ජයලලිතාට වසර හතරක සිර දඬුවම්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ජයලලිතාට වසර හතරක සිර දඬුවම්

    ජයලලිතාට වසර හතරක සිර දඬුවම්

    සිමා රහිත ලෙස වත්කම් එකතු කරගත් තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් වරදකරු කරමින් බැංගලෝර් අධිකරණය ඇයට වසර හතරක සිර දඬුවමක් පැනවීය. ඉන්දියා රුපියල් කෝටි තුනේ සිට කෝටි 66 දක්වා වැඩි වූ ආකාරය සම්බන්ධයෙන් ඇයට නඩු පවරා තිබිණි. මේ නඩුව වසර 18කට පෙර ගොනු කැරිණි.

    249.jpg


    _77861149_fea4465f-347b-4528-9954-f1c43452af55.jpg


    Jayalalitha's supporters cried after the verdict. They say she has played a key role in the economic development of Tamil Nadu

    _77861342_153512314(1).jpg


    Top India politician Jayalalitha jailed for corruption | BBC
     
    • Like
    Reactions: Lewke

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ට එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඇයට වසර 4 ක සිර දඬුවමක් බැංගලෝර්හී විශේෂ අධිකරණයක් මගින් නියම කෙරුණි.

    තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ධුරයට ඇය 1991 වසරේදී පළමුවරට පත්වීමේදී පැවති ඉන්දීය රූපියල් කෝටි 03ක වත්කම් ප්‍රමාණය වසර 05ක් තුළ ඉන්දීය රුපියල් කෝටි 66 ක් දක්වා ඉහළ ගිය ආකාරය සම්බන්ධයෙන් එම නඩුවෙන් අභියෝගයට ලක් කර තිබුනේ ප්‍රතිවාදී තමිල්නාඩු දේශපාලන පක්ෂයක් වන ඩී.එම්.කේ පක්ෂය විසිනි.

    වසර 18කට පමණ පෙර, ගොනු කරන ලද දූෂණ ‍චෝදනා නඩුවේ තීන්දුව අද දිනයේ ප්‍රකාශ කිරීමත් සමග ජයලලිතාගේ පක්ෂයත් DMK පක්ෂයේ ආධාර කරුවනුත් අතර මේවනවිට උණුසුම් තත්වයක් ඇතිවී තිබේ.

    ජයලලිතාගේ නඩු තීන්දුව සම්බන්ධව ඔබ දැනගත යුතු කරුණු

    ජයලලිතා චෙන්නායි සිට බැන්ගලෝර් දක්වා අද දිනයේ නඩු ඇසීමට පැමිණ ඇති අතර නඩු තීන්දුවෙන් අනතුරුව බැංගලෝර් හි මධ්‍යම සිපිරිගෙට ගෙන යාමට සූදානම් වුවත් රෝහල් ගත කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
    වසර 18 කට පෙර මෙම නඩුව පවරනු ලැබුවේ මේවනවිට භාරතීය ජනතා පක්ෂයේ නායකයා වන සුබ්‍රමනියම් සාමි විසිනි.
    DMK පක්ෂය බලයට පත්වීමත් සමග එම නඩුව ඇසීම ඉක්මන්කොට ඇති අතර ඒ අනුව ජයලලිතාගේ සහයිකාව වන සසිකලා නටරාජන් හටද දඬුවම් ලැබී ඇත.
    DMK පක්ෂයේ අධාරකරුවන් හා ජයලලිතාගේ පක්ෂයේ ආධාරකරුවන් අතර මේවනවිටත් දරුණු ගැටුම් හටගෙන තිබේ.
    1991 වසරේ සිට 1996 දක්වා පළමු මහා ඇමතිනිය ලෙස කටයුතු කරන ලද කාලයේ යතා ලෙස එක්රැස් කරන ලද ධනය පිළිබඳව මෙම නඩුවෙන් චෝදනා නගා තිබුණි.
    මහ ඇමතිනිය ලෙස පත්වූ යුගයේ (1991) ඇය වේතනය ඉන්දියානු රුපියලක් වුවත් අවරුදු හයක් තුල කෝටි 66 ක් උපයා තිබීම පිලිබඳ ඇයට චෝදනා එල්ලව තිබුණි.
    අක්කර 2000 ක ඉඩමක් , කිලෝ 30 ක රත්තරන්, සාරි 12,000 ක් අනිසිව උපයාගත් වත්කම් අතර වේ.
    ජයලලිතා විසින් මෙම නඩුවේදී ප්‍රකාශ කොට තිබුනේ මෙය තමාගේ දේශපාලන ප්‍රතිවාදීන් විසින් එල්ලකරන චෝදනාවක් ලෙසය.​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කළ කලට පවු පල දේ කිව්වලු බන්
    කොහොමද ඔකිගෙ ඉස්සර නාඩගම්
    දැන් කොහොමද සිහිය නැති වෙලා ඇදගෙන වැටෙන්නම
    ආතල් දුන්න විදිය



    1467238_732805573421419_3962031573948381438_n.jpg

     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    දවසට දෙපාරක් හඳහන බලවා ගත් කෝටි 66කට වැඩි මුදලක්‌ මාටියා ගැසූ ලලිතා…

    ඉන්දීය රුපියල් කෝටි හැටහයකට අධික මුදලක්‌ නීති විරෝධීව උපයා ගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් වරදකාරිය යෑයි තීරණය කළ බැංගලෝර්හි විශේෂ අධිකරණය පෙරේදා (27 වැනිදා) ඇයට සිව් වසරක සිර දඬුවමක්‌ සහ රුපියල් කෝටි සියයක දඩයක්‌ද නියම කළේය.
    තමන්ගේ කල දසාව පිළිබඳව විශේෂ අවධානයකින් සිටි ඇය දවසට දෙවරක්‌ (උදය සහ සවස) තම හඳහන ජ්‍යෙdතීර් වේදීන් ලවා බලාගත් අතර, විශේෂ අධිකරණ විනිසුරු මයිකල් ඩි කුන්හා ඇයට දඬුවම් නියම කරමින් කියා සිටියේ ජයලලිතාගේ සමීපතම මිතුරිය වන ශෂිකලා නඩරාජන් ඇගේ ඥති දියණියක්‌ වූ ඉලවරාශී සහ ජයලලිතා විසින් හදාවඩා ගත් පුත්‍රයා වන සුදර්කන් ද මෙම දූෂණ ක්‍රියාවල වරදකරුවන් බවයි.
    මෙම පිරිසට ද වසර හතරක සිර දඬුවමක්‌ සහ කෝටි විසිපහ බැගින් දඩ මුදල් නියම කෙරිණි. මෙකී සිර දඬුවම නිසා ජයලලිතාට මහ ඇමැති ධුරය අහිමි වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
    පසුගිය කාලය තුළ ජයලලිතා ඉඩම් අක්‌කර දෙසීයක්‌, රත්‍රං කිලෝ තිස්‌දෙකක්‌ සාරි 12,000 ක්‌ සහ පාවහන් ජෝඩු 750 කට වැඩි ප්‍රමාණයක්‌ නීති විරෝධී ගනුදෙනුවලින් ලබාගෙන තිබූ බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
    දූෂණ චෝදනා මත සිව් වසරක සිර දඬුවම් නියම වූ තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් විසින් පර්විනා බන්ධනාගාරය වෙත ගෙන ගොස්‌ සිරගත කර ඇත.
    සම්භාවනීය අමුත්තන් රඳවන සිරකුටියක්‌ ඇයට ලබාදී තිබේ. සිරකාරියගේ අංකය 7402 ලෙස සඳහන් වේ. ජයලලිතාට හිරගෙදරදී ලබාදුන් ආහාරය ඇය ප්‍රතික්‌ෂේප කර තිබේ.
    මේ අතර ජයලලිතාගේ හදාගත් පුත්‍රයා වන සුදාකරන් සහ අනෙකුත් මිතුරියන් දෙදෙනාද ඊට සමීප සිරකුටිවල රඳවා තිබේ. ජයලලිතාගේ නීතිඥයන් පවසන්නේ සිරදඬුවමට එරෙහිව අද (29 වැනිදා) අභියාචනයක්‌ ඉදිරිපත් කරන බවයි. මෙම සිරදඬුවම නිසා ඇයට දසවසරකට ඡන්දය ඉල්ලීමට නොහැකි වනු ඇත.
    කෙසේ වෙතත් ඇගේ ආධාරකරුවන් පවසන්නේ ජයලලිතා පසුබිමේ සිට සිය පක්‍ෂය මෙහෙයවන බවයි. මෙම නඩු තීන්දුව සම්බන්ධව ප්‍රකාශයක්‌ කරන සුබ්‍රමනියම් ස්‌වාමි බැංගලෝර් අධිකරණය යුක්‌තිය ඉෂ්ට කර ඇතැයි කියා සිටියේය.
    කර්නාටක ප්‍රාන්ත රජය ජයලලිතාට විරුද්ධව මෙම දූෂණ ක්‍රියා විමර්ශනය කිරීමට රුපියල් කෝටි දෙකක පමණ මුදලක්‌ වැයකර තිබේ.
    මෙම තීන්දුව පිළිබඳව හිටපු මහ ඇමැති කරුණානිධිගේ ආධාරකරුවෝ ප්‍රීතිඝෝෂා පවත්වමින් සිටිති.
    ජයලලිතාට හිතවත් පිරිස්‌ කලබලකාරී තත්ත්වයක්‌ ඇතිකිරීමට උත්සාහ කරන බවද ආරංචි මාර්ග කියයි.
    බැංගලෝර් අධිකරණය විසින් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතාට සිර දඬුවමක්‌ නියම කිරීම නිසා කුපිත වූ අන්නා ඩී. එම්. කේ. පක්‍ෂයේ ආධාරකරුවෝ පෙරේදා (27 වැනිදා) සවස බස්‌ රථ ගිනි තැබූහ. හිටපු තමිල්නාඩු මහ ඇමැති කරුණානිධි හා ඔහුගේ පුත්‍ර ස්‌ටාර්ලින් භාරතීය ජනතා පක්‍ෂ නායකයකු වූ සුබ්‍රමනියම් ස්‌වාමිගේ නිවසට ගල් මුල් ගසමින් කලබලකාරී තත්ත්වයක්‌ ඇතිකර තිබේ.
    එකී තත්ත්වය මත තමිල්නාඩුවේ ප්‍රදේශ රැසක වෙළෙඳසල් වසා දමා තිබේ.
    චෙන්නායි සහ මදුරේ නගරවලදී කරුණානිධිගේ පිළිරූ රැසක්‌ පුළුස්‌සා දමා තිබේ. තමිල්නාඩුවේ ප්‍රදේශ පහක මෙම කලබලකාරී තත්ත්වය ඇතිවී තිබෙන බව ද වෙළෙඳසල් රැසක්‌ කොල්ලකා ඇතැයිද තමිල්නාඩුවෙන් වාර්තා වේ.
    තත්ත්වය පාලනය කිරීමට 2000 ක පොලිස්‌ බළකායක්‌ එකී ප්‍රදේශයට එවා තිබේ.
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    Honda wade me genita

    ara mokuth nokarapu lankawe school football team ekath harawala ewnna tharam sakkili molyak thiyena geniyek

    den hitpiya hire lol
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලලිතා බොහොම ලලිතාවට ගහලා එහෙනම්. :D
    නීතිය ක්‍රියාත්මක වීම නම් හොඳයි.
    11.gif

    නමුත් හිර ගෙදරත් ඕකුන් සැපට ඉඳී.
    :frown:
    අඩු ගානෙ, ලoකාවට අවුරුදු 4ක වත් සහනයක්. :yes:
    හිරෙන් නිදහස් වෙලා ඇවිත් ආපහු පටන් ගනී.
    :(

    +Rep
    11.gif
     
    Last edited: