ජය ශ්‍රී වාරණය ඉවරයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,092
    46,670
    113
    ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කර තිබෙනවා.

    අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ විසිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ.

    පෙත්සම්කරු කියා තිබුණේ, තමා සහ එම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනා එක්ව “ජය ශ්‍රී” යනුවෙන් සංගීත කණ්ඩායමක් පිහිට වූ බවයි.

    වගඋත්තරකරුවන් දෙදෙනා මේ වන විට සංගීත කණ්ඩායමෙන් ඉවත්ව සිටින අතර ඔවුන් තමන්ගේ අනුමැතියකින් තොරව එම සංගීත කණ්ඩායම විසින් සම්පාදනය කළ “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත ගායනා කරන බවත් එය බුද්ධිමය දේපළ පනතට පටහැනි බවත් පැමිණිලිකරු අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලු වාණිජ මහාධිකරණය වගඋත්තරකරුවන් දෙදෙනාට නොතීසි නිකුත් කරමින් අදාළ වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

    කෙසේ වෙතත් අද (23) දිනයේ එම වාරණ නියෝගය ඉවත් කිරීමෙන් පසු ජය ශ්‍රී සාමාජිකයින් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

    ඔවුන් දෙදෙනා සඳහන් කළේ, එම ගීත අතරින් බහුතරයක් ඔවුන් දෙදෙනා විසින් ගැයූ බවයි.


     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    KrishanL89
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    දැන් අරූ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් මුන් දෙන්නාට සදාකාලිකවම අරියි
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    දැන් අරූ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් මුන් දෙන්නාට සදාකාලිකවම අරියි
    සිංදු ටික මුන් ලිව්වනම් අරූ කොහොමද මුන්ට අරින්නේ..
     
    • Like
    Reactions: Ryan08 and hchri

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,120
    113
    - උඩරට -
    ඕඩීයන්ස් එක තියෙන්නේ මුන් දෙන්නගේ පැත්තට නිසා මුන්ට වාසී බන් 😅 අපිට වැඩක් නෑ කවුරු ඔව්වා ලිව්වත් , අපිට ඕනී වින්දනය 😅
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැන් අරූ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් මුන් දෙන්නාට සදාකාලිකවම අරියි
    Munge sindu austria da koheda register karala tiyenne.