ජහපාලන පුවත් -හිටං

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
ජහපාලන පුවත් -හිටං

දින 100 කදී යහපාලන ඇමැති පුතා සමග 40 වතාවක්‌ රට ගිහින්
ආන්ඩුවේ වියදම කෝටියකට ආසන්නයි


ආණ්‌ඩුවේ දින සියයක කාලය ඇතුළත ඇමැතිවරයෙක්‌ සිය පුත්‍රයා ද සමගින් හතළිස්‌ වාරයක්‌ විදේශ සංචාරයන්හි ගොස්‌ ඇති අතර ඒ වෙනුවෙන් අදාළ අමාත්‍යාංශය රුපියල් කෝටියකට ආසන්න මුදලක්‌ වැය කර ඇත.

පසුගිය ආණ්‌ඩුවෙන් ඉවත්ව ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම සඳහා යෑයි කියමින් වත්මන් ආණ්‌ඩුවට එක්‌වූ මෙම ඇමැතිවරයාගේ පුත්‍රයා ද පලාත් සභා මන්ත්‍රීවරයෙකි. යුරෝපා හා ආසියානු රටවල් කිහිපයකටම ගොස්‌ ඇති මෙම ඇමැති පුත්‍ර දෙපළ ඉදිරියටත් තවත් සංචාර කිහිපයක්‌ම සැලසුම් කර ඇතැයි එම අමාත්‍යාංශය ආරංචි මාර්ග අනාවරණය කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ සංචාරයන්හි නියෑළීම සඳහා සාමාන්‍ය පංතියේ ආසන වෙන්කර ගන්නා නමුත් මෙම දෙපළ ඇතැම් අවස්‌ථාවන්හි ව්‍යාපාරික පංතියේ ආසන වෙන් කර ගෙන සුඛෝපභෝගී ලෙස ගමන් කිරීම ද විශේෂත්වයකි.


http://www.divaina.com/
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
සිංහලයන් ජාතිවාදීන් ලෙස
හුවා දක්‌වමින් ගෙන යන
වැඩ පිළිවෙළ රට බෙදීමේ සැලසුමක්‌
ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඡායාරූපය- ඥනතිස්‌ස ජයවර්ධන

මෙරට සියයට හැත්තෑවක්‌ පමණ සිටින සිංහලයන් ජාතිවාදීන් ලෙස හුවා දක්‌වමින් ගෙන යන වැඩපිළිවෙළ තව වසර කීපයකින් රට බෙදීමේ සැලසුම් බවත්, එබැවින් එදාටත් වඩා අදට මේ ජය පිරිත් දේශනය වැදගත් වන බවත් පැපිලියාන සුනේත්‍රා මහා දේවි පරිවේනාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමිපාණෝ පැවසූහ.

තිස්‌වසරක කුරිරු යුද්ධය අවසන් වන කාලයේ ආරක්‌ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්‌ෂ මහතා ආරම්භ කළ ජය පිරිත් දේශනය අටවැනි වරටත් මෙම මස 27 වැනිදා පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිනේදී පැවැත්වීම පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී උන්වහන්සේ මෙසේද පැවසූහ.

රට බෙදීම කරා ගමන් කරන බව සිංහලයන්ට එරෙහිව කරන විවිධ ප්‍රකාශවලින් පැහැදිලි වෙනවා. පසුගිය දවසක මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ රට සිංහල රටක්‌ කියලා කොහෙද තියෙන්නේ පෙන්වන්න යනුවෙන් පවසා තිබෙනවා. ඒවගේම උතුරේ ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා කියා තිබෙනවා එල්. ටී.ටී.ඊ. එක නැති වුණාට පස්‌සේ උතුරේ හමුදාව කුඩු ජාවාරම කරනවා කියලා. ජාතික ගීතය දෙමළෙන් ගායනා කිරීමටත් ජාතික කොඩියේ සිංහයා ඉවත් කර වෙනත් කොඩියක්‌ නිර්මාණය කරන්නත් කැබිනට්‌ අනුමැතියක්‌ ලබාගෙන තිබෙනවා.

මේ රට වසර 12 ක්‌ පාලනය කරපු චන්ද්‍රිකා මැතිනිය දන්නේ නැතිලු මේ රට කාගෙද කියලා. මේවායින් පේන්නේ වසර කීපයකින් මේ රට බෙදීමේ සැලසුමක්‌ ක්‍රියාත්මක වන බවයි.

ඉකුත් යුද්ධයේ ජීවමාන සාක්‌ෂි කරුවාණන් වන්නේ මහින්ද රාජපක්‌ෂ මහතායි. ඒ අන් කිසිවක්‌ නිසා නොවෙයි. එතුමා මේ රට නිදහස්‌ කරල දුන්නු නිසයි. එතුමාට පෙර මේ රට එක්‌සේසත් කළේ සවැනි පැරකුම්බා රජතුමායි. එතුමාගේ මෑණියන් සිහිවීම පිණිස ආරම්භ කළ මේ පැපිලියාන සුනේත්‍රා මහදේවි පිරිවෙන් විහාරස්‌ථානයේ ඉඳගෙන ජුනි 27 වැනිදා පස්‌වරු 5.00 ට මහා සංඝරත්නය 1500 නමක්‌ වැඩමවා 8 වැනි වතාවටත් ජයපිරිත් දේශනය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙ පිරිත් සඡ්ජායනාව කරන්නේ යුද්ධයෙන් ආබාධිත සෙබළුන්ට හා පවුල්වල අයට ආශිර්වාද පැතීමත් මියගිය සෙබළුන්ට පිං පැමිණවීමත් සමස්‌ත රටවැසියන්ට ආශිර්වාද පැතීමත් මුල් කරගෙනයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ සහභාගිත්වයෙන් කෙරෙන මේ උතුම් පිංකමට සමස්‌ත රටවැසියන්ට ඇරයුම් කරනවා.

මෙහිදී කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ යන මහත්වරුන්ද අදහස්‌ පළකළහ.


http://www.divaina.com/2015/06/23/news19.html
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
කොළඹ පදික වේදිකාවල වෙළෙඳාම් කිරීම නවත්වන්න
මහ ඇමැති ප්‍රසන්නගෙන් කොමසාරිස්‌වරියට නියෝගයක්‌


චමින්ද සිල්වා

කොළඹ නගරයේ පදික වේදිකාවේ වෙළෙ¹ම් කිරීමට වෙළෙඳුනට ඉඩ ලබා නොදෙන ලෙස බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා බස්‌නාහිර පළාත් පාලන කොමසාරිස්‌ චන්ද්‍රdනි සමරකෝන් මහත්මියට (22 වැනිදා) දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් 21 වන දින පළව තිබූ පුවත්පත් වාර්තා කිහිපයක්‌ කෙරෙහි අවධානය යොමු කරමින් මෙම දැනුම්දීම කර තිබේ.

පළාත් පාලන කොමසාරිස්‌වරියට මහ ඇමැතිවරයා යෑවූ ලිපියේ ස`දහන් වන්නේ නැවතත් කොළඹ පදික වේදිකාවේ වෙළෙදාම් කටයුතු ආරම්භ වුවහොත් කොළඹ නගරය තුළ මීට කලින් පැවැති ආකාරයේ ජනතාවට පීඩාකාරී පරිසරයක්‌ ඇති වීම වැළැක්‌විය නොහැකි වනු ඇති බවයි. එබැවින් කොළඹ නගරාධිපතිවරයාගේ මෙම උත්සාහයට බස්‌නාහිර පළාත් පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට කිසිසේත් ඉඩ ලබා දිය නොහැකි බව මහ ඇමතිවරයා විසින් යවනු ලැබූ ලිපියේ අවධාරණය කර තිබේ.

පදිකවේදිකාව ඇත්තේ පදිකයන්ට මිස වෙළෝදුන්ට නොවන බවත් පදිකයන්ගේ අයිතිවාසිකම් ආරක්‌ෂා කිරීම වගකීමක්‌ වන බැවින් නැවත කොළඹ පදික වේදිකාවේ වෙළෙදාම් කිරීමට කිසිදු ඉඩක්‌ ලබා නොදෙන බවත් අදාල ලිපියෙන් මහ ඇමැතිවරයා කොමසාරිස්‌ වෙත දැනුම් දී ඇත. එමෙන්ම මේ සම්බන්ධයෙන් ගත් පියවර දින 03 ක්‌ ඇතුළත තමා වෙත දැනුම් දෙන ලෙස ද රණතුංග මහතා කොමසරිස්‌වරියට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ කොළඹ නගරය ගෙවුණු වසර 06 ක කාලය තුළ දී ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වූ සංචාරක නගර අතර ප්‍රථම ස්‌ථානයට පත්ව ඇති බවයි. ශීඝ්‍ර සංවර්ධනයට ලක්‌ වූ නගර අතර මාස්‌ටර් කාඩ්, ග්ලෝබල් ඩෙස්‌ට්‌නේෂන්, සිටිඉන්ඩෙක්‌ස්‌ දර්ශකයට අනුව මුල් තැනට තේරී පත් වී ඇත්තේ ද කොළඹ නගරයයි. කොළඹ නගරයට මේ තැන ලැබුණෙ පසුගිය රජය විසින් ගෙන ගිය කොළඹ ලස්‌සන කිරීමේ වැඩසටහන නිසා බව මහ ඇමැතිවරයාගේ අදහසයි.

