ජය ශ්‍රී මහා බෝ සමිදුට වින කැටූ ජේමිස් අප්පුහාමි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    9T4XhAu.jpg


    1929 වසරේ ඇසළ මාසයේ එක් දිනයක් ජාතියේම කම්පාවට පත් දිනයක් විය. සමහරෙක් නොදත් ඒ කතාව මෙසේ සටහන් කරන්නෙමි.

    උඩ මළුවෙහි වැඩ සිටිනා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ බෞද්ධ අපගේ මුදුන් මල්කඩ මෙන්ය. බෞද්ධ සැදැහැවතුන් එක සිතින්, උතුම් ශ්‍රද්ධාවකින් වන්දනාමාන කරන්නා වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ජේමිස් අප්පුහාමු විසින් ඒ මහා අපරාධය කරන ලද්දේ 1929 වසරේ ජූලි 30 වෙනිදාය.

    ජය ශ්‍රී මහා බෝ සමිදු වැඩ සිටින්නේ පොළොව මට්ටමට ඉහළින් වූ විශේෂ වේදිකාවකය. එම වේදිකාවට කිසිවකු පය තබන්නේ නැත. ඒ එය එතරම්ම පූජනීය නිසාවෙනි. මෙම විශේෂ වේදිකාව වටාද පරිවාරක මළු හතක් පිහිටිවා තිබේ. ඒවා වැලි මළුව, විහාර මළුව, දෙවැනි මළුව, රන් වැට මළුව, උඩ මළුව, උඩමළුව පැරණි රන් වැට, මහ බෝ මළුව හා වැඩ හිදින මළුවයි.

    සාමාන්‍ය ජනතාවට වර්ථමානයේදී යාමට අවසර ඇත්තේ දෙවන මළුව වෙත පමණි. නමුත් 1929 වසරට පෙර සාමාන්‍ය ජනතාවට බෝ සමිදු අසලටම ගොස් වන්දනා කිරීමට අවස්ථාව හිමිවිය. එම අවස්ථාව අපට අහිමි වී ගියේ 1929 ජූලි 30 දින ජේමිස් අප්පුහාමි කල අපරාධයත් සමගිනි.

    එදා බැතිමතුන් අඩු වූ දිනයක් විය. අද මෙන් එකල වන්දනාකරුවන් බොහෝ ලෙස රැස්ව සිටින්නේ නැත. ඉතින්, ජේමිස් අප්පුහාමිද එදා උදෑසන ජය ශ්‍රී මහා බෝ සමිදු වෙත පැමිණ ඇත. බෝ සමිදු අසල කිසිවෙකු නැතිවෙන වේලාවක් බැලූ ජේමිස් අප්පුහාමි ඔහු ගෙනා පොහොර කවරයෙන් පොරොවක් ගෙන බෝධීන් වහන්සේගේ විශාලතම ශාකාවකට වේගයෙන් කොටන්නට විය. අවට කිසිවෙක් නොසිටි බැවින් ඔහු වේගයෙන් සිය අපරාධය කරගෙන ගියේය.

    බෝධීන් වහන්සේ වැඩසිටින පැත්තෙන් ගසකට කොටන හඩක් ඇසුණු නිසා ලොකු හාමුදුරුවන් හා එවකට සිටි කැපකරුවා කෑගසමින් ජය ශ්‍රී මහා බෝ සමිදු වෙත පැමිණියද ඒ වන විටත් ජේමිස් අප්පුහාමි විසින් බෝධීන් වහන්සේගේ විශාලතම ශාකාව කපා බිම හෙලා අවසන්ය.

    9K1R1yM.jpg


    ජේමිස් අත් අඩංගුවට ගැනුණි. ඒ සමග නොයෙක් මතවාදද මතුවිය. සමහරු ජේමිස් මානසික රෝගයක් ඇත්තෙකු යැයි කී අතර සමහරු ඔහු බීමත්ව සිටි බව කීය. සමහරු ජේමිස් අන්‍ය ආගමිකයන්ගෙන් මුදල් ගෙන මෙම අපරාධය කල බව කීය. බෞද්ධ ජනතාව මේ පුවතින් කම්පා විය. ජේමිස් විසින් කපන ලද ශාකාව ආදාහන උත්සවයක් පවත්වා ආදාහනය කෙරුණි. ඉන්පසුව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට එවකට අටමස්ථානාධිපති හිමියන් විසින් යකඩ වැටක් සවි කෙරිණි. බෝධීන් වහන්සේ අසලටම ගොස් වන්දනාමාන කිරීම තහනම් කෙරිණි. අදටත් ක්‍රියාත්මක වන්නේ එදා ජේමිස් අප්පුහාමි සිදුකල අපරාධයෙන් පසු බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට යෙදූ උපක්‍රමයන්ගේ ප්‍රථිපලයයි.

    අද වන විට එදා ඉදිකල යකඩ වැට වෙනුවට රන් වැටක් ඉදිකොට බෝධීන් වහන්සේගේ ආරක්ෂාව දැඩිකොට තිබේ. අදටත් ජේමිස් අප්පුහාමි විසින් කපා ඉවත් කල කොටසෙහි අඩුව දැකගත හැකිය. එය දෙවන ජායාරූපයෙන් දැක්වෙන අතර පළමු ජායාරූපයෙන් දැක්වෙන්නේ ඒ මහා අපරාධය සිදුකල ජේමිස් අප්පුහාමි අත් අඩංගුවට ගත් මොහොතයි.

    උතුම් වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!

    Copied
    ................තිසා .............
    #thisankagamage
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    මළුව උඩට මිනිස්සුන්ට නොයන්න බෝදිය නාවන්න එහෙම නොදෙන අනිත් හේතුව ගස දැන් දිරල තිබීම. උඩට තියෙන අත්ත ඇතුලෙන් මුලට යනකම් ප්‍රවේසමෙන් කොන්ක්‍රීට් එක්ක යකඩ කම්බි දාල කැන්ටිලීවර් කරල තියෙන්නෙ.
     
    • Like
    Reactions: UKKU PUTHA

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    මළුව උඩට මිනිස්සුන්ට නොයන්න බෝදිය නාවන්න එහෙම නොදෙන අනිත් හේතුව ගස දැන් දිරල තිබීම. උඩට තියෙන අත්ත ඇතුලෙන් මුලට යනකම් ප්‍රවේසමෙන් කොන්ක්‍රීට් එක්ක යකඩ කම්බි දාල කැන්ටිලීවර් කරල තියෙන්නෙ.
    I do not know the truth of this story. But the person who treated this sacred Bo Tree for years and he was non other than person in charge of Peradeniya Botanical Garden. Close to his house there is Bo sapling from sacred Bo tree and he test some treatments to that plant , (with the help of chief incumbent of that temple) before they are applied .
    The main bo tree got damaged due to LTTE shelling too. It is very old and may be sensitive to pollution of environment and soil over the centuries!
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    I do not know the truth of this story. But the person who treated this sacred Bo Tree for years and he was non other than person in charge of Peradeniya Botanical Garden. Close to his house there is Bo sapling from sacred Bo tree and he test some treatments to that plant , (with the help of chief incumbent of that temple) before they are applied .
    The main bo tree got damaged due to LTTE shelling too. It is very old and may be sensitive to pollution of environment and soil over the centuries!
    It's plausible. The guy who designed the structural reinforcement was a civil engineer from University of Peradeniya and there's a bunch of botanists treating the bo tree to this day. I’m sure the administration consulted the best people they could get hold of when they decided to repair it during the 60s.

    You can't maintain the longevity of an archaic tree like this without proper scientific support, especially when the air quality is degrading with each passing year.
     
    Last edited: