ජවිපෙ පවුල් 106ක් සන්ධානයට
සමාජවාදය කරා යන පළමු ඉණිමග නඟින්නට නම් ජනාධිපතිතුමා සමඟ මෙවර පළාත් සභා මැතිවරණයේදී අපි හැමෝම බුලත් කොළය ඉදිරියේ කතිරය ගසා සන්ධාන රජය දිනවන්න ඕන යැයි කහටගස්දිගිලිය ජනතා විමුක්ති පෙරමුණේ කලාප නායක කහටගස්දිගිලිය මධ්‍ය මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති සිරිසෝම සේනාරත්න (39) මහතා පැවසීය.
ඉකුත්දා (11) සවස අනුරාධපුර නැෙඟනහිර ආසනයේ අන්දරගොල්ලෑව ගම්මානයේ මෙවර පළාත් සභා අපේක්ෂක එච්. බී. සේමසිංහ මහතාට සහාය පලකරමින් පැවැති ජන හමුවේදී ජවිපෙ කලාප නායක සිරිසෝම සේනාරත්න මහතා එසේ පැවසීය.
මෙදිනම අනුරාධපුර නැෙඟනහිර ආසනයේ ජනතා විමුක්ති පෙරමුණේ ගමක් වන හෙට්ටිකට්ටිය ගම්මානයේ පවුල් 106ක් ජනාධිපතිතුමාගේ සංවර්ධන ක්‍රියාවලිය අගය කරමින් එච්.බී. සේමසිංහ (එජනිස) මහතා හමුවී සන්ධාන රජයේ වැඩපිළිවෙළට සහාය පලකරමින් සන්ධාන සාමාජිකත්වය ලබා ගත්හ.ජනාතා විමුක්ති පෙරමුණේ කලාප නායක කහටගස්දිගිලිය මධ්‍ය මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති සිරිසෝම සේනාරත්න මහතා එහිදී මෙසේද කීය. මට අවුරුදු තිස් නමයයි. මා උපන්දා සිටම ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධව හිටියේ.
1988 සහ 1989 වර්ෂවල ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවූ නායකයෙක්. කහටගස්දිගිලිය කලාප නායකයාද මම. 2012 පළාත් සභා මැතිවරණය සියලු දෙනාටම වැදගත් වනවා. ජන තා විමුක්ති පෙරමුණ සමාජවාදී ඉනිමඟ. අපි එහෙම තමයි හදුන්වන්නේ. අපට තිබෙන ලොකුම ගැටලුව තමයි ඉහළ නායකත්වය. සමාජවාදය නැමැති ඉනිමඟ නගින්න නම් තිබෙන බාධකය තමයි ධනවාදී ඇමරිකන් බලවේග.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සන්ධාන රජයට ඇති ලොකුම බලවේගය තමයි ඇමරිකන් ධනවාදී බලවේග. ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනා ඇමරිකන් ධනවාදයට විරුද්ධයි.
එහෙමනම් අපි ඒ ඉනිමඟ නගින්න නම් ජනාධිපතිතුමා සමඟ එක්වන්න ඕන. සමාජවාදය කරා යන පළමු ඉනිමඟ නගින්නට නම් අපි සන්ධාන රජය සමග එක්වී බුලත් කොළයට කතිරය ගසා ජනාධිපතිතුමා දිනවන්න ඕන. එතුමා ජයග්‍රහණය කරන ගමන් උතුරු මැද පළාත් සභාවේ මහත්මා දේශපාලනය කරපු දූෂිත නැති ගමට ඉතාම හොඳීන් වැඩ කර ඇති මෙවර පළාත් සභා මැතිවරණයේදී අංක 4 යටතේ තරග වදින එච්. බී. සේමසිංහ මහතාට වැඩි මනාප ලබාදී ඉහළටම ඔසවා තැබිය යුතු වෙනවා. මම සේමසිංහ මහතා සමග මීට ප්‍රථම මුණ ගැසී කතාබහ කර තිබුණේවත් නැහැ.
නමුත් පළාතේ සිටින අප දන්නවා ඔහු ගැන. සමාජවාදී ඉනිමඟ නැගීමට නම් ජනාධිපතිතුමාට සේමසිංහ මහතා වැනි අය අවශ්‍ය වනවා. ජනතා විමුක්ති පෙරමුණ සමග අපි තවදුරටත් ඉන්නේ කොහොමද? අපගේ ප්‍රධාන නායකයන් පක්‍ෂය හැමවිටම පාවා දීලා.සන්ධාන රජය රට පුරාම නිර්ධන පන්තියට යමක් කර තිබෙනවා. ගම සංවර්ධනය කර තිබෙනවා.මම ප්‍රථම වතාවට තමයි මේවාගේ සන්ධාන වේදිකාවකට ගොඩ වැදුණේ.
ලබන 18 වැනිදා අනුරාධපුරයට පැමිණෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට අවස්ථාවක් ලබා දුනහොත් එතුªමාට මා සියල්ලම කියා සිටිනවා.උතුරුමැද පළාත් සභා අපේක්ෂක හා අනුරාධපුර නැෙඟනහිර ආසන සංවිධායක එච්.බී. සේමසිංහ මහතා ජන හමුව අමතමින් කියා සිටියේ සිරිසෝම සේනාරත්න මහතා ඇතුළු අප සන්ධානෙ රජය සමඟ එක්වූ හෙට්ටිකට්ටිය ගම්මානයේ ජනතා විමුක්ති පෙරමුණේ පවුල් 106ම ඉතා සතුටින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට භාරගන්නවා.
ඔබතුමන්ලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගය කරමින් මෙවර පළාත් සභා මැතිවරණයේදී සන්ධාන රජය ශක්තිමත් කිරීමට බුලත් කොළයට ඡන්දය ලබාදීමටත් ඒ ජයග්‍රහණය ලබාගැනීමට ශක්තිය ලබා දෙමින් අප පක්ෂයට එක්වීමට ගත් තීරණය අගය කරනවා.
මෙවර පළාත් සභා සන්ධානෙ ජයග්‍රහණය ලෝකයටම අපගේ එකමුතුව පෙන්වීමට තිබෙන හොඳම අවස්ථාව. අපි පක්ෂ භේදය ඉවත දමා එකතු වී අපේ රට ධනවාදී බලවේග වලින් බේරාගෙන සංවර්ධිත රටක් හැටියට ඉදිරි පරම්පරාවට භාරකරමු. එය අප හැමගේම වගකීම වනවා.
මෙම අවස්ථාව අමතා පළාත් සභා අපේක්ෂක බුද්ධික පේමදාස, ඩබ්ලිව්. චමින්ද ප්‍රියදර්ශන, කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන රුචිරා මධුෂානි සුභසිංහ පියසිරි සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන්ද විශාල ජනතාවක්ද සහභාගී වුහ.
ජවිපෙ පවුල් 106ක් සන්ධානයට
සමාජවාදයේ ඉණිමග නඟින්න ජනාධිපතිතුමා සමඟ එක්විය යුතුයි