ජවිපෙ විශේෂ යෝජනා මාලාව 3
ජවිපෙ විශේෂ යෝජනා මාලාව 3:
නීති ප්‍රතිසංස්කරණය
***************************
1. රටේ සියලුම පුරවැසියන්ට බලපාන පරිදි එක් පොදු නීති පද්ධතියක් ඇති කළ යුතුය. ඒ සඳහා දැනට ඇති මුස්ලිම් නීති, උඩරට නීති, සහ තේසවලාමේ නීතිය යන පෞද්ගලික නීති සංශෝධනය කර එක් පොදු විවාහ නීතියක් සියලු ජන කොටස්වලට බලාත්මක කළ යුතුය. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මගින් සහතික කර ඇති ජාති, ආගම්, ස්ත්‍රී, පුරුෂ භේදයෙන් තොරව සියලු දෙනාම සමානය යන මූලධර්මය මත පදනම්ව සෑම සියලු නීතියක්ම සකස් වීම.
2. ළමා හා කාන්තා සමානාත්මතාවයේ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමේ පදනමින්ද,
i. විවාහ වීමේදී වයස පොදුවේ අවුරුදු 18ක් ලෙස සැලකීම
ii. බහු විවාහ සඳහා ඇති නීතිමය ඉඩකඩ අහෝසි කිරීම
iii. විවාහ දේපළ පැවරීමේදී කාන්තාවට අසමාන ලෙස සැලැකීමේ නීති අහෝසි කිරීම
iv. විවාහයේදී ජාතිය, ආගම, නම, කුලය මත කිසිදු බලපෑමක් ඇති නොකිරීම හා ඒවා සිය කැමැත්තෙන් තොරව වෙනස් කිරීමට බලපෑම් කිරීම තහනම් කිරීම
v. විවාහ ලියාපදිංචිය සහ දික්කසාද කටයුතු සිවිල් පරිපාලනය හා සාමාන්‍ය අධිකරණ පද්ධතියේ කටයුත්තක් බවට පත් කිරීම
vi. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ශ්‍රී ලංකාව තුළ සම්මත නීති හැර වෙනත් කිසිම නීතියක් ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමට හෝ බලාත්මක කිරීමට කටයුතු නොකිරීම