(Photo එක පරණ එකක් හොදේ)
“පලස්තීනයට ජීවත් වීමට ඉඩ දෙනු” යන තේමාව යටතේ සමාජවාදී තරුණ සංගමය දීප ව්‍යාප්ත සිදුකෙරෙන අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් (08) දින හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය ඉදිරිපිටදි සිදුකෙරිණ.
පලස්තීනයට එරෙහි ආක්‍රමණකාරී යුද්ධය වහා නවත්වනු , සාමය උදෙසා ස්වාධීන පලස්තීනයක් ස්ථාපිත කරනු , යන කරුණු මුල්කර ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමු කිරීමට අපේක්ෂිතව සකසන මෙම අත්සන් සහිත පෙත්සමට හැටන් ප්‍රදේශයේ ජාති ආගම් වලින් තොරව විශාල පිරිසක් තම අත්සන යෙදූහ.
– රංජිත් රාජපක්ෂ
