ජවිපෙ බිල්ලා ගෙනා දුෂ්ඨ පනත
විශ්‍රාම වැටුප් පනත ගෙන එමින් ආණ්ඩුව හත් පොලේ ගා ගත්තේය. පැහැදිලි ලෙසම පෞද්ගලික අංශයේ සේවකයින්ගේ තුට්ටු දෙකට තට්ටු කරන්නට ගෙන ආ මෙම පනත අවසන් වූයේ මහා ඛේදවාචයකිනි. කවුරුන් විරුද්ධ වුවත් ක්‍රියාත්මක කරන බවට පුරසාරම් දොඩමින් ගෙන ආ පනත කම්කරුවෙකුගේ ජීවිතයක්ද බිලි ගනිමින් ඉල්ලා අස් අකර ගන්නට ආණ්ඩුවට සිදු විය. ඒ 2005 සිට අත ගැසු සෑම දෙයකින්ම , ඉදිරිපත් වූ සෑම මැතිවරණයකින්ම ජය ගනිමින් අපරාජිතව ඉදිරියට ආ ආණ්ඩුවට සිය ප්‍රථම පරාජය අත් කරදෙමිනි.
විධායකය පමණක් නොව ව්‍යවස්ථාදායකයේද බහුතර බලයක් හිමි කර ගෙන සිටින ආණ්ඩුවට මේ අත් වූ පරාජය නැවත වතාවක් අපට කියා දුන්නේ ඒ සියලු බලයන්ට වඩා ජනතා බලය ප්‍රබල බවයි.
තමන් අනභිබවනීයයිද ,අපරාජිතයයිද සිතා සිටි ආණ්ඩුව මේ පරාජයෙන් ඔලොමොරොන්දම් වී ගියේය. තමන් කුමක් කරන්නේද ,කියන්නේද යි නොදත් තත්වයට පත් විය.
ආණ්ඩුව මුලින්ම කිව්වේ කටුනායක පිස්සු කෙලියේ පොලිසිය කියාය. ඒ අනුව පොලිස්පතිද ඉල්ලා අස්විය. තව තුන් හතර දෙනෙකුන්ට මාරු වීම්ද ලැබුනි. තව දෙන්නෙක් අත් අඩංගුවට ගත්තේය. ආණ්ඩුවේ ප්‍රබල ඇමති වරයෙකුද වන උපවාස සූරි වීරවංශයන් කෙලින්ම මේ චෝදනාව පොලීසියට එල්ල කර ඔවුන්ට දඬුවම් කල යුතු යැයි කීවේය.
ඒ අනුව ඉතාමත් හොඳින් පෙනෙන්නට තියෙන්නේ මේ වැඩේට පොලිසිය වග කිව යුතු බවයි.දුෂ්ඨ පොලීසිය , ඔවුන්ට හොඳ පාඩමක් උගන්වනු ඇතැයි ජනතාවද ප්‍රීතියට පත්ව කිරිබත් පිසීමට අවශ්‍ය කළමනා සකසමින් සිටියහ.
ඒ අතරේ සකල විධ ආණ්ඩු හිතවාදි මාධ්‍යවලින් අමුතු කතාවක් ඇසෙන්නට ගත්තේය. එනම් කටුනායක සිද්ධිය ජේවීපී කුමන්ත්‍රණයක් බවයි. ආණ්ඩුව සංවර්ධන මාවතේ ශීඝ්‍රයෙන් ගමන් කරන දෙස බලා සිටිය නොහැකිව ඊරිසියාවෙන් කම්කරුවන් උසි ගැන්වූ බව වීරවංශගේ සිට අකුරු බැරි ජනතාවට පත්තර කියවීම තම ජීවිකාව කරගත් බන්දුල පුශ්පකුමාර දක්වා වූ හැමෝම කියන්නට ගත්හ.
මුලින්ම සිද්ධියේ වගකීම බාර ගෙන පොලිස්පති ඉල්ලා අස් විය. දැන් සිද්ධිය ජේවීපී කුමන්ත්‍රණයක්ලු.
දැන් හුදී ජනයා වන අපට මාර ප්රශ්නයකි. එක ප්‍රශ්නයක් නොව ඇත්තෙන්ම ප්‍රශ්න පත්රයකි.
ආණ්ඩුව අපට මේ නොකියා කියන්නේ හිටපු පොලිස්පති ජේවීපී කාරයෙක් බවද?
එසේම එදා කටුනායක අරගලයේදී කර්මාන්ත ශාලා ඇතුලට පවා පැන කම්කරුවන්ට එලව එලවා පහර දුන්, වෙඩි තැබු පොලිස් නිලධාරින් ජේවීපී සාමාජිකයින් බවද?මේ සිදු වීම ගැන අත් අඩංගුවට පත් පොලිස් නිලදාරින් දෙදෙනා ජේවීපී ක්‍රියාධරයින් ද?
කම්කරුවන්ගේ තුට්ටු දෙකට තට්ටු කරන මේ පනත හදා ඉදිරිපත් කළ ජයසුන්දර ඇතුලු නිලධාරින් ජවිපේ ඉත්තන්ද?
එපමණක් නොවේ.
කවුරුන් විරුද්ධ වූවත් මේ පනත ක්‍රියාත්මක කරනවා යැයි කියූයේ ජේවීපී නායකයෙක්ද?
කොටින්ම කියනවානම් දැන් ලංකාවේ තිබෙන්නේ ජේවීපී ආණ්ඩුවක්ද?