ජවිපෙ කාලකන්නි දේශපාලන ප්‍රතිපත්ති අශිලචරම ලන්ක්ෂණය තමයි බොරු ප්‍රචාර යැවීම . ජෙප්පෝ මහජන බැංකුව බංකොලොත් වෙනවා කියා බොරු ප්‍රචාර යැවීමට පටන්ගෙන ඇත. රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තුව ප්‍රධානීන් විසින් මහජන බැංකුවේ පවතින තම ගිණුම් වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කිරීම අලළා නොමග යවන සුලු අදහස් විවිධ සමාජ මාධ්‍ය වාර්තා මගින් ප්‍රසිද්ධ කර ඇති බැවින් ඒ ගැන පැහැදිලි කිරීමක් සිදු කිරීමට මහජන බැංකුව අද (17) කටයුතු කර තිබේ. මහජන බැංකුවේ දැනට ගිණුම් ඇති මෙරට පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ ගිණුම් රැසක් ද එම බැංකුවෙන් ඉවත්කරගැනීමට සිදුවුණු ඇති බවත් වැඩ වර්ජන කිරීම මත තම මූල්‍ය කටයුතු පවත්වා ගැනීමට නොහැකිවීමෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවූ බවත් බැංකුවේ සේවකයන්ට ද සිය අවශ්‍යතා වෙනුවෙන් මුදල් ලබාගැනීමට නොහැකි නිසා විකල්ප ක්‍රියාමාර්ග වලට යොමු වී ඇති බවත් පළවූ අවිනිශ්චිත තොරතුරු මගින් පැහැදිලි කර තිබුණි. නමුත් ඒවා වැරදි ආරංචි බව බැංකුව අවධාරණයකරයි.
