ජවිපෙ ලාල් කාන්තගේ දුක්ගැනවිල්ල

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    ජවිපෙ ලාල් කාන්තගේ දුක්ගැනවිල්ල

    lal_kantha.jpg

    copyright :w3lanka
    http://www.w3lanka.com/2014/08/blog-post_26.html

    උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා පොතේ දොරට වැඩුම වෙලාවේ ජවිපෙ පළාත් සභා මන්ත්‍රී ලාල් කාන්ත දුක්ගැනවිල්ලක් කියා තිබිණි.

    මගේ දුවගේ අම්මත් හැමදාම අවුරුදු ගාණක් උදේ හතරට නැගිටිනවා. දැන් උසස් පෙළ ඉගෙන ගන්නේ. ටියුෂන්වලට මාසෙට රුපියල් තිස් දහසක් විතර ඕනි. විද්‍යා විෂයන් ඉගෙන ගන්නේ. බිරිඳ ගුරුවරියක්. එයාගේ පඩිය මදි. මට කියක්වත් හම්බ වෙන්නේ නැහැ. එයා තනියම ඒ දුක දරාගෙන වැඩ කරගෙන යනවා.

    මං කොහේ හරි රට වටේ ගියාම අපේ සහෝදර සහෝදරියන් දෙන හාල් පොල් ටිකක් ගෙදරට ගෙනත් දානවා. ඒකෙන් වැඬේ හරියන්නේ නෑ. මං කියනවා රටේම මිනිස්සු අපිට එක එක ප‍්‍රශ්න කියනවා. ගොඩක් අයගේ ප‍්‍රශ්න විසඳනවා. ඒවාට මැදිහත් වෙනවා.

    එතකොට නෝනා මගෙන් ඇහුවා, ‘‘ඉතින් ඔයා ඇයි බලාගෙන ඉන්නේ. ඔයා මොකක් හරි කරන්න බලන්න.’’ ඔයා දන්නවා මම අවුරුදු 30ක් ජේවීපි එකේ ෆුල් ටයිම්. ශත පහක්වත් හම්බ කරලා නැහැ මේ අවුරුදු 30.

    දැන් මට එයා කියනවා අවුරුදු තිහක් ෆුල් ටයිම් කරපු මට ‘ඔයත් මොනව හරි කරන්න බලන්න’. ඒ අම්මා අර අම්මාට වඩා වෙනස් තමයි නමුත් තාමත් දුක් විඳිනවා. (උපුටා ගැනීම නෙත් රේඩියෝව)

    මේ කියන ආකාරය අනුව තවමත් ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වැටුප යන්නේ පක්ෂ අරමුදලට විය යුතු ය. ලාල් කාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අවුරුදු පහක් සිටි නිසා ඔහුට විශ්‍රාම වැටුපක් ද තිබෙනවා විය හැකි ය. එය ද යන්නේ පක්ෂ අරමුදලට ද?

    පක්ෂයෙන් මොවුන්ට ජීවත් වීමට ප්‍රමාණවත් දීමනාවක් නො ගෙවන බව පෙනේ. අනෙක් පැත්තෙන් පක්ෂ සාමාජිකයන්ගෙන් වුව ඉල්ලාගෙන ජීවත් වීම පුද්ගල පෞරුෂයට ගැටලුවකි.

    ජවිපෙ ඔස්සේ දීප්තිමත් දේශපාලකයන් බවට පත් වූ බොහෝ දෙනෙකු ජවිපෙ නො තිබිණි නම් සාමාන්‍ය මිනිස්සු ය. ඒ නිසා ඔවුන්ගේ ප්‍රතිභාවෙ මුළු අයිතිය ම ජවිපෙට හිමි යයි පක්ෂය කල්පනා කරනවා විය හැකි ය. එතකොට පක්ෂය හැදුනේ කොහොම ද? මෙවැනි මිනිසුන්ගේ ප්‍රතිභාවෙන් නොවේ ද?

    පක්ෂය සාමාජිකයන්ට හිර ගෙයක් වන්නේ නම් එය ඛෙදවාචකයකි. මේ හිර ගෙයින් නිදහස් වූ විමල් වීරවංශ වැනි අයගේ පරිහාණියෙන් නිරූපණය වන්නේ එහි භයානකකමයි. තමන් පක්ෂයට හෝ සමාජයට හෝ කළ සේවය වෙනුවෙන් ඇරියස් බලාපොරොත්තු වීම අතිශය භයානක ය. ඇරියස් ඉතිරි වුණේ ඇයි?

    මෙතන තිබෙන්නේ සමාජවාදය තේරුම් ගැනීම පිළිබඳ ගැටලුවකි. ඔබ සමාජය වෙනුවෙන් කටයුතු කළ යුත්තේ ඔබගේ කාර්යභාරයක් ලෙස සිතා මිස කෘතගුණ ලැබිය යුතු සමාජ සේවයක් ලෙස නො වේ. ඔබ සමාජයේ ම කොටසක් බැවින් ඔබ වෙනුවෙන් ද ඔබට කාර්යභාරයක් තිබේ. සතුටින් ජීවත් වීම ඔබගේ සමාජ වගකීමකි.

    සතුටින් ජීවත් වීම යනු කුමක් ද? ධනේශ්වර පාරිභෝජනවාදය ද? සමාජවාදියා සතුට විග්‍රහ කර ගත යුත්තේ පාරිභෝජනවාදයෙන් ගැලවීම තුළයි. භාණ්ඩ වන්දනාව හා පාරිභෝජනවාදය වෙනුවට බුද්ධිමත් පරිභෝජනය ආදේශ කිරීම තුළයි. හැමෝම කරන පළියට ගම දමා කොළඹ ඒම, ළමයින් දොස්තරලා කරන්නට වලි කෑම, පිටරට පදිංචියට යාම, අති සුඛෝපභෝගී ගෙවල් හැදීම, ලොකු කාර් ගැනීම, අලුත් අලුත් භාණ්ඩ මිළ දී ගැනීම, ලොකු හෝටල්වලින් කෑම, ට්‍රිප් යාම, ලොකු මඟුල්, පාටි, ණය ආදියෙන් නිරූපිත පාරිභෝජනවාදී ජීවිතය වෙනුවට විකල්ප ජීවිත ප්‍රවර්ධනය කිරීම සමාජවාදීන්ගේ වගකීමකි.

    ලාල් කාන්ත වැනි වාමාංශික පක්ෂ ක්‍රියාකාරිකයන්ට නැත්තේ එයයි. පක්ෂය නිසා ලැබුණු බොහෝ දේ ගැන ඔවුන්ට සතුටු වන්නට පුළුවන. එහෙත්, නො ලැබුණු දේ ගැන ඔවුහු දුක් වෙති. මේ දුක්ඛප්‍රාප්තියේ එක් ලක්ෂණයක් වන්නේ ඔවුන් දුක් වන්නේ අද තමන් සිටින තැන සිට ලබා ගත හැකි දේ ගැන සිතමින් වීමයි. උදාහරණයක් ලෙස ලාල් කාන්තව ආණ්ඩුවට ගත්තොත්, ඔහුට පළාත් සභා මන්ත්‍රී වැටුප ලබා ගත හැකි ය. තවත් බොහෝ දේ ද ලබා ගන්නට පුළුවන.

    එහෙත්, ජවිපෙ නො තිබුණා නම් ලාල් කාන්තට මොන පළාත් සභා ද? විමල් වීරවංශට මොන ඇමතිකම් ද?

    රාජපක්ෂ පවුලේ අය රටට කියන දෙය ද මෙයට තරමක් සමාන ය. අපි ප්‍රභාකරන් මරලා, කොටි සමූලඝාතනය කරලා යුද්දෙ දිනුවා. ඒ නිසා අපට ඕනෑ විදියට රට කන්න දෙන එක ඔබගේ යුතුකමකි.

    මේ ධනේශ්වර චින්තනයේ ස්වභාවයයි. ජවිපෙ පූර්ණකාලිකයන්ගේ ජීවන භාවිතාව තුළ පවතින්නේ ද එය ම ය. සමාජවාදී ජීවිතයක් පිළිබඳ කතිකාවක් අවශ්‍ය මෙම සංදර්භය තුළ ය.

    සමාජවාදය යනු අද ධනපතීන් විඳින සැප සමාජයේ සියලු දෙනාට විඳින්නට සැලැස්වීම නො වේ. සමාජවාදය අලුත් ජීවිතයකි. එහි අපේක්ෂාවන් වෙනස් ය. එය වනාහි ධනේශ්වර පාරිභෝජනවාදය නො වේ.

    ජවිපෙ වැනි සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින අය විකල්ප, ප්‍රායෝගික, සමාජවාදී ජීවිත ගොඩනැගීමට උත්සාහ කළ යුතු ය. පක්ෂය පූර්ණ කාලීනව දේශපාලනය කරන ලාල් කාන්තට ජීවත් වීමට සාධාරණ වැටුපක් ගෙවිය යුතු ය. එය අඩු තරමේ පුහුණු කම්කරුවකුගේ වැටුප හෝ විය යුතු ය.

    වාමාංශිකයන් සමාජය ඉදිරියේ මෙවැනි දුක්ගැනවිලි කිය කියා යන එක තේරුමක් නැත. ලාල් කාන්ත ඇත්තෙන් ම මොනවා හරි කළ යුතු ය. මේ ප්‍රශ්නය අපට ආ විට අපි නම් කළේ වැඩ කිරීම ය.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    KASAugust 26, 2014 at 11:52 AM @w3lanka

    සමාජවාදය කියන්නේ ගෙඩි පිටින් ගත්තොත් දැන් යල් පැනපු දෙයක්. අනිත් එක තමයි සදාජවාදය කියන්නේත් එක් ආකාරයක හිර ගෙයක්. රුසියාවේ සමාජවාදය වැටුනට පස්සේ අපි ඒක දැක්කා, කියුබාවෙන් එන මිනිස්සු එක්ක කතා කරපුවාම අපි ඒක දැක්කා.

    සිංගප්පූරුවේ ලි ක්වයං යූ කියන්නේ සමාජවාදීන්ව පේන්න බැරි කෙනෙක්, ඒත් ලී ක්වායං ගේ පාලනයේ නමින් නොවුනත් වැඩි හරියක් තිබුනේ සමාජවාදී හරයන්. රට දියුණු වුනා. හැමොටම වගේ රස්සාවල් ලැබුනා, යම් ජීවන මට්ටමක් ලැබුනා, රටේ සම්පත් හැමෝටම බෙදුනා, ඒත් සිංගප්පුරුවේ හිටපු අය දන්නවා ඒ රට හිරගෙයක්, මොනවත් නිසා නෙවෙයි සමාජවාදී අදහස් ක්‍රියාත්මක වුන නිසා. සමාජවාදයයි, රාජාන්ඩුවයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත.

    දැන් ලොකෙට ගැලපෙන්නේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදී පාරිභෝගික ක්‍රමයක් මිසක් සමාජවාදය නෙවෙයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    ධනපතියෝ කේක් කනවා. දුප්පතුන් පාන් කනවා.
    මට කවුද කිව්වා නවීන සමාජවාදය කියන්නේ හැමෝටම කේක් කන දෙයක් කියල. එහෙම නැතිව හැමෝටම බනිස් කන්න දෙන දෙයක් නෙවි කියල (කේක් සහ පාන් වෙනුවට ඒ දෙකටම අතරමැදි දෙයක්)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    hamotama cake kanna nam bari wei. habai cream banis wage puluwan wei. ai hoda nadda ? :P:P Cake kana ayata Ridei ™
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    hamotama cake kanna nam bari wei. habai cream banis wage puluwan wei. ai hoda nadda ? :P:P Cake kana ayata Ridei ™

    cake kana ewun cake kaddawe (tax hariyata gewanawanam).

    pan kana kattiyata "opportunity eka, positive thinking" athi kirima tahamyi wadagath. ethakota banis hari cake hri kanna puluwan.

    kammali, negative thinking aya (anduwen hamdema salasum karanakam balan inna aya) pan kapuwawe.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    cake kana ewun cake kaddawe (tax hariyata gewanawanam).

    pan kana kattiyata "opportunity eka, positive thinking" athi kirima tahamyi wadagath. ethakota banis hari cake hri kanna puluwan.

    kammali, negative thinking aya (anduwen hamdema salasum karanakam balan inna aya) pan kapuwawe.
    eken mama adahas kale horata cake kana ewun gana :yes::yes::yes:
    ow thamange kapaweema thiyana widiyata cake banis or pan kanna puluwan. system eka hadenna ona ehemai. nathuwa balaya thiyana aya cake okkoma kana eka newei wenna ona. dan wenne balaya thiyana eka cake okkoma kanawa. nathi ekata pan kallakwath wath naha.
    :sorry::sorry:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මෙ කත්ව තමයි කියන්න තියෙන්නේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Desapakaya inne Janathavage Duka asimataya. Janathava inne Desapalakayage duka asimata neve. Desapalakayata hakiyavak nathinam onama velavaka gethara ya haka. Kavruvath balen thiya ganne natha. Hada vatima Nayakayeku ge lakshanayak nove.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Desapakaya inne Janathavage Duka asimataya. Janathava inne Desapalakayage duka asimata neve. Desapalakayata hakiyavak nathinam onama velavaka gethara ya haka. Kavruvath balen thiya ganne natha. Hada vatima Nayakayeku ge lakshanayak nove.

    ow ube kathawa aththa,
    eth me kathawen Lal kantha kagewath anukampawa balaporoththuwen karapu deyak nemei. eka duk ganawillakuth nemei. me heading dana ewunge mathawadaya eka. :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ කියන ආකාරය අනුව තවමත් ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වැටුප යන්නේ පක්ෂ අරමුදලට විය යුතු ය. ලාල් කාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අවුරුදු පහක් සිටි නිසා ඔහුට විශ්‍රාම වැටුපක් ද තිබෙනවා විය හැකි ය. එය ද යන්නේ පක්ෂ අරමුදලට ද?

    පක්ෂයෙන් මොවුන්ට ජීවත් වීමට ප්‍රමාණවත් දීමනාවක් නො ගෙවන බව පෙනේ. අනෙක් පැත්තෙන් පක්ෂ සාමාජිකයන්ගෙන් වුව ඉල්ලාගෙන ජීවත් වීම පුද්ගල පෞරුෂයට ගැටලුවකි.

    මන්ත්‍රී වැටුප් විෂම වැටුප් ඔක්කම යන්න පක්ශේ අරමුඅදලට
    පක්ෂේ සියලුම පුර්ණ කලින් සමාජිකයන් යැපෙන්නේ පක්ෂේ හිතවත් මිනිස්සුන්ගේ නග්ර්හයෙන්
    රටට කවදහරි නිවැරදි මාර්ගයකට ගන්න තමාගේ යුතුකම් ඉෂ්ට කරනවා කියලා හිතාගෙන
    පින් බලාපොරොත්තුවෙන් වත්පුද්ගලික වාසියක් බලපොරොත්තුවෙන් වත් නොවෙයි
    පක්ෂයෙන් කිසිම දීමනාවක් ගෙවන්නේ නැහැ. වැඩ කරනවා කියලා . එත් යම් යම් උපකාර කරනවා
    පුළුවන් වෙලාවට.
    එක කුබුරක් කරලා ගන්න හාල් කිලො2ක් වෙන්න් පුළුවන්
    ළමයෙක්ට පොතකින් පතකින් වෙන්නේ පුළුවන්
    ඒ වගේ පොඩි පොදී දේවල් එකතුවීමෙන්
    මේවා නිල වශයෙන් දෙන ඒවා නෙමයි. පක්ෂය තුල යමක් ඉල්ලාගැනීම නිසා පෞර්ෂත්වය නැති වෙනවා වගේ පොඩි සිල්ලර සංකල්ප නැහැ. එහෙම සිල්ලර විදියට හිතන මිනිස්සුන්ට එක මහා ලොකු ප්‍රශ්නයක් උනාට . එහෙම හීනමානයක් පක්ෂේ ඇතුලේ නැහැ. සියල්ලන්ම පොදු අරමුණක් වෙත වැඩ කරන නිසා බොහෝවිට ඒවගේ දේවල් යටපත් වෙලා තියනවා

    ජවිපෙ ඔස්සේ දීප්තිමත් දේශපාලකයන් බවට පත් වූ බොහෝ දෙනෙකු ජවිපෙ නො තිබිණි නම් සාමාන්‍ය මිනිස්සු ය. ඒ නිසා ඔවුන්ගේ ප්‍රතිභාවෙ මුළු අයිතිය ම ජවිපෙට හිමි යයි පක්ෂය කල්පනා කරනවා විය හැකි ය. එතකොට පක්ෂය හැදුනේ කොහොම ද? මෙවැනි මිනිසුන්ගේ ප්‍රතිභාවෙන්
    නොවේ ද?

    කවදාවත් ජවිපෙ හෙම කල්පනා කරන්නේ නැහැ. ජවිපෙට ආවේ නැත්තම් ලාල්කාන්තලට මිටවඩා හොදින් ජිවත් වෙන්න තිබුනා. පුද්ගල දක්ෂතාවයක් පක්ෂෙට අයිති කියලා පක්ෂේ කවදාවත් කියන්නේ නැහැ හිතන්නේ නැහැ. ඒ වගේ වැඩකට නැති දේවල් ගැන මතක් කතාකරන්නේ වත් නැහැ. පක්ෂය කියන්නේ අනුරකුමාර දිසනයකවත්, ලලකන්ත්වත් පිටට පෙන්නේ ඉන්න කට්ටය වත් නෙමයි. පක්ෂය කිඅන්නේ එක අරමුණක්. ඔය කියලා තියන සරල සුළු සුළු ඒවා පක්ෂේ ගණන් ගන්නෙවත් නැහැ. උබට උනත් පක්ෂෙට ඇවිත් වැඩ කරලා අයින් වෙන්නේ පුළුවන්. එහෙම කියලා උබව පක්ෂේ හැදුව කියන්න බහ. මොකද්ද එතතන කැරකෙන්නේ

    පක්ෂය සාමාජිකයන්ට හිර ගෙයක් වන්නේ නම් එය ඛෙදවාචකයකි. මේ හිර ගෙයින් නිදහස් වූ විමල් වීරවංශ වැනි අයගේ පරිහාණියෙන් නිරූපණය වන්නේ එහි භයානකකමයි. තමන් පක්ෂයට හෝ සමාජයට හෝ කළ සේවය වෙනුවෙන් ඇරියස් බලාපොරොත්තු වීම අතිශය භයානක ය. ඇරියස් ඉතිරි වුණේ ඇයි?

    මෙහෙම ගොන් කතා කියන්න එපා. ඕනි කෙනෙක්ට එන්නත් පුළුවන් යන්නත් පුළුවන්. මම මේකේ මෙච්චර කල් වැඩ කළා. මෙහෙම කැපකිරීම් කළා කියලා එකෙන් ලකුණක් බලාපොරොත්තුවෙනවා නම් එක පුගල අඩුපාඩුවක්. පක්ෂේ අඩුපාඩුවක් නෙමෙයි. එහෙම හිතන මිනිස්සු රැදෙන්නේ නැහැ විමල් ගිය වගේ යනවා. හරියට මහින්ද යුද්දේ කළා කියලා රට කෑවා වගේ වැඩක් තමයි උබ ඔය කියන දේ. එක පුද්ගල අඩුපාඩුවක්. දැන් සල්ලි තියන හැමදේම තියන මිනිස්සු කඩේ යන්නේ අයි වැරදි දෙඅවල් හරි කියන්නේ අයි? ඒවගේ තමයි. පුද්ගල අඩුපාඩු

    මෙතන තිබෙන්නේ සමාජවාදය තේරුම් ගැනීම පිළිබඳ ගැටලුවකි. ඔබ සමාජය වෙනුවෙන් කටයුතු කළ යුත්තේ ඔබගේ කාර්යභාරයක් ලෙස සිතා මිස කෘතගුණ ලැබිය යුතු සමාජ සේවයක් ලෙස නො වේ. ඔබ සමාජයේ ම කොටසක් බැවින් ඔබ වෙනුවෙන් ද ඔබට කාර්යභාරයක් තිබේ. සතුටින් ජීවත් වීම ඔබගේ සමාජ වගකීමකි.

    මෙතන උබ කියන ද්දේ හරි. දුෂෙයින් විප්ලවයට ගිහින් ඇවිත්, පාසලක් පාලන අරන් හැමදේමත් කරාලා ජිවිත කාලේ අන්තිමට ලියුම් බෙදුවා. අඩුම ගානේ අල්තිනයි පිලිගීමේ උත්සවයටවත් ආවේ නැහැ.
    එකයි කැපකිරීම් කියන්නේ එත් මිනිස් ගතුගුනත් එකකේ පොඩි පොඩි සිල්ලර වැරදි වෙන්වා.
    මෙතන ලාල්කාන්ත කියලා තියෙන්නේ සමජයේ අම්ම් කෙනෙක් විදින දුකකට උදාහරණයක්.
    නැතුව එයාගේ ආත්මීය ප්‍රකාශනයක් කියලා මහගන ගෞරවය වත්, වර ප්‍රසාද ලබාගන්න වත් නෙමයි. පැහැදිලිවම කියලා තියෙන්නේ මේ ක්‍රමය හමුවේ නුතන ස්ත්‍රිය මුහුණදෙන ගැටලුව
    සාම සාමාන්‍ය පාන්තික ගැහැනියකටම විවිද ස්වරූප වෙලින් එනවා කියලා

    සතුටින් ජීවත් වීම යනු කුමක් ද? ධනේශ්වර පාරිභෝජනවාදය ද? සමාජවාදියා සතුට විග්‍රහ කර ගත යුත්තේ පාරිභෝජනවාදයෙන් ගැලවීම තුළයි. භාණ්ඩ වන්දනාව හා පාරිභෝජනවාදය වෙනුවට බුද්ධිමත් පරිභෝජනය ආදේශ කිරීම තුළයි. හැමෝම කරන පළියට ගම දමා කොළඹ ඒම, ළමයින් දොස්තරලා කරන්නට වලි කෑම, පිටරට පදිංචියට යාම, අති සුඛෝපභෝගී ගෙවල් හැදීම, ලොකු කාර් ගැනීම, අලුත් අලුත් භාණ්ඩ මිළ දී ගැනීම, ලොකු හෝටල්වලින් කෑම, ට්‍රිප් යාම, ලොකු මඟුල්, පාටි, ණය ආදියෙන් නිරූපිත පාරිභෝජනවාදී ජීවිතය වෙනුවට විකල්ප ජීවිත ප්‍රවර්ධනය කිරීම සමාජවාදීන්ගේ වගකීමකි.

    මේවා මචං දනවාදයේ මිනිස්සු අසිමන්තිකව පුහු දේවල් සතුට කියලා හොයයාම නිසා ඇතිවන ලක්ෂණ. මිනිස්සු එව පස්සේ දුවන්න් එකයි. සමාජ වාදය ඇතුලේ එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන මිනිස්සු එක නැතිවෙයි කියලා ගොඩක් බයය්යි. ඒ නිසාම පුහුදෙවල් වෙනුවෙන් පෙණු හිටිනවා. ඒවා ආරක්ෂාකරන දේශපාලන ප්‍රවාහ එක්ක බැදෙනවා

    කස්සිපු කාරයෙක් කවදාවත් jvp එක එනවට කැමති නැහැ
    සුපිරි අවන්හල් කියලා තියන සමාගම් කැමති නැහැ( තහනම් කිරීමක් නොව ආකල්ප වෙනසක් ඇතිවීම මගින් එම සමාගම් ප්‍රතික්ෂේප වී යන නිසාය)

    ලාල් කාන්ත වැනි වාමාංශික පක්ෂ ක්‍රියාකාරිකයන්ට නැත්තේ එයයි. පක්ෂය නිසා ලැබුණු බොහෝ දේ ගැන ඔවුන්ට සතුටු වන්නට පුළුවන. එහෙත්, නො ලැබුණු දේ ගැන ඔවුහු දුක් වෙති. මේ දුක්ඛප්‍රාප්තියේ එක් ලක්ෂණයක් වන්නේ ඔවුන් දුක් වන්නේ අද තමන් සිටින තැන සිට ලබා ගත හැකි දේ ගැන සිතමින් වීමයි. උදාහරණයක් ලෙස ලාල් කාන්තව ආණ්ඩුවට ගත්තොත්, ඔහුට පළාත් සභා මන්ත්‍රී වැටුප ලබා ගත හැකි ය. තවත් බොහෝ දේ ද ලබා ගන්නට පුළුවන.

    එහෙත්, ජවිපෙ නො තිබුණා නම් ලාල් කාන්තට මොන පළාත් සභා ද? විමල් වීරවංශට මොන ඇමතිකම් ද?

    රාජපක්ෂ පවුලේ අය රටට කියන දෙය ද මෙයට තරමක් සමාන ය. අපි ප්‍රභාකරන් මරලා, කොටි සමූලඝාතනය කරලා යුද්දෙ දිනුවා. ඒ නිසා අපට ඕනෑ විදියට රට කන්න දෙන එක ඔබගේ යුතුකමකි.

    මේ ධනේශ්වර චින්තනයේ ස්වභාවයයි. ජවිපෙ පූර්ණකාලිකයන්ගේ ජීවන භාවිතාව තුළ පවතින්නේ ද එය ම ය. සමාජවාදී ජීවිතයක් පිළිබඳ කතිකාවක් අවශ්‍ය මෙම සංදර්භය තුළ ය.

    සමාජවාදය යනු අද ධනපතීන් විඳින සැප සමාජයේ සියලු දෙනාට විඳින්නට සැලැස්වීම නො වේ. සමාජවාදය අලුත් ජීවිතයකි. එහි අපේක්ෂාවන් වෙනස් ය. එය වනාහි ධනේශ්වර පාරිභෝජනවාදය නො වේ.

    ජවිපෙ වැනි සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින අය විකල්ප, ප්‍රායෝගික, සමාජවාදී ජීවිත ගොඩනැගීමට උත්සාහ කළ යුතු ය. පක්ෂය පූර්ණ කාලීනව දේශපාලනය කරන ලාල් කාන්තට ජීවත් වීමට සාධාරණ වැටුපක් ගෙවිය යුතු ය. එය අඩු තරමේ පුහුණු කම්කරුවකුගේ වැටුප හෝ විය යුතු ය.

    වාමාංශිකයන් සමාජය ඉදිරියේ මෙවැනි දුක්ගැනවිලි කිය කියා යන එක තේරුමක් නැත. ලාල් කාන්ත ඇත්තෙන් ම මොනවා හරි කළ යුතු ය. මේ ප්‍රශ්නය අපට ආ විට අපි නම් කළේ වැඩ කිරීම ය.
    ඒ වගේම

    මෙතන ලාල් කාන්ත සමස්ත සමජය අරන් ප්‍රකාශයක් කරලා තියෙන්නේ
    උගේ ගනී ගැනවත් උ විදින දුක ගැනවත් නෙමෙයි.
    එකතුරුම් අරන් ඇති උබත්. උබට මොන හරි කියන්න ඕනි කමටම කියනවා මිසක්
    ඒ නිසා සමාජවාදය වෙනුවෙන් jvp එකට වැටුප් ගෙවන්න කියන්න උබ මහන්සි වෙන්න එපා
    පැහැදිලිවම මෙතැන් කීර්තියක් ඉල්ලා නැහැ, එයට බලපාන ප්‍රශ්නය රටේ හැමෝටම බලපාන බව පෙන්වල තියෙන්නේ
    බහුතරයක් ජමජවාදී ජිවත තමයි. ත්රුම් ගැනීමට බැරි සුළු පරිසක් ඇරෙන්න. ඒවගේ අය පක්ෂේ දාලා යනවා නැත්තම් ත්රුම් ගන්නවා එකමනටම.

    ලාල්කාන්ත නියපොතු කැපුවේ නැහැ, කම්මලි, නාන්නේ නැහැ තව ලියන්න දෙය නැති උනාම් උබ ඕවත් ලියවී
     
    :yes::yes::yes:

    Hithapanko Lal Kantha mokakhari bussiness ekak karala wahanayak gaththa kiyala. eelagata kiyanne anna aru samajawade gana kiya kiya luxury vehicles wala yanawa kiyala.. ekata kiyanne machan kuhakakama kiyala. ada ape samajaye wadiyenma inne thaman gana witharak hithana athmarthakami kuhakayo. ekai me rate awula :dull::dull::dull:
    :rofl::rofl::rofl:
     
    ලාල්කාන්ත හරියට පුක හෝදන්නේ නැහැ
    ඒ නිසා චන්දේ දෙන්න එපා කියලා බිංගෝ පුතා කියන දවස වැඩි අතක නෙමෙයි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    ලාල්කාන්ත හරියට පුක හෝදන්නේ නැහැ
    ඒ නිසා චන්දේ දෙන්න එපා කියලා බිංගෝ පුතා කියන දවස වැඩි අතක නෙමෙයි

    මේක මගේ අදහස් නෙවි. යම් හරවත් අදහස් ටිකක් ලිපියේ තිබුණු නිසා තමයි මේකේ cut paste කරේ. මොකද මේ මාව ඉල්ලක්ක කරලා?. :rofl::rofl::rofl::rofl::rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    eken mama adahas kale horata cake kana ewun gana :yes::yes::yes:
    ow thamange kapaweema thiyana widiyata cake banis or pan kanna puluwan. system eka hadenna ona ehemai. nathuwa balaya thiyana aya cake okkoma kana eka newei wenna ona. dan wenne balaya thiyana eka cake okkoma kanawa. nathi ekata pan kallakwath wath naha.
    :sorry::sorry:

    :yes::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    AnonymousAugust 27, 2014 at 4:35 PM
    පැරාගේ ලිපියෙන් වාක්‍යයක් උපුටා ගැනීමට අවසර.................

    """"හැමෝම කරන පළියට ගම දමා කොළඹ ඒම, ළමයින් දොස්තරලා කරන්නට වලි කෑම, පිටරට පදිංචියට යාම, අති සුඛෝපභෝගී ගෙවල් හැදීම, ලොකු කාර් ගැනීම, අලුත් අලුත් භාණ්ඩ මිළ දී ගැනීම, ලොකු හෝටල්වලින් කෑම, ට්‍රිප් යාම, ලොකු මඟුල්, පාටි, ණය ආදියෙන් නිරූපිත පාරිභෝජනවාදී ජීවිතය වෙනුවට විකල්ප ජීවිත ප්‍රවර්ධනය කිරීම සමාජවාදීන්ගේ වගකීමකි.""""

    ධනවාදී අර්ථ ක්‍රමයක් ක්‍රියාත්මක වන බටහිර යුරෝපයේ අති බහුතරයක් මිනිසුන්ගේ ජීවන රටාව මෙන්න:

    (1) ඔවුහු ගම දමා නගරයට නොපැමිණෙති. එසේ කළොත් කරන්නේ එසේ කිරීමට තද බල අවශ්‍යතාවක් ඇති වුව හොත් පමණි.
    (2) ඔවුහු ළමයින් දොස්තරලා කිරීමට වලි නොකති. ඇත්ත වශයෙන් ම දොස්තරකම එහි ඉතා භාරදූර සහ වගකීම් විශාල ප්‍රමාණයක් ඇති රැකියාවක් නිසා පාසල් හැර යන්නන්ට එය එතරම් ආකර්ශනීය රැකියාවක් නොවේ.
    (3) ඔවුහු පිටරට පදිංචියට නොයති.
    (4) එහි කාගෙත් නිවාස එකම තත්ත්වයක වාගේ පවතී (හරියට ම ලංකාවේ 1960 ගණන්වල කොළඹ අවට නගරවල ඉදි වුණු එකකට එකක් විශාල නොවූ නිවාස වැනි ය ).
    (5) ඔවුන් හට ලොකු හෝටල්වලින් කෑම ගැනීම කල්පනාවට එන්නේවත් නැත.
    (6) අධික බදු නැතිකමින් කාර්වල මිළ දැරිය හැකි නිසා තමුන්ගේ අවශ්‍යතාවට අනුකූලව සෑම කෙනෙක් ම කාර් එකකට හිමිකම් කිය යි.
    (7) බටහිර යුරෝපයේ මඟුල් ගෙදරකට ආරාධිතයන් 50 දෙනෙක් සහභාගී වුවහොත්, එය සැළකෙන්නේ විශාල මඟුල් ගෙයක් ලෙස ය. අනික එහි කිසිම කෙනෙක් නිවාඩු දමා මඟුල් උත්සවවලට සහභාගී නොවෙති. එම නිසා ජෝඩුවලට විවාහ වීමට සිදු වනුයේ සෙනසුරාදා නැතිනම් ඉරිදා දිනවල ය. එසේ නොකළ හොත් අමුත්තන්ගේ සහභාගිත්වයෙන් තොරව ය මඟුල් කන්න සිදු වන්නේ.
    (8) අලුත් අලුත් භාණ්ඩ මිළ දී ගැනීම නොකරනවා නොවේ; දරා ගත හැකි පරිදි ය.
    (9) පිටරට ට්‍රිප් යෑම නම් ඔවුහු නොවරදවා ම කරති. එහෙත් ඒ සඳහා අවුරුද්ද පුරා ම මුදල් එකතු කර, ඉතිරි කර තබා ගනිති.

    දැන් මේ සියල්ල ම බටහිර යුරෝපයේ ධනවාදී රටවල ජීවත්වන්නන්ගේ ජීවන රටාව යි. මෙය ධනවාදී/සමාජවාදී චින්තනයක් ද, එසේත් නැත්නම් බටහිර/නැඟෙනහිර ආකල්පවල වෙනසක් ද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    eken mama adahas kale horata cake kana ewun gana :yes::yes::yes:
    ow thamange kapaweema thiyana widiyata cake banis or pan kanna puluwan. system eka hadenna ona ehemai. nathuwa balaya thiyana aya cake okkoma kana eka newei wenna ona. dan wenne balaya thiyana eka cake okkoma kanawa. nathi ekata pan kallakwath wath naha.
    :sorry::sorry:

    :yes::yes::yes::yes::yes:
    එක හරි. මේ ජරා දේශපාලනේට වැඩ හොද පාලනයක් ඇති විය යුතයි.

    එත් ඒ පාලනය සමාජවාදී වීම අවශ්‍ය නොවේ. හොද පාලනයක් එක්ක, competitive market economy with private sector තියෙන්න ඕන.