තේ කම්කරු වැටුප මොහොතකට පැත්තක තියන්න, ඔයාගේ වැටුප ඇති ද? දොස්තර පඩියේ බේසික් එක කීය ද?
කාටහරි පඩි ඇති ද? මාසෙට රුපියල් 30,000/= ට වැඩකරන මිනිස්සු ඉන්නේ වතු වල විතර ද?
මේ රටේ සමස්ථ ආර්ථිකය තුල ජනතාවට ලැබෙන වැටුප් අඩුයි.
හැබැයි ගෝලීය වෙළෙඳපොළ තරගය එක්ක අපේ රටේ වැටුප් සළකන්නේ වැඩියි කියලා. ගාමන්ට් ෆැක්ට්‍රි රටෙන් ටික ටික එළියට යන්නේ ඒ නිසා. ආයෝජන නොඑන්න බාදාවක් වෙලා තියෙන්නේ ඒ නිසා.
වේතනයක් කියන්නේ හිතෙන ගාණක් සේවකයන්ට දෙන එකක් නෙවෙයි. වේතන කියන්නේ සේවකයාගේ ශ්රමයට ලබා දෙන කර්මාන්තයේ නිශ්පාදන වියදමක්. ඒක තීරණය වන්නේ නිශ්පාදනය කරන භාණ්ඩයේ වෙළෙඳපොළ වටිනාකම මත. එම සාධකය කෘතිමව එහෙට මෙහෙට කරන්න බෑ. වැටුප් තලයක සාධක තීරණය වන්නේ වෙළෙඳපොළ සාධක ගණනාවක් මත. ඒ නිසා තාම තේ දළු නෙලන වතු ජනතාවට ලැබෙන ෆුල් පැකේජ් එක සළකා බලන කොට ඔවුන්ට ලබා දිය හැකි වැටුප කීයද කියන එක ගැන වෙළෙඳපොළ විශ්ලේෂණයක් දැක්කේ නෑ. ඒක නොදැක, එහෙම නැතුව බොරුවට කැ ගහලා වැටුප් ගැන කයිවාරු ගහන්න බෑ.
හැම මිනිහගෙම ආදායම් වැඩි වෙන්න ඕනේ. හැම මිනිහම හොඳින් ඉන්න ඕනේ. ඒකේ තේරුම ආර්ථිකයක් තුල තනි සාධකයක් කෘතිමව මැනිපියුලේට් කරන එක නෙවෙයි. 1000/= දෙනව ද නැද්ද කියන එක විශ්ලේෂණයකට පසු එන්න ඕන කරන නිගමනයක්.
මේ අයගේ ආදායම් වැඩි කරන්න නම්, ඔවුන්ගේ අතිරික්ත ශ්‍රමය වෙනත් කර්මාන්ත වෙත යොමු කරන්න වෙනවා. ඒකක ශ්‍රමිකයෙකුගෙන් වැඩි කාර්යක්ෂමතාවයෙන් ශ්‍රමය ලබා ගන්න තාක්ෂණය යොදා ගන්න වෙනවා. නිශ්පාදන සාධක කළමනාකරණය කරලා මිසක් හිතලු වලට පඩි දීලා කර්මාන්ත පවතින්නේ නෑ. මොකද පඩිය කියන්නේ ශ්රමයට ගෙවන ප්‍රධාන නිශ්පාදන වියදමක්.
තේ කර්මාන්තය තාම දුවන්නේ සුද්දා අවුරුදු 200 කට පෙර හදපු මොඩල් එකට. ඒ මොඩල් එක හදලා තියෙන්නම ශ්‍රමය සූරා ගෙන කන්න. තාම තියෙන්නේ ඒක තමයි.ඒ මොඩල් එකට තමයි වෙළෙඳපොළ තුල තේ මිළ තීරණය වෙලා තියෙන්නේ. මොඩල් එක වෙනස් නොකර මිළ වෙනස් කරන්න බෑ. මිළ වෙනස් කරන්න අපිට තනියෙන් බෑ. ගෝලීය තරගය එක්ක තමයි දුවන්න තියෙන්නේ. නැත්නම් අපිට බොන්න විතරක් තේ හදා ගන්න පුළුවන්. ඒකත් ආනයනය කරන්න පුළුවන් මිළට වඩා වැඩි මිළකට.
ඒකට විසඳුම වතු ටික රාජ්‍යයට ගන්න එක නෙවෙයි. රජයේ වගකීම මේ මොඩල් එක වෙනස් කරලා, අතිරික්ත ශ්‍රමය වෙන තැනකට යොමු කරන එක. තේ වතු වලට තාක්ෂණය ගේන්න වතු හිමියන් බලාත්මක කරන එක. එවිට සමස්ථ ඵලදායිතාවය ඉහළ දැමීම මත ආදායම් ඉහල දා ගන්න පුළුවන්. එතකොට 1000 නෙවෙයි සාමාන්‍යයෙන් දවසකට 3000/= ක වත් සීමාවට තේ විතරක් නෙවෙයි පොදු කම්කරු වැටුප ගේන්න පුළුවන් වෙයි. තේ වතු වල ඉන්න පවුල් වල අලුත් පරම්පරා වලට යම් පුහුණුවක් දීලා ඔවුන් වෙනත් කර්මාන්ත වලට යොමු කරන එක අත්‍යාවශ්‍යයි. ඒකට කර්මාන්ත කරන්න පුළුවන් පසුබිමක් හදලා, අලුත් රැකියා ජනිත කරවන්න ඕනේ. වැටුප් වැඩිපුර ඕනේ නම්, ඒ ධනය ජනිත කරන්න මහන්සි වෙන්න ඕනේ. ජනිත කරපු ධනය තමයි වැටුප් විදියට බෙදිලා යන්නේ, බදු විදියට එකතු වෙන්නේ.
ඒ නිසා හොඳ වෙළෙඳපොළ ආර්ථිකයක් හදන්න ඕනේ. එතකොට සමස්ථ ජනතාවගේම ආදායම් ඉහළ යාවි. ආර්ථික සංවර්ධනය ඇති වේවි. 1000/= නතර වෙලා තව අවුරුදු 200ක් ඉන්න ඕනේ නෑ.
සරළයි.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්