ජර්මානු_නාසි_ගුවන්_යානයක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ජර්මානු_නාසි_ගුවන්_යානයක්

දෙවන ලෝක යුධ සමයේ කඩා වැටුණු ME 109 Messerschmitt fighter වර්ගයේ නාසි ජර්මානු ගුවන් යානයක් ඩෙන්මාර්කයේ 14 හැවිරිදි ළමයෙකු විසින් ඔවුන්ගේ ගොවිපොළේදී සොයාගෙන ඇත. එය හමුවන විට එහි යානය පදවාපු ගුවන් නියමුවාගේ ඇට සැකිල්ලද හමුවී ඇත.

මේ 14 හැවිරිදි ළමයා නමින් Daniel Rom Kristiansen ය. ඔහුගේ පියා ගොවියෙකි. ඩෙන්මාර්කයේ අක්කර ගණනාවක වපසරියක ඔවුන්ගේ පවුලේ ගොවිපල පැතිර ඇත. පසුගිය සතියේ දිනක ඔහුගේ පුතාට පාසලෙන් ගෙදර වැඩ ව්‍යාපෘතියක් දී ඇත. එනම් දෙවන ලෝක යුධ සමයේ තොරතුරු එක් රැස් කරන ලෙසටය.

සුපුරුදු පරිදි නිවසට පැමිණි ඩැනියෙල් තොරතුරු එක් රැස් කරන්නට විය. ඔහු අසලට පැමිණි ඔහුගේ පියා විහිලුවට මෙන් පුතා ගිහින් වත්තේ ඇවිදලා බලන්න කඩා වැටිච්ච ප්ලේන් එහෙම තියනවා ද කියලා යයි පවසා ඇත. මන්ද එකල ඔහුගේ පියා නොහොත් ඩැනියෙල් ගේ සියා 1944 නොවැම්බර් මාසයේදී ඔහුන්ගේ ගොවිබ්මට ගුවන් යානයක් කඩාවැටී ඇති බව පවසා ඇති නිසාය. බොහෝ වෙලාවට ඔවුන් සීයාගේ කතා විශ්වාස නොකළේය.

ටික වෙලාවකට පසුව ඩැනියෙල් metal detector එකක් හෙවත් ලෝහ වර්ඟ හඳුනා ගත හැකි උපකරණයක් සමග වත්තේ ඇවිදින්නට විය. හිටිහැටියේම metal detector නාද වන්නට විය. ඔහු වට පිට බැලුවත් කිසිවක් හඳුනා ගන්නට අසමත් විය. තවදුරටත් අධ්‍යනය කිරීමේදී මෙය පොලව ඇතුලතින් පිහිටා ඇති ලෝහ බවට ඔහුට පසක් විය. පසුව ඩැනියෙල් විසින් පියාට දැනුම්දීමෙන් පසු පිය පුතු දෙදෙනා එකතු වී පොලව හාරන්නට විය . නමුත් ලෝහයක කිසිම සලකුණක් දක්නට නොලැබුණි. නමුත් මෙටල් ඩිටෙක්ටර් එක නොනවත්වාම නාද වන්නට විය. එවිට මෙය පොලවට ගොඩක් ගැබුරින් ඇති ලෝහ බවට ඔවුනට තේරුම් ගියේය.

පසුව ඔවුන් අසල්වැසි නිවසකින් කුඩා ප්‍රමාණයේ excavator ( හාරන යන්ත්‍රයක් ) ගෙන විත් පොලව
ගැඹුරුට හාරන්නට විය.ඔවුන් අඩි හතරේ සිට හය දක්වා ගැඹුරුටම හැරීමේදී ලෝහ කොටස් හමුවිය.

මුලදී ඔවුන්ට ගුවන් යානයක් කියා කියන්නට තරම් දෙයක් දක්නට නොලැබුණි. හමු වියේ ලෝහ කැබලිය. තව දුරටත් හාරාගෙන යාමේදී ගුවන් යානයේ එන්ජිම හමු විය. එයට අමතරව නියමුවාගේ ඇඳුමේ ඇති Luftwaffe සලකුණු හමු විය.

ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් නියමුවාගේ අස්ථි කැබලි මතුවන්නට විය. තවදුරටත් කැණීමේදී ගුවන් නියමුවාගේ විවද දෑ හමු විය. පොත් , කුඩා ප්‍රමාණයේ බයිබලයක් සහ ඔහුගේ සාක්කුවේ තිබු මුදල් නෝට්ටු හමු විය. සමහරක් විට එය බයිබලයක් හෝ
Mein Kampf විය හැකි බව ඔවුන් පවසයි.

අපි ඊට පස්සේ කිසිම දෙයක් අතින් ඇල්ලුවේ නැහැ. ගුවන් නියමුවාගේ ඇට සැකිල්ලේ කොටස් වෙනම බෑග්ස් වලට දැම්ම. මුදල් සහ ඔහුගේ අනෙකුත් දේවල් වෙන වෙනම බෑග්ස් වලට අසුරුවා. අපි හිතනවා කෞතුකාගාරයේ පර්යේෂණ අංශය විසින් ඒවා ගැන වැඩි දුර විස්තර සොයාගනිවී කියා. මම හිතනවා එහි තිබු ලියකියවිලින් වල ගොඩක් තොරතුරැ අරගන්න පුළුවන් කියලා යනුවෙන් ඩැනියෙල් ගේ පියා පවසා සිටියි.

මේවන විට ඩෙන්මාර්කයේ උතුරු ජුට්ලන්ඩ් පොලිසිය සහ බෝම්බ නිෂ්ක්‍රිය අංශයන් මෙහි පැමිණ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා. මේ වන විට පොලිසිය නියමුවාගේ ඉතිරි කොටස් සහ අනෙකුත් ලෝහ කොටස් සොයා ගැනීමට වැඩිදුර කැනීම් කරනවා.

බෝම්බ නිෂ්ක්‍රිය අංශය විශ්වාස කරනවා පුපුරා නොගිය බෝම්බ මෙහි ඇති බවත් එම බෝම්බ නිෂ්ක්‍රිය කිරීම ඔවුන්ගේ අරමුනයි. පොලිසිය සහ අනෙකුත් පර්යේෂණ කණ්ඩායම් එකතුවී යානය සම්පුර්නයෙන්ම පොළවෙන් එලියට ගැනීමට උත්සහ කරමිනි සිටියි.

ඇත්තටම මම මෙහි අවුරුදු 40 කට වඩා ජිවත් උනා. පුදුමය කියන්නේ අපිට මතුපිටින් කිසිම දෙයක් කවදාවත් දකින්නට ලැබුනේ නැහැ යැයි ඩැනියෙල් ගේ පියා පවසා සිටී. ඇත්තටම මෙතන තියෙන්නේ ලෝහ කෑලි විතරක් නොවෙයි මෙහි ඇති ලිය කියවිලි සමග දෙවන ලෝක යුධ සමයේ ගොඩක් සැගවුණු දේවල් හොයාගන්න පුළුවන් වේ යයි ඩැනියෙල්ගේ පියා විශ්වාස කරයි.

ඇත්තටම මාගේ තාත්තා ඒ දවස් වල ඔය වගේ එක එක කතා අපිට කියලා තියනවා. එත් සමහරක් ඒවා සත්‍යයෙන් තොරයි. ඇත්තටම ඔහු ජීවත්වෙලා ඉන්න කාලේ ඔහුගෙන් ගොඩක් දේවල් දැනගත යුතුව තිබුණා. නමුත් ඒවා ගොඩක් මග හැරුනා. දැන් තමයි ඒවායේ වටිනාකම ගොඩක් දැනෙන්නේ යනුවෙන් ඩැනියෙල්ගේ පියා තවදුරටත් පවසා සිටියි.



පහතින් පලවන්නේ මේ ප්‍රවෘත්තියට අදාළ චායාරුප කිහිපයකි. මෙම චයරුපවල පරම අයිතය ලන්ඩන් ඩේලි මේල් සතුය.


3E1D337F00000578-4293356-image-a-32_1489081011183.jpg


ගුවන් යානයේ ලෝහ කැබැල්ලක් සමග මේ චයරුපයේ ඉන්නේ 14 හැවිරිදි ඩැනියෙල්.

3E1D33EA00000578-4293356-image-a-31_1489081008797.jpg


ඩෙන්මාර්ක ආරක්ෂක අංශ විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අයුරුයි මේ.

3E0A0E6500000578-4293356-image-a-95_1488976929776.jpg


ගුවන් යානයේ එන්ජිමේ යාන්ත්‍රික කොටස් .

3E0A0DB900000578-4293356-image-a-93_1488976390290.jpg


එන්ජිමේ කොටසක් සමග චයරුපයකට පෙනී සිටින 14 හැවිරිදි ඩැනියෙල්.

3E1D303800000578-4293356-image-a-33_1489081073595.jpg


පරීක්ෂණ මෙහෙයවන ඩෙන්මාර්ක ආරක්ෂක අංශ. පුපුරා නොගිය බෝම්බ සහ අනෙකුත් ගුවන් යානයේ කොටස් සොයමින්.

3E0A079B00000578-4293356-image-a-97_1488976962782.jpg


මේ ඩැනියෙල් ගේ පවුලේ ගොවිපොළේ කොටසක චයරුපයක්.

3E09F92C00000578-4293356-image-a-96_1488976933162.jpg


පිය පුතු දෙදෙනා විසින් සොයාගත් ගුවන් යානයේ සුන්බුන්

41ba8bdc9a2f01cf67fc9a3fe5ff28b4.jpg


මේ තියෙන්නේ 1944 දී ගොවිබිමට කඩා වැටුණු ආකාරයේ ME 109 Messerschmitt ගුවන් යානයක්.

වැඩි විස්තර සහ නවතම තත්වය ගැන දැනගැනීමට අවශ්‍ය නම් ලංඩන් ඩේලි මේල් හෝ CNN
ප්‍රවෘත්ති වෙබ් අඩවි වෙත යොමුවන්න.

ඉතින් මේ ප්‍රවෘත්තිය ගත්තේ ලංඩන් ඩේලි මේල් එකෙන්. සිංහලයට පරිවර්තනය කලේ මා විසිනි. මෙය මා විසින් මහන්සියක් දරා පරිවර්තයන කලේ එළකිරියේ වෙසෙන සාමාජිකයින් වෙනුවෙන්. මට රෙප් නැති උනත් කම් නැහැ. තව කෙනෙකුට බලන්න කමෙන්ට් එකක් හරි බම්ප් එකක් හරි දාල යන්න.

50KG ගේ තවත්
ප්‍රවෘත්ති පරිවර්තනයක් elakiri ඔබ වෙනුවෙන්ම
 
Last edited: