ජලය පානය ඔබ හිතනවාට වඩා බරපතල දෙයක්..!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ජලය පානය ඔබ හිතනවාට වඩා බරපතල දෙයක්..!

    ජලය කියන්නේ ජීවයේ උල්පත කියලා හැමෝම දන්නවා. නමුත් එහෙම වෙන්නෙ කොහොමද සහ ජය එහෙම නැතිනම් වතුර වල තියෙන වැදගත්කම පිළිබඳ බොහෝ දෙනෙක් නොදැනුවත් වතුර තිබහක් ආවොත් බොනවා,

    පොඩි කාලේ ඉඳන් පුරුදු වුණ නිසා කෑම කාලා වතුර බොනවා වගේ දේවල් කරන්නේ නිකන් අනිච්චානුග ක්‍රියාවක් වගේ. නමුත් වතුර පිළිබඳ සුළුවට හිතලා බැහැ කියලා. මේ ලිපිය කියවලා ඉවරවෙනකොට තේරුම් ගන්න පුළුවන්.

    ජීවී දේහයෙන් වැඩි ප්‍රතිහතයක් අඩංගු වන්නේ ජලයෙන්. ඒක ප්‍රතිශතයක් විදිහට ගත්විට සියයට 65-70 පමණ වෙනවා. ඒ කියන්නේ 2/3 ක ප්‍රමාණයක් අඩංගු වෙන්නේ ජලය. මේ ජලය ශරීරය තුළ විවිධ ආකාරයෙන් පවතිනවා. කිලෝ 72ක ශරීර ස්කන්ධයක් සහිත පුද්ගලයෙකුගේ ශරීරයෙන් ලීටර් 40 ක් තරල එහෙම නැතිනම් ජලය අඩංගුයි. එකෙන් ලීටර 25ක් අන්ත:ශෛලීය විදියටත්, ලීටර් 15 ක් බහිය්සෛලීයවත් තියෙනවා.

    ඒ අනුව ශරීරයේ සියලුම සෛලීය ක්‍රියාවලීන් වලට ජලය අත්‍යවශ්‍ය සාධකයක් බව පැහැදිලියි. මේ සංසිද්ධිය සමස්ථ පෘථිවි තලයටත් පොදුයි. පෘථිවි ගෝලයෙන් 3/4 ක් තියෙන්නේ ජලය. ජලය විවිධ ස්වරූප වලින් තියෙනවා පෘථිවි ගෝලය පුරා වැඩි කොටසක් සාගර හා විල් වල කරදිය ලෙස, තව කොටසක් ගංඟා, ඇල දොල ආදියේ මිරිදිය ලෙස, තවත් කොටස් අයිස් කඳු සහ ග්ලැසියර ලෙස සහ වාෂ්ප ලෙස වායු ගෝලයේ ජලය විද්‍යාත්මකව සංකේතවත් කරන්නේ H2O(l), ජලවාෂ්ප H2O(g), ලෙස.

    මේ අනුව පෘථිවි ගෝලයේ තවමත් ජීවය පැවතීමට හේතුව ජලය බව නොරහසක්. අඟහරු වැනි ග්‍රහලෝකවල වියළි ගිය සාගර පැවතීම තුළ ජලය නොමැතිවීම නිසාවෙන් ජීවය විනාශ වී ඇති බවත් පැවසෙනවා. දැන් අපි බලමු ජලය පානය කිරීම හා සම්බන්ධ වැදගත් කරුණු කිහිපයක්.

    වතුර බොනකොට ඒකේ වටිනාකම සහ වැදගත්කම අවබෝධ කරගෙන පානය කරන අය ඉන්නවා. නමුත් එහෙම නොවන අයත් අපි අතරම ඉන්නවා. තව කෙනෙක් බොනවා දැකපු පලියට හරි, දිව ගිලෙන තරම් පිපාසයක් ආවම විතරක් වතුර බොන අය ටිකක් මේ ගැන වැඩියෙන් අවධානය යොමුකරනවානම් වඩාත් හොඳයි.

    මේ වනවිට දිනකට ජලය ලීටර් 6-8 අතර පානය කළ යුතුයි කියන එක හැමෝම වගේ අහලා දැකලා ඇති. නමුත් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ මතය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ වනවිට ඉදිරිපත් වී ඇති සාර්ථකම ක්‍රමය තමයි තමන්ගේ බර අනුව නිර්දේශිත ජලය ප්‍රමාණය පානය කිරීම. ඒත් ඒක කොහොමද දැනගන්නේ? ඒ මෙහෙමයි හිතන්න ඔබේ බර 70kg කියලා. ඔබ පානය කළ යුතු ජලය කෝප්ප ප්‍රමාණය 10ක්.

    උදා : 70kg ÷ 7 = 10 63kg ÷ 7 = 9

    මෙහි එක කෝප්පයක් යනු මිලිලීටර 250 ක් බව මතක තබාගත යුතුයි. ඒ අනුව බලද්දි ඔබම ගණනය කරලා බලන්න මේ වතුර ප්‍රමාණය ඔබ දිනකට පානය කරනවාද කියලා. වතුර බොන එක පුරුද්දක් බවට පත් කරගත යුතු දෙයක්. තමන්ට හැකි සෑම විටම ජලය පානය කිරීම කළ යුතුයි. එය වරකට උගුරක් දෙකක් වන්නට පුලුවන්, නමුත් එය කායිකව ඉතාම වැදගත්.

    නියමිත ජල ප්‍රමාණය සිරුරට නොලැබී ඇති බව අපි දැනගන්නේ කොහොමද? ක්‍රම කීපයක් තියෙනවා. පහසුම දෙයක් තමයි ඔබේ මුත්‍රාවල පැහැය. මුත්‍රාවල පැහැද තද කහ, තැඹිලි පැහැයට හුරුනම් ඔබ පානය කර ඇති ජලය ප්‍රමාණවත් නැහැ. මුත්‍රා කරන විට මුත්‍රා දැවිල්ලක් තිබෙනවා නම් එයත් තව ලක්ෂණණයක්.

    නමුත් දිනකට වඩා මුත්‍රා දැවිල්ල පවතිනවා නම් ඒක මුත්‍රා ආසාදන තත්වයක් වෙන්න පුළුවන්. ඒ නිසා නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීම අවශ්‍යයි. අනෙක් ලක්ෂණය තමයි හිසරදය. අපි දුර ගමන් යද්දි ගමන ගිහින් ඉවර වෙද්දි හිසරදයක් හැදෙනවා නේද? අතරමග වැසිකිලි යාම අපහසු නිසා අපි වතුර බොන්නේ අඩුවෙන්.

    ඒ නිසා වතුර බීම මදි බව අඳුනගන්න ඒක හැමෝම වගේ අත්විඳලා තිබෙන උදාහරණයක්. හිසරදය හැදෙන වෙලාවට ටිකක් වැඩියෙන් වතුර බීලා විනාඩි 10 ක් 15 ක් ඉඳලා බලන්න. අනිවාර්යයෙන්ම හිසරදය නැතිවෙලා සහනයක් ලැබේවි. නමුත් ඒක වෙනත් රෝගී තත්වයක් නිසා නම් වතුර බීම නිසා අඩු වෙන්නේ නැහැ.

    මීළඟට අපි දැනගත යුතුම දෙයක් තමයි අව්වෙ ගිහින් ඇවිත් මහන්සිය පිටින්ම වතුර බීගෙන බීගෙන යාම ඉතාම නරක දෙයක්. ඒක ශරීරයට දරාගන්න ඉතාම අපහසුයි. ඒ නිසා එවැනි අවස්ථාවක ජලය පානය කළ යුත්තේ ටිකෙන් ටික. මීළඟට ජලය පානය කරද්දි ඉස්සර කාලේ ජලය ගබඩා කලේ මැටි භාජන වල. මැටි කළ, ගුරුලේත්තු වලින් ජලයේ තිබෙන රසායනික ද්‍රව්‍ය අවශෝෂණය කරගන්නවා. ඒ වගේම ජලය සිසිල් කරනවා. අපි හැමෝටම අපේ ගෙදර පුංචි ගුරුලේත්තුවක් තියාගන්න එක අපහසුවක් නැහැ නේද?

    මීළඟ කරුණ තමයි කෑම කාපු ගමන් ජලය පානය කිරීම. මේක ශාරීරිකව හොඳ පුරුද්දක් නම් නෙවෙයි. කෑම කාලා විනාඩි 15-20 ත් අතර වෙලාවකට පස්සේ තවතුර බොනවා නම් ඒක තමයි ආාහර දිරවීමට සහ පෝෂණ ද්‍රව්‍ය නිසි පරිදි අවශෝෂණයට හොඳම මග.. ඒ වගේම තමයි කෑම කන්න පැය භාගයකට වගේ කලින් වතුර උගුරු කීපයක් බොනවා නම් ආමාෂයේ එන්සයිම සක්‍රීය කර ආහාර වල දිරවීමේ ක්‍රියාවලිය ක්‍රමවත් කරවනවා.

    ඒ වගේම තමයි අපි ස්නානයෙන් පස්සෙ වතුර විදුරුවක් බොනවා නම් නෑමෙන් පස්සේ ශරීර අභ්‍යන්තරෙයේ සහ බාහිර උෂ්ණත්වය මනාව රඳවා ගැනීමක් සිදුවෙනවා. ඒ වගේම තමයි උදේ නැගිටපු ගමන් වතුර මිලිලීටර් 250-500 අතර ගන්නවා නම් මුළු දවස පුරාම ප්‍රබෝධමත්ව ඉන්න ඒක හේතු වෙනවා.

    ඒ වගේම උදෑසන මුල් වතුර ප්‍රමාණය තරමක් උණුවෙන් පානය කළ හැකි නම් ඒක වඩාත් ශරීරයට වාඩි අත්කර දෙන්න සමත්. ඒ වගේම උදෑසන ජල විදුරුවට දෙහි යුෂ ස්වල්පයක් එකතු කර පානය කිරීමත් රාත්‍රී කාලයට මී පැණි මිශ්‍ර ජල වීදුරුවක් පානය කිරීමත් කරනවා. ඒ හරහා ශරීරයට වාසි රැසක් ලැබෙනවා.උදෑසන දෙහි යුෂ මිශ්‍රවීම තුළ ශරීරය උත්තේජනය වීමත් මී පැණි නිසා ශරීරයේ හෝමෝන සන්සුන් කරවමින් පහන් සිතිවිලි අවදිකරනවා.

    ජලය පානය නොකිරීම තුළ අපේ ශරීරය විජලනයට පත්වීම, වකුගඩු ආශ්‍රිත ක්‍රියා අකර්මණ්‍ය වීම, මුත්‍රා පෙරීම නිසි පරිදි නොවීම සහ සහ ආම්ලික බව වැඩිවීම තුළ මුත්‍රාගල් ඇතිවීම, මුත්‍රා ආසාදන ඇතිවීම, ආමාෂයේ ආම්ලික බව වැඩිවීම ගැස්ට්‍රයිටීස් ඇතිවීම සිදුවෙන්න පුළුවන්.

    ඒ වගේම ශරීරයේ උෂ්ණත්ව යාමනය හරිහැටි සිදු නොවීම නිසා හෝමෝනමය ක්‍රියා නිසි පරිදි ඉටු නොවීම, පුරුෂයින්ගේ ශුක්‍රාණු වල තරලමය බව අඩුවීම තුළ මදසරුභාවය ඇතිවීම, කාන්තාවන්ගේ ශරීරයේ ඩිම්බ නිෂ්පාදන අදිරෝපණය වීමේදී විවිධ සංකූලතා මතුවීම වැනි තත්වයන්ද සම ආශ්‍රිතව අධික වියළිබව සහ කොරළ තත්ව ඇතිවීම, කුරුලෑ ඇතිවීම, Black heads, white heads ඇතිවීම, දහඩිය දුඟද ආදිය ඇතිවිය හැකියි.

    නිසි පිරිදි ජලය පානය කිරීම තුළ ඉහත තත්ව වැළකෙනවා සේම ශරීරයේ බර අඩුකරගත හැකිවීම, පැහැපත් භාවයක් ඇතිවීම, මස්පිඩු වල යහපත් වර්ධනය හා ශක්තිමත් වීම, හදවත් රෝග වලින් කොලෙස්ටරෝල් වලින් තොර විය හැකිවීම, ආතරයිටීස් වැනි තත්වයන් වළක්වාගත හැකිවීම, ඇස් පෙනීම වර්ධනය, මුඛයේ ආසාදන වැළැක්වීම හා මුඛයේ දුර්ගන්ධය නැතිවීම, මානසික ව්‍යාකූල බව වළක්වා ගැනීමට, හිසකෙස් වර්ධනයට ආදී වාසි රැසක් අත්පත් කරගත හැකියි.

    ඒ අනුව වෙනදා පුරුද්දට මෙන් කළ ජලය පානය කිරීමට වඩා දැනුවත් භාවය තුළ මනා අවබෝධයෙන් ජලය පානය කිරීම තුළ ඇති වෙනස අත්විඳීමට නම් එය අනුගමනය කළ යුතුම බවද වටහා යුතු කරුණකි.

    උපුටා ගැනීම - www.her.lk