ජවිපෙ ලාල් කාන්තගේ දුක්ගැනවිල්ල
copyright :w3lanka
http://www.w3lanka.com/2014/08/blog-post_26.html
උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා පොතේ දොරට වැඩුම වෙලාවේ ජවිපෙ පළාත් සභා මන්ත්‍රී ලාල් කාන්ත දුක්ගැනවිල්ලක් කියා තිබිණි.
මගේ දුවගේ අම්මත් හැමදාම අවුරුදු ගාණක් උදේ හතරට නැගිටිනවා. දැන් උසස් පෙළ ඉගෙන ගන්නේ. ටියුෂන්වලට මාසෙට රුපියල් තිස් දහසක් විතර ඕනි. විද්‍යා විෂයන් ඉගෙන ගන්නේ. බිරිඳ ගුරුවරියක්. එයාගේ පඩිය මදි. මට කියක්වත් හම්බ වෙන්නේ නැහැ. එයා තනියම ඒ දුක දරාගෙන වැඩ කරගෙන යනවා.
මං කොහේ හරි රට වටේ ගියාම අපේ සහෝදර සහෝදරියන් දෙන හාල් පොල් ටිකක් ගෙදරට ගෙනත් දානවා. ඒකෙන් වැඬේ හරියන්නේ නෑ. මං කියනවා රටේම මිනිස්සු අපිට එක එක ප්‍රශ්න කියනවා. ගොඩක් අයගේ ප්‍රශ්න විසඳනවා. ඒවාට මැදිහත් වෙනවා.
එතකොට නෝනා මගෙන් ඇහුවා, ‘‘ඉතින් ඔයා ඇයි බලාගෙන ඉන්නේ. ඔයා මොකක් හරි කරන්න බලන්න.’’ ඔයා දන්නවා මම අවුරුදු 30ක් ජේවීපි එකේ ෆුල් ටයිම්. ශත පහක්වත් හම්බ කරලා නැහැ මේ අවුරුදු 30.
දැන් මට එයා කියනවා අවුරුදු තිහක් ෆුල් ටයිම් කරපු මට ‘ඔයත් මොනව හරි කරන්න බලන්න’. ඒ අම්මා අර අම්මාට වඩා වෙනස් තමයි නමුත් තාමත් දුක් විඳිනවා. (උපුටා ගැනීම නෙත් රේඩියෝව)
මේ කියන ආකාරය අනුව තවමත් ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වැටුප යන්නේ පක්ෂ අරමුදලට විය යුතු ය. ලාල් කාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අවුරුදු පහක් සිටි නිසා ඔහුට විශ්‍රාම වැටුපක් ද තිබෙනවා විය හැකි ය. එය ද යන්නේ පක්ෂ අරමුදලට ද?
පක්ෂයෙන් මොවුන්ට ජීවත් වීමට ප්‍රමාණවත් දීමනාවක් නො ගෙවන බව පෙනේ. අනෙක් පැත්තෙන් පක්ෂ සාමාජිකයන්ගෙන් වුව ඉල්ලාගෙන ජීවත් වීම පුද්ගල පෞරුෂයට ගැටලුවකි.
ජවිපෙ ඔස්සේ දීප්තිමත් දේශපාලකයන් බවට පත් වූ බොහෝ දෙනෙකු ජවිපෙ නො තිබිණි නම් සාමාන්‍ය මිනිස්සු ය. ඒ නිසා ඔවුන්ගේ ප්‍රතිභාවෙ මුළු අයිතිය ම ජවිපෙට හිමි යයි පක්ෂය කල්පනා කරනවා විය හැකි ය. එතකොට පක්ෂය හැදුනේ කොහොම ද? මෙවැනි මිනිසුන්ගේ ප්‍රතිභාවෙන් නොවේ ද?
පක්ෂය සාමාජිකයන්ට හිර ගෙයක් වන්නේ නම් එය ඛෙදවාචකයකි. මේ හිර ගෙයින් නිදහස් වූ විමල් වීරවංශ වැනි අයගේ පරිහාණියෙන් නිරූපණය වන්නේ එහි භයානකකමයි. තමන් පක්ෂයට හෝ සමාජයට හෝ කළ සේවය වෙනුවෙන් ඇරියස් බලාපොරොත්තු වීම අතිශය භයානක ය. ඇරියස් ඉතිරි වුණේ ඇයි?
මෙතන තිබෙන්නේ සමාජවාදය තේරුම් ගැනීම පිළිබඳ ගැටලුවකි. ඔබ සමාජය වෙනුවෙන් කටයුතු කළ යුත්තේ ඔබගේ කාර්යභාරයක් ලෙස සිතා මිස කෘතගුණ ලැබිය යුතු සමාජ සේවයක් ලෙස නො වේ. ඔබ සමාජයේ ම කොටසක් බැවින් ඔබ වෙනුවෙන් ද ඔබට කාර්යභාරයක් තිබේ. සතුටින් ජීවත් වීම ඔබගේ සමාජ වගකීමකි.
සතුටින් ජීවත් වීම යනු කුමක් ද? ධනේශ්වර පාරිභෝජනවාදය ද? සමාජවාදියා සතුට විග්රහ කර ගත යුත්තේ පාරිභෝජනවාදයෙන් ගැලවීම තුළයි. භාණ්ඩ වන්දනාව හා පාරිභෝජනවාදය වෙනුවට බුද්ධිමත් පරිභෝජනය ආදේශ කිරීම තුළයි. හැමෝම කරන පළියට ගම දමා කොළඹ ඒම, ළමයින් දොස්තරලා කරන්නට වලි කෑම, පිටරට පදිංචියට යාම, අති සුඛෝපභෝගී ගෙවල් හැදීම, ලොකු කාර් ගැනීම, අලුත් අලුත් භාණ්ඩ මිළ දී ගැනීම, ලොකු හෝටල්වලින් කෑම, ට්‍රිප් යාම, ලොකු මඟුල්, පාටි, ණය ආදියෙන් නිරූපිත පාරිභෝජනවාදී ජීවිතය වෙනුවට විකල්ප ජීවිත ප්‍රවර්ධනය කිරීම සමාජවාදීන්ගේ වගකීමකි.
ලාල් කාන්ත වැනි වාමාංශික පක්ෂ ක්රියාකාරිකයන්ට නැත්තේ එයයි. පක්ෂය නිසා ලැබුණු බොහෝ දේ ගැන ඔවුන්ට සතුටු වන්නට පුළුවන. එහෙත්, නො ලැබුණු දේ ගැන ඔවුහු දුක් වෙති. මේ දුක්ඛප්‍රාප්තියේ එක් ලක්ෂණයක් වන්නේ ඔවුන් දුක් වන්නේ අද තමන් සිටින තැන සිට ලබා ගත හැකි දේ ගැන සිතමින් වීමයි. උදාහරණයක් ලෙස ලාල් කාන්තව ආණ්ඩුවට ගත්තොත්, ඔහුට පළාත් සභා මන්ත්‍රී වැටුප ලබා ගත හැකි ය. තවත් බොහෝ දේ ද ලබා ගන්නට පුළුවන.
එහෙත්, ජවිපෙ නො තිබුණා නම් ලාල් කාන්තට මොන පළාත් සභා ද? විමල් වීරවංශට මොන ඇමතිකම් ද?
රාජපක්ෂ පවුලේ අය රටට කියන දෙය ද මෙයට තරමක් සමාන ය. අපි ප්රභාකරන් මරලා, කොටි සමූලඝාතනය කරලා යුද්දෙ දිනුවා. ඒ නිසා අපට ඕනෑ විදියට රට කන්න දෙන එක ඔබගේ යුතුකමකි.
මේ ධනේශ්වර චින්තනයේ ස්වභාවයයි. ජවිපෙ පූර්ණකාලිකයන්ගේ ජීවන භාවිතාව තුළ පවතින්නේ ද එය ම ය. සමාජවාදී ජීවිතයක් පිළිබඳ කතිකාවක් අවශ්‍ය මෙම සංදර්භය තුළ ය.
සමාජවාදය යනු අද ධනපතීන් විඳින සැප සමාජයේ සියලු දෙනාට විඳින්නට සැලැස්වීම නො වේ. සමාජවාදය අලුත් ජීවිතයකි. එහි අපේක්ෂාවන් වෙනස් ය. එය වනාහි ධනේශ්වර පාරිභෝජනවාදය නො වේ.
ජවිපෙ වැනි සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින අය විකල්ප, ප්‍රායෝගික, සමාජවාදී ජීවිත ගොඩනැගීමට උත්සාහ කළ යුතු ය. පක්ෂය පූර්ණ කාලීනව දේශපාලනය කරන ලාල් කාන්තට ජීවත් වීමට සාධාරණ වැටුපක් ගෙවිය යුතු ය. එය අඩු තරමේ පුහුණු කම්කරුවකුගේ වැටුප හෝ විය යුතු ය.
වාමාංශිකයන් සමාජය ඉදිරියේ මෙවැනි දුක්ගැනවිලි කිය කියා යන එක තේරුමක් නැත. ලාල් කාන්ත ඇත්තෙන් ම මොනවා හරි කළ යුතු ය. මේ ප්රශ්නය අපට ආ විට අපි නම් කළේ වැඩ කිරීම ය.

Last edited: