවා. යාපනෙත් ගිනි තියාගන්නවා බන්:(:([/QUOTE]

    :D:D:lol::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,207
    113
    අපේ දෙමල අම්මා මලොත් මුලු තමිල්නාඩුව ගිනි තියාගන්නවා. යාපනෙත් ගිනි තියාගන්නවා බන්:(:(
    පෙට්‍රල් වලට යන ගාණ කියපන් එකතු කරල දෙන්න:yes::yes::yes: