සමහර දේශපාලන ව්‍යාපාර රටේ සිදුවන හැම දේම වැරදියට දකින්නේ ඇයි කියලා කල්පනා කරන්න ඔබට හිතිලා ඇති! ඒ හැම දේම වැරදිද? නැත්නම් ඔවුන් දකින විදියේ වැරැද්දක් ද?
බොහෝ විට මේ හැම දේම ගැනම විවේචන එන්නේ ජවිපේ සහ ඒ පොදු සම්භවයෙන් ආරම්භ වූ පක්ෂ වලින්. ඔවුන් බොහෝම ආවේගශීලීව අනෙක් පාර්ශ්වයන් කරනු ලබන දෑ විවේචනය කරනවා. මේ කාලය තුල හැරිලා බැලුවොත් ඔවුන් සියළුම ආර්ථික ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වුනා.
IMF යන වට විරුද්ධයි, මහ බැංකු ස්වාධීන කිරීමේ පනතට විරුද්ධයි, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධයි, රාජ්‍ය ව්‍යාපාර පුද්ගලීකරණය කර වෙළෙඳපොළ ආර්ථිකයක් හදනවට විරුද්ධයි, රාජ්‍ය සේවකයන් අඩු කරන එකට විරුද්ධයි, රජය කුඩා කිරීමට විරුද්ධයි, තෙල්/ විදුලිය ආදියේ සහනාධාර ක්‍රම අයින් කරනවට විරුද්ධයි. පොළී වැඩි හෝ අඩු කරනවට විරුද්ධයි, උද්ධමනය පාලනය කරනවට විරුද්ධයි, බදු ක්‍රම වලට විරුද්ධයි. මේ කාලය තුල ඔවුන් එකඟ වූ එකම කාරණාවක් වත් නෑ. හැම දේකටම වැඩේ වෙන එක නවත්වන්න තමයි කටයුතු කළේ.
ඒකට මූලික හේතුව පටන් ගන්නේ ඔවුන්ගේ සමාජවාදී චින්තනය මත. ඒ කියන්නේ ඔවුන්ගේ අදහස් වලට පාදක වන මූලික දර්ශනය. ඒකෙන් කියන්නේ නෑ ජවිපේ ඒ දවස් වල ට්‍රයි කළාට, දැනුත් ට්‍රයි කරන්නේ කියුබාවේ වාගේ කොමියුනිස්ට් රටක් හදන්න කියලා. ඔවුන් දැන් ඒක වැරදියි කියලා තේරුම් අරගෙන වෙළෙඳපොළ ආර්ථිකයක සාධනීය දේවල් අරගෙන පක්ෂයක් විදියට මතවාදය වෙනස් කර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මේ මතවාදී වෙනස ඇති වන්නේ අර මුලින් දැඩිව විශ්වාස කළ සමාජවාදී සැකිල්ල උඩ ඉඳගෙන. ඒ කියන්නේ ඒ පක්ෂය හැදිලා තියෙන ඇණ මුරිච්චි, කොන්ක්‍රීට් ඔක්කොම සමාජවාදයෙන් හැදුණ දේවල්. ඒ සැකිල්ල උඩට වෙනස් නොවී බැරිම තැන බලහත්කාරයෙන් අන්ද ගත්ත වෙළෙඳපොළ ආර්ථිකයක දේවල් වලින් තමයි ඔවුන් පොත්ත හදා ගෙන ඉන්නේ.
ඒ නිසාම ඔවුන් ජාජබේ වේදිකාවේ නූතන වෙළෙඳපොළ ආර්ථිකයක් වෙනුවෙන් පෙනී ඉන්න ගමන් ජවිපේ මැයි රැලියේ තවමත් කාල් මාක්ස්, චේ ගුවේරා , ලෙනින් කරේ තියා ගෙන යනවා. ඔවුන්ගේ දේශපාලන තීන්දු තීරණ ගන්න මධ්‍යම කාරක සභාවේ කවුරුන් ඉන්නවා දැයි රහසක් උනත්, ඒක හැදිලා තියෙන්නේ අර කලක් හිටපු හාර්ඩ් කෝ කාඩර්ලගෙන්. මේ උදවිය අනිවාර්යයෙන් මේ වාමාංශික මතවාදයේ කණු. ඉතිං පක්ෂයේ තීන්දු තීරණ එන්නේ එතනින්. ඒක එළියෙන් පේන ලෙස වෙනස් කළාට අභ්‍යන්තරය තවම සමාජවාදීන්.
මේ න්‍යායේ තිබෙන ලොකුම ගැටලුව ලෝකය සමග මුහු වීමට ඇති නොහැකියාව. මොකද ඒ න්‍යායේ දේශපාලන මතවාදයක් එල්ල ගෙන ඉන්න පක්ෂ වලට ලෝකේ කොහෙවත් බලයක් ලැබිලා නෑ. ලැබුන තැන් විනාශයට පත් වෙලා බිඳ වැටුණා. මේ නූතන ගෝලීය ආර්ථික ක්‍රමයට එක් වෙන්න එවන් දේශපාලන ආර්ථික මතවාදයකට නොහැකියි. අපි අද දකින Global Economic Order එක විවේචනය කරමින්, එයට බැන වදිමින් ඔවුන්ට මේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ.
උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව මෙතෙක් ජීවත් වෙලා තියෙන ණය කන්ද අරගෙන තියෙන්නේ ඔය ඉහතින් කිව්ව Global Economic Order එකට අනුගතවයි. ඒ ගෝලීය ක්‍රමයට, අන්තර්ජාතික නීතීන් සහ සම්මුතීන් වලට එකඟව තමයි අපේ මූල්‍ය පද්ධතිය ක්‍රියාත්මක වන්නේ. ඉතිං මේ ණය බරින් නිදහස් වෙන්නත් ඒ ක්‍රමය තුලම තමයි විසඳුම් තියෙන්නේ.
එම ගෝලීය ක්‍රමයට සම්බන්ධ වීමට මේ පුරාණ සමාජවාදීන් ට හැකියාවක් නෑ. ඔවුන්ට මේ මූල්‍ය පද්ධතිය තුල ඇති දැවැන්ත අර්බුදය විසඳා ගැනීමට හැකියාවක් නෑ. ඒ නිසා ඔවුන් කිසි විටෙක විසඳුම් කතා කර නෑ. මොකද එසේ විසඳුම් කතා කළොත් ඔය දෙකේ වෙනස එලියට පේන ගමන්, මේ අයගේ ක්‍රමය ක්‍රියාත්මක නොවන බව පේන්න ගන්නවා. ඒ නිසා ඔවුන්ට විසඳුම් කියන්න බෑ. තවමත් සාධනීය විසඳුමක් ඔවුන්ට ඉදිරිපත් කිරීමට නොහැකි වෙලා තියෙන්නේ ඒ නිසා.
ඒ නිසාම ඔවුන් හැමදාම දන්න හොරු ඇල්ලීම ගැන සහ වංචා දූෂණ පමණක් කතා කරනවා. එයින් ඔබ්බට හරයක් නෑ.
ඉතිං මොන දේ කළත් ඔවුන් දකින්නේ තමන්ගේ සමාජවාදී ක්‍රමවේදයන් මත පදනම්ව බැවින්, නූතන වෙළෙඳපොළ ආර්ථිකයක් තුල ඔවුන් මේ සියල්ලන්ටම විරුද්ධ වෙනවා. විරුද්ධ වීම හැර වෙන දෙයක් ඔවුන් දන්නේ නෑ. එය කිසි විටෙක ඔවුන්ට විසඳන්නට ලැබෙන ප්‍රශ්නයක් නොවන බව විශ්වාස නිසා විසඳුම් සොයන්නට ඔවුන් මහන්සි වෙන්නේ නෑ. විරුද්ධ වීමෙන් පමණක් ජීවිකාව කර ගෙන යෑම අරමුණ කර ගත් දේශපාලන ව්‍යාපාරයක් විසඳීමක් ගැන දන්නේ නෑ. ඒ මානසික චින්තනයේ වෙනසක්. ඒක කර ගන්න ඔවුන්ට හැකියාවක් නෑ.
ඔවුන්ගේ විකෘති තොරතුරු ජාලා සහ කට හැකර දේශපාලකයන් යොදා ගනිමින් සමාජය තුල පතුරවන දුර්මත වලින් සමාජයේ ඇති වන කැළඹීම ඉතා විශාලයි. කිසිම ප්‍රතිසංස්කරණක් මේ ගාලගෝට්ටිය අවුස්සා ගන්නේ නැතුව කර ගන්න බැරි වෙලා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ හැසිරීම උදාහරණයක් ලෙස අරගෙන මේ කාරණා හිතලා බලන්න.
ඔවුන් තමන්ගේ පැත්තේ ඉඳගෙන හරි. ඒ පුරාණ වාමාංශික දැක්ම සහ මතවාදය අනුව නූතන ලෝකේ සියල්ල අනිත් පැත්තට ඔවුන්ට පේනවා. හැබැයි රටේ හැම වැඩකටම ඒ මත ඉඳගෙන සද්දෙට විරුද්ධ වෙන එක වදයක්. ඒකයි කියන්නේ ඔවුන් ජීවත් වෙන්නේ ලංකාවේ නෙවෙයි, සමාන්තර සමාජවාදී ලෝකයක...
ඔබත් එහි කොටස් කරුවෙකු නොවී නිදහස් වෙන්න. ජීවත් වෙන්න පක්ෂයක් ඕනේ නෑ. ආයෙත් හිතලා බලන්න.
පැතුම් කර්නර්
#රටහදනහරිපාර