පදිකවේදිකාව තුළ වෙළෙදාම කිරීම නිසා පසුගිය කාලයේදී කොළඹ නගරය තුළ පදිකයෙකුට ගමන් කිරීමට පවා නොහැකි තත්වයක්‌ තිබිණි. ඔවුන්ගේ ආරක්‌ෂාව තර්ජනයට ලක්‌වූ අතර වෙනත් නීති විරෝධී කටයුතු ද පදික වෙළෙදාමට මුවා වී සිදු කෙරුණු බව රහසක්‌ නොවේ. හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා කොළඹ නගරය ලස්‌සන කිරීමේ වැඩසටහන යටතේ පදික වෙළෙදුන්ට ඒ ස`දහා සුදුසු ස්‌ථාන ලබා දීමට පියවර ගත් බව ද රණතුංග මහතා පෙන්වා දෙයි. ඒ අනුව කළ යුතුව ඇත්තේ එම වැඩපිළිවෙළින් කිසිවෙකුට අසාධාරණයක්‌ සිදුව ඇත්නම් ඊට සුදුසු පරිදි සාධාරණය ඉටු කිරීම මිස කොළඹ නගරය ලස්‌සන කිsරීමේ සමස්‌ත වැඩපිළිවෙළ විනාශ කරීම නොවේ.

එදා නිහ`ඩව සිටි කොළඹ නගරාධිපතිවරයා අද වර්තමාන ආණ්‌ඩුව බලයට පත් වීමෙන් පසු මේ කැස කවන්නේ කුමකටදැයි පැහැදිලිය. මෙය ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පිට පොට ගැසීමකි. සිය පටු දේශපාලන වුවමනාව වෙනුවෙන් කොළඹ නගරය හා පදිකයන්ගේ අයිතිවාසිකම් උකසට තැබීමට එක්‌සත් ජාතික පක්‌ෂය දරන මේ උත්සාහය දැඩි ලෙස හෙලා දකින බවද බස්‌නාහිර පළාත් මහ ඇමැතිවරයා දැඩි ලෙස අවධාරණය කරයි.

මෙමගින් නැවත නැවතත් තහවුරු වන්නේ රනිල් වික්‍රමසිංහ ආණ්‌ඩුවේ ලැ-ජා නැතිකම බවද රණතුංග මහතා පෙන්වා දෙයි.

http://www.divaina.com/2015/06/24/news16.html
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
කොළඹ බින්දුවට යෑවීම ඇරඹෙයි

සති කිහිපයකට උඩදී ශීඝ්‍ර සංවර්ධනයට ලක්‌වූ නගර අතරින් ලෝකයේ අංක එක වූයේ කොළඹ නගරයයි. අන්තර්ජාලයේ නිල් චිත්‍රපට (ඡදරබ) බැලීමෙන් අංක එක වූයේ ශ්‍රී ලංකාවයි. වැඩියෙන්ම නිල් චිත්‍රපට බලන නගරය වූයේද බස්‌නාහිර පළාතේ කොළඹ නගරයයි. එහෙව් අපට කොළඹ අංක එකේ ටවුම වීම ලොතරැයි ජයක්‌ හිමිවීමකි. කොළඹ ලස්‌සන වූයේ ඇයි දැයි යන්න අමුතුවෙන් කිව යුතු නැත.

කොළඹ ලස්‌සන කරන්න ගත් වෙහෙස සුළුපටු එකක්‌ නොවන බවද අමතක කළ යුතු නැත. කොළඹ හදන්නට පෙර මිනිසුන්ගේ විනය හදන්නට ගත් ක්‍රියාමාර්ග බොහෝ දෙනකුට දිරවූයේ නැත. කොටින්ම තැන තැන බුලත් කෙළ ගැසීම නවත්වන්නට පරිසර ආරක්‍ෂණ පොලිසිය ක්‍රියා කරන විට බොහෝ දෙනකුට එය අවඥවට කාරණයක්‌ විය. ඇත්ත වශයෙන්ම කොළඹ ලස්‌සන වූයේ එවැනි දුෂ්කරතා මැදය. කොළඹ හොඳම නගරය වූයේ ගොඩනැඟිsලි නිසාම නොවේ. වතුර මල් සහිත පොකුණුවල විදුලි එළිය නිසා ද නොවේ. විධිමත් මංමාවත් නිසාම නොවේ. මේ සියලු තැන්වල ගැවසෙන ජනතාව තුළ විනයක්‌, හික්‌මීමක්‌ තිබූ නිසාය. රටක සංවර්ධනය යනු, නගරයක සංවර්ධනය යනු එහි ජීවත් වන ජනතාවගේ සංවර්ධනයේ පිළිඹිබුවයි.

වෙළෙන්දන්ටත්, මුදලාලි-වරුන්ටත්, අයත් නොවන දාමරිකයන් පිරිසක්‌ කොළඹ නගරය පුරාම විසිරී පැතිර සිටියහ. පෙව්මන්ට්‌ (පදික වේදිකාවන්හි) හි අටවාගත් කඩවල සිටි පිරිස ඒවායෙන් ඉවත් කර ස්‌ථිර කඩ කාමර සහිත සංකීර්ණ ඉදිකර දුන්නේ පෙර කී දාමරිකයන්ගෙන් නගරයට පැමිණෙන ජනතාව ආරක්‍ෂා කිරීමටය. පෙව්මන්ට්‌ ශුද්ධ පවිත්‍ර වූ විට කොළඹ නගරය ලන්ඩනයේ වීදියක සිරිගත් බව විදේශයක සිට කලකට පසු මෙරටට පැමිණි බොහෝ දෙනකු කී බව පුවත්පත් වාර්තාවන්හිද දැක්‌විණි.

දැන් මේ 'ලස්‌සන' වැඩේ කැත කිරීම ආරම්භ වී තිබේ. එහි පළමු වෙඩිමුරය පත්තු කර තිබුණේ කොළඹ නගරාධිපති ඒ. ඡේ. එම්. මුසම්මිල් ය. කොළඹ නගරයේ සියලුම ප්‍රධාන මංමාවත්වල පදික වෙළ¹ම් කටයුතු ආරම්භ කිරීමට නගරයේ සියලුම වෙළෙඳුන්ට යළි අවසර ලබා දුන් බව ඔහු කියා තිබිණි. දැන් අපට ප්‍රශ්නයක්‌ මතුවේ. මුසම්මිල් කියන මේ සියලුම වෙළෙඳුන් කවුද? එසේ නම් කොළඹ නගරයේ වෙළෙ¹ම පිණිස තනා දුන් කඩ කාමර සංකීර්ණවල සිටින්නේ කවුද? ඊට මුසම්මිල් මහතාගේ පිළිතුරක්‌ තිබේ. ඔහු කියන පරිදි "හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම වෙළෙන්දන්ට වෙළෙඳ සංකීර්ණ තනා දුන් නමුත් අද වනවිට එම වෙළෙඳුන් ඒ සියල්ල වෙනත් පුද්ගලයන්ට විකුණා තිබේ." පිළිතුර එය නම් කොළඹ නගරාධිපති මුසම්මිල්ට තිබුණේ ඒ ප්‍රශ්නය කළමනාකරණය කිරීම මිස, මහජනතාවට නිදහසේ ගමන් කිරීමට ඇති පදික වේදිකාවලට දාමරිකයන් කැඳවීම නොවේ. පාඨකයාට අප කියන්නේ මේ දාමරික යන වචනය අප භාවිත කරන්නේ වුවමනාවෙන් සහ වගකීමෙන් බවය. පදික වේදිකා මත වෙළෙ¹ම් කළා යෑයි කියන බොහෝ දෙනෙක්‌ කළේ බලහත්කාරයෙන් බඩු ඇඟේ ගැසීමය. එපමණක්‌ නොවේ. මේ වෙළෙ¹ම්වල තිබූ යටිකූට්‌ටු වැඩ, විවිධ අපචාරයන් පිළිබඳව තවත් විස්‌තර අදාළ අයට පොලිසියේ මහත්වරුන්ගෙන්ම අසා දැනගත හැකිය.

කොළඹ අංක එක වීම ලොතරැයි ජයක්‌ යෑයි අප කියන්නේ හේතු ඇතුවය. පදික වේදිකාව ශුද්ධ පවිත්‍ර කර ප්‍රවාහනය සඳහා මහපාර විධිමත් ලෙස මේ වනවිට විවෘතව පවතී. අදින් කලකට ඉහත කොටුව ප්‍රදේශයේ ජනතාව ගමන් කළේ මහපාරේ බව නගරාධිපතිවරයාට සිහිපත් කළ යුත්තේ, ඔහුට ඒ අත්දැකීම් නැතැයි යන සිතුවිල්ලක්‌ අපට ඇති බැවිනි.

ගරු නගරාධිපතිතුමා කියන්නේ, "කලින් කලට දේශපාලන වුවමනා එපාකම් ඉටු කර ගැනීම සඳහා ඇතැම් දේශපාලනඥයන් පදික වෙළෙඳුන් අතකොළු කර ගැනීමේ ක්‍රමය නැවත පදික වෙළෙඳුන් මංමාවත්වලට කැඳවීමෙන් ඉවත් වනු ඇතැ"යි යනුවෙනි.

අපේ හැඟීම අනුව ඒ හිරිකිත දේශපාලන ව්‍යාපාරය ආරම්භ වන්නේ නගරාධිපතිතුමාගේ අවසරයක්‌ සමඟ බවය. කොළඹ ලස්‌සන කිරීමේ ව්‍යාපෘතියේ දේශපාලනයක්‌ තිබුණේ නැත. යම්කිසි දේශපාලනඥයකුගේ ඕනෑ එපාකම් මත සිදුවූ අකටයුත්තක්‌ තිබුණා නම්, එය කොළඹ නගරය පවිත්‍ර කිරීමත් සමඟම ඉවත් විණි.

නගරාධිපතිවරයා සඳහන් කරන වෙළෙන්දන්ට වෙළෙඳ සංකීර්ණ ද ලැබිණි. බිස්‌නස්‌ ගොඩ දාගන්න බැරිවීම හෝ දුන් තැන විකුණා දැමීම දේශපාලන ප්‍රශ්නයක්‌ නොවේ. එය තක්‌කඩිකමේ ප්‍රශ්නයකි.

ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස්‌ දී ඇත්තේ පදික වෙළෙඳුන්ට අත්වී ඇති ඉරණම පිළිබඳව සොයා බලා වහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට බව, නගරාධිපතිවරයා කියයි. ගරු අගමැතිවරයා උපදෙස්‌ දී තිබෙන්නේ මෙවැනි තකතීරු වැඩ සඳහා නොවන බව අපි නගරාධිපතිවරයාට කියමු. පදික වෙළෙඳුන්ට අත්වී ඇති ඉරණමට හේතුව සමහර නාට්‌ටාමි දේශපාලන අත පෙවීම් බවද අපි එතුමාට කියමු. කොළඹ ලෝකයේ 'හොඳම කක්‌කුස්‌සි වළ' බවට පත් කිරීම කරුණාකර නවතා දමන්න.....


http://www.divaina.com/2015/06/24/editor.html
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
මහින්ද එලවන්න ගිය අපි
අද වෙන අවුලක පැටලිලා
- හකීම්


"මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ කාලේ ඇමැති මණ්‌ඩලයට වඩා අද ඇමැති මණ්‌ඩලය දරුණු වෙලා. මහින්දව පිටුදකින්න ගිය අපි අද වෙනත් අවුලකට මාට්‌ටුවෙලා." යෑයි ජලසම්පාදන හා නාගරික සංවර්ධන ඇමැති රවුෆ් හකීම් මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඇමැති මණ්‌ඩලයේදී අපිට කතා කරන්න ඉඩ දෙන්නේ නෑ. සාමූහික වගකීමට බැඳී ඇති නිසා ඒ අය කවුද කියා නම් කරන්න බෑ. මේක නරක ක්‍රමයක්‌. කිසිම දවසක මැතිවරණ ක්‍රමයක්‌ සංශෝධනය කරද්දී මේ ආකාරයෙන් අත්තනෝමතික ලෙස ඇමැති මණ්‌ඩලය කටයුතු කරලා නෑ. සමහර ඇමැතිවරු ඒකාධිපතියෝ වගේ. මේ කල්ලියෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රවේශම් විය යුතුයි.

විසිවැනි සංශෝධනයට අදාළ ගැසට්‌ නිවේදනය පළ කළ ආකාරය පිළිගන්න බෑ. ඇමැති මණ්‌ඩලය මේ ගැසට්‌ එක පළ කිරීමේ තීරණයට පසු මම ජනාධිපතිවරයා හමුවී කීවා ගැසට්‌ කරන්න කලින් එතුමාගේ ඡන්ද ව්‍යාපාරයේ සිටි සුළු පක්‍ෂ සමග එකඟත්වයක්‌ ඇතිකර ගන්න කියලා. මම ජනාධිපතිවරයාට බැගෑපත් වුණා. ඒත් ඒක සිද්ධ වුණේ නෑ. ඊළඟ දවසේ මධ්‍යම රාත්‍රියේ ගැසට්‌ එක දැම්මා. හරිම කනගාටුයි. කලක පටන් කරගෙන ආ මැතිවරණ සංශෝධන ක්‍රියාවලිය කුස්‌සියේ කල්ලියකගේ ව්‍යාපාරයක්‌ කරගෙන


http://www.divaina.com/2015/06/25/news05.html
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද එලවන්න ගිය අපි
    අද වෙන අවුලක පැටලිලා
    - හකීම්


    "මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ කාලේ ඇමැති මණ්‌ඩලයට වඩා අද ඇමැති මණ්‌ඩලය දරුණු වෙලා. මහින්දව පිටුදකින්න ගිය අපි අද වෙනත් අවුලකට මාට්‌ටුවෙලා." යෑයි ජලසම්පාදන හා නාගරික සංවර්ධන ඇමැති රවුෆ් හකීම් මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඇමැති මණ්‌ඩලයේදී අපිට කතා කරන්න ඉඩ දෙන්නේ නෑ. සාමූහික වගකීමට බැඳී ඇති නිසා ඒ අය කවුද කියා නම් කරන්න බෑ. මේක නරක ක්‍රමයක්‌. කිසිම දවසක මැතිවරණ ක්‍රමයක්‌ සංශෝධනය කරද්දී මේ ආකාරයෙන් අත්තනෝමතික ලෙස ඇමැති මණ්‌ඩලය කටයුතු කරලා නෑ. සමහර ඇමැතිවරු ඒකාධිපතියෝ වගේ. මේ කල්ලියෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රවේශම් විය යුතුයි.

    විසිවැනි සංශෝධනයට අදාළ ගැසට්‌ නිවේදනය පළ කළ ආකාරය පිළිගන්න බෑ. ඇමැති මණ්‌ඩලය මේ ගැසට්‌ එක පළ කිරීමේ තීරණයට පසු මම ජනාධිපතිවරයා හමුවී කීවා ගැසට්‌ කරන්න කලින් එතුමාගේ ඡන්ද ව්‍යාපාරයේ සිටි සුළු පක්‍ෂ සමග එකඟත්වයක්‌ ඇතිකර ගන්න කියලා. මම ජනාධිපතිවරයාට බැගෑපත් වුණා. ඒත් ඒක සිද්ධ වුණේ නෑ. ඊළඟ දවසේ මධ්‍යම රාත්‍රියේ ගැසට්‌ එක දැම්මා. හරිම කනගාටුයි. කලක පටන් කරගෙන ආ මැතිවරණ සංශෝධන ක්‍රියාවලිය කුස්‌සියේ කල්ලියකගේ ව්‍යාපාරයක්‌ කරගෙන


    http://www.divaina.com/2015/06/25/news05.html
    ඔහොම වෙලා මදි....
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    සම්බන්ධන් යළි ස්‌වයංපාලනය ඉල්ලයි

    කීර්ති වර්ණකුලසූරිය

    ද්‍රවිඩ ජනතාවට ස්‌වයංපාලන බලතල අවශ්‍ය බව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා නැවත වරක්‌ ප්‍රකාශ කර ඇත. ත්‍රිකුණාමල ද්‍රවිඩ සංවර්ධන කේන්ද්‍රය විසින් ත්‍රිකුණාමලයේදී පැවැත්වූ උත්සවයක්‌ ඇමතූ සම්බන්ධන් මහතා ද්‍රවිඩ ජනතාවගේ ගැටලුව විසඳීම සඳහා ද්‍රවිඩ ජනතාවට ස්‌වයංපාලන බලතල අවශ්‍ය බව පවසා තිබේ.

    ද්‍රවිඩ සන්ධාන නායකයා මෙම ප්‍රකාශය කිරීමෙන් පසු ලන්ඩන් නුවර ගෝලීය ද්‍රවිඩ සංසදය ප්‍රකාශයක්‌ කරමින් උතුරේ ද්‍රවිඩ ජනතාවට ස්‌වයංපාලනය ලබාදිය යුතු බව ඉල්ලා ඇත.


    http://www.divaina.com/2015/07/02/news06.html
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    බැඳුම්කර මූල්‍ය වංචාව කෝප් වාර්තා ලිඛිත සාක්‌ෂිවල සඳහන්

    සුනිල් හඳුන්නෙත්ති කියයි

    සිරිමන්ත රත්නසේකර

    මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී මහා මූල්‍ය වංචාවක්‌ සිදු වී ඇති බව කෝප් කමිටු ලිඛිත සාක්‍ෂිවල සඳහන් බව ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (02 වැනිදා) සඳහන් කළේය.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මෙම ලිඛිත සාක්‍ෂි යට ගැසීමට ඉඩ දිය නොහැකි බවත් මේ පිළිබඳ එක්‌සත් ජාතික පක්‍ෂය සිය ස්‌ථාවරය පැහැදිලි කළ යුතු බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේය.

    එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් මෙම ගනුදෙනුවේදී මූල්‍ය වංචාවක්‌ සිදුව නැතැයි කියන්නේ නම් මෙම කෝප් කමිටු වාර්තාව කියවා බලන්න යෑයි ඉල්ලීමක්‌ කරන බවත් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

    මෙම ගනුදෙනුවෙන් මහ බැංකුවටත්, ලංකා බැංකුවටත් අවාසියක්‌ සිදු වූ බව පැවසූ හෙතෙම එහෙයින් අවසානයේදී රටේ මහජනතාවට විශාල පාඩුවක්‌ සිදුව ඇති බවත් සඳහන් කළේය.

    මෙවැනි වංචාවල් හිටපු රජයේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සමයේදීත් සිදු වූ බව කියා සිටි හෙතෙම මේ තත්ත්වය තුළ ඉදිරියට පත්වන මහ බැංකු අධිපතිවරුන් මෙවැනි ආකාරයෙන්ම වංචාවල් සිදුකරනු ඇති බවත් කීවේය.

    එහෙයින් මෙවැනි වංචාවල් ඉදිරියට සිදු නොවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය කටයුතු කළ යුතු යෑයි සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

    හෙතෙම එම අදහස්‌ පළ කළේ ඊයේ (02 වැනිදා) බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්‌ති පෙරමුණේ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
     
    Last edited:

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මුල්‍ය වෙළෙඳපොළේ ආරංචිවලට අනුව
    මහ බැංකු අධිපති රටෙන් පැනගිහින්


    - බන්දුල ගුණවර්ධන

    අනුර බාලසූරිය

    මහ බැංකුවේ මහ දවල් සිදුවූ මහා මූල්‍ය වංචාවේ ප්‍රධාන වගඋත්තරකරුවන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වනවිට රටෙන් පැනගොස්‌ ඇති බවට මූල්‍ය වෙළෙඳපොළේ ආරංචි මාර්ග සඳහන් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

    නාරාහේන්පිට අභයාරාමයේ දී ඊයේ (2 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරි පසුදිනම ඔහු මහ බැංකු මුදල් මණ්‌ඩලයටත් නොදන්වා නිල වශයෙන් වගකීම් කිසිවකුටත් නොපවරා මෙලෙසින් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස්‌ ඇති බවත් මෙලෙසින් ශ්‍රී ලංකාවෙන් පිටවූ ප්‍රථම මහ බැංකු අධිපතිවරයා ලෙස අලුත් සටහනක්‌ මහ බැංකු අධිපතිවරයා තබා ඇති බවත් හෙතෙම පැවැසීය.

    සෙනසුරාදා විදේශ ගතවූ මහ බැංකු අධිපතිවරයා විදේශගතවූ බව දැනුම් දී ඇත්තේ ඊට පසු අඟහරුවාදා බවත් පැවසූ බන්දුල ගුණවර්ධන මහතා අල්ලස්‌ කොමිෂම මගින් මහ බැංකු අධිපතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කර තිබූ බවත් එසේ තිබියදී මුදල් මණ්‌ඩලයටත් දැනුම් නොදී නියෝජ්‍ය අධිපතිවරයෙකුට වැඩභාර නොදී විදේශගත වූයේ කෙසේදැයි යන්න හෙතෙම ප්‍රශ්න කර සිටියේය.

    අප රටේ මහ බැංකු ඉතිහාසයේ දැවන්තම මූල්‍ය වංචාව ලෙස සැලකෙන භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී ඇති වූ මූල්‍ය අපරාධය පිළිබඳව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඉතා පුළුල් ලෙස මහජන සාකච්ඡාවක්‌ ඇති වූ බවත් පෙබරවාරි මස සිදුවූ බැඳුම්කර වෙන්දේසිය අවසන් වූ වහාම සමස්‌ත මුදල්, ප්‍රාග්ධන, ණය සහ කොටස්‌ වෙළෙඳපොළත් මෙම අයථා ගනුදෙනුව දැනගෙන රටේම සමස්‌ත මුදල් වෙළෙඳපොළ සෙළවූ බවත් පැවැසීය.

    රටේ මුදල් පිළිබඳව සම්පූර්ණ බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවට බැවින් මේ ප්‍රශ්නය පිළිබඳව විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනා මේ පිළිබඳව ප්‍රශ්න කළ බවත් හෙතෙම සඳහන් කළේය.

    ජනාධිපතිවරයා රටින් බැහැරව යන අවස්‌ථාවේදී මේ මහ බැංකු ගනුදෙනුව පිළිබඳව සොයා බැලීමට අගමැතිවරයා ත්‍රිපුද්ගල කමිටුවක්‌ පත්කළ බවත් මෙම ගනුදෙනුව පිළිබඳව සොයාබැලීමට මෙම කමිටුවට ඉඩදුන්නෙ නැති බවත්, ඒ පිළිබඳ බලයලත් අයකු පරීක්‍ෂණයක්‌ කළයුතු බවත් එම ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් කියා තිබූ බවත් මේ පිළිබඳව විපක්‍ෂය ලෙස දැනගත් සියලු කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ගුණවර්ධන මහතා පැවැසීය.

    එමෙන්ම මේ පිළිබඳව මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා තමන් ඇතුළු කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකා රජයට මුදල් ආධාර සපයන ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මුණගැසී අප දන්නා කරුණු ලි�තව ඉදිරිපත් කළ බවත් කීවේය.

    ඉන් ප්‍රතිඵලයක්‌ නොවුණු නිසා විපක්‍ෂයේ මන්ත්‍රීවරු 88 දෙනකු අත්සන්කර මහ බැංකු අධිපතිවරයා ඉවත්කරන ලෙසට යෝජනාවක්‌ කථානායකවරයාට භාරදුන් බවත් ඒ අනුව කථානායකවරයා මෙය විමර්ශනය කිරීමට කෝප් කමිටුව වෙත භාරදී සති දෙකක්‌ ඇතුළත වාර්තාවක්‌ භාරදෙන ලෙසට දැනුම්දුන් බවත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    මේ පිළිබඳව සාක්‍ෂි විමසා පිටු 500 ගණනකින් සමන්විත වාර්තාවක්‌ සකස්‌කර සම්පූර්ණ වාර්තාව දෙන තෙක්‌ කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර මහතා අතුරු වාර්තාවක්‌ සකස්‌ කළ බවත්, මහ බැංකු බැඳුම්කර නිකුතුව හරහා රුපියල් කෝටි ගණනක වංචාවක්‌ සිදුවී ඇති බවත් මෙම කමිටුව හෙළිදරව් කරගත් බවත්, මෙම ගනුදෙනුව රටට හෙළිදරව්වන නිසා ඒ අතරතුර ජනාධිපතිවරයාට බලපෑම් කර පාර්ලිමේන්තුව විසුරුවා හැරි බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් විපක්‍ෂය නීතිමය රාමුව තුළ ගෙනගිය වැඩපිළිවෙල නිමාවට පත්වූ බවත් ඒ මහතා පැවැසීය.

    විහාරස්‌ථානවලට හෝ වෙනත් ආගමික ස්‌ථානවලට මුදල් ලබාදීම පිළිබඳව ප්‍රශ්න කිරීමට තමන් මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට කැඳවා පැය 4 ක්‌ ප්‍රශ්න කළ අතර විහාරස්‌ථානයකට, ආගමික ස්‌ථානයකට මුදල් ලබාදීම පිළිබඳව 1947 සිට කිසිදු රජයක්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයකට රැගෙන ගොස්‌ නැති බවත් හිටපු සංස්‌කෘතික ඇමැතිවරයකු වූ ටී. බී. ඒකනායක මහතා මෙහිදී පැවැසීය.

    මේ රජය මේ අන්දමේ සදාචාරාත්මක නොවන අයුරින් කටයුතු කරන බවට චෝදනා කළ ඒකනායක මහතා මේ පිළිබඳව කටයුතු කිරීමට ලබන 4 වැනිදා මල්වතු හා අස්‌ගිරි මහානායක හිමිවරු බැහැදකින ලෙසට උන්වහන්සේලා තමාට දැනුම් දී ඇති බවත් කීවේය.

    පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කාලවලදීවත් රජදරුවන් විහාරස්‌ථාන හා ආගමික සිද්ධස්‌ථානවලට මුදල් ලබාදීම පිළිබඳව කිසිදිනක විභාගකර නොමැති බවත් සඳහන් කළ ඒකනායක මහතා විජාතිකයින් එවැනි කටයුතු අගයකර එදා රජදරුවන්ට සන්නස්‌ ප්‍රදානය කළ බවත් පැවැසීය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවට මැදමුලනට රැස්‌වූ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව හමුවේ ප්‍රකාශ කළ බවත්, පාර්ලිමේන්තුව තුළ ඔහුගේ නායකත්වයෙන් ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට බලාපොරොත්තු වන බවත් එතුමාට ප්‍රගතිශීලී ජනතාවගේ විශාල ආශිර්වාදයක්‌ තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

    අධිරාජ්‍ය විරෝධී, රට බෙදනවාට විරුද්ධ දේශප්‍රේමී ජනතාව පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා ආධාරකරුවන් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ අද රටේ දේශපාලනික සංස්‌කෘතික, සමාජ වශයෙන් ඇතිවී තිබෙන අපගමනය වළක්‌වා රටේ සියලු ජාතීන්ට නායකත්වය දෙන ලෙස ආයාචනය කර සිටින බවත් ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා රටත් ජනතාවත් අත්නොහැර තරග කිරීමට ඉදිරිපත්වන බවට ප්‍රතිඥවක්‌ දුන් බවත් හෙතෙම සඳහන් කළේය.


    http://www.divaina.com/2015/07/03/news25.html
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    P8L3tro.jpg
    [/QUOTE]
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මුල්‍ය වෙළෙඳපොළේ ආරංචිවලට අනුව
    මහ බැංකු අධිපති රටෙන් පැනගිහින්


    - බන්දුල ගුණවර්ධන

    අනුර බාලසූරිය
    Anna ban panala giya kiyana eka ada media briefing eke innawa :lol::lol::lol::lol::lol::lol::lol: u lankawe ban inne. anathai
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    බ්ලූමැන්ඩල් පාතාලයින් රට පන්නන තැතට
    යාපනයේ බෝට්‌ටුවක්‌ සූදානම්


    සමන් ගමගේ

    බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු පලාගිය ආමි සම්පත් සහ බ්ලූමැන්ඩල් සංඛ යන පාතාල ප්‍රබලයන් දෙදෙනා යාපනය ප්‍රදේශයට රැගෙන ගොස්‌ බෝට්‌ටුවක්‌ මගින් ඉන්දියාවට පිටත් කර හැරීමේ සැලසුමක්‌ පවතින බවට ආරක්‍ෂක බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

    මෙම පාතාල ප්‍රබලයන් දෙදෙනා මෙලෙස රටින් පිට කර හැරීමේ සැලසුම පසුපස එක්‌තරා ප්‍රබල දේශපාලනඥයකු සිටින බවද අනාවරණය වී ඇත.

    මේ අනුව මෙම පාතාල ප්‍රබලයන් දෙදෙනා විදේශයකට පැන යැම වැළැක්‌වීමට සඳහා අවශ්‍ය පියවර ගැනීමට දැනටමත් ආරක්‍ෂක බුද්ධි නිලධාරීන් කටයුතු කර ඇත.

    බ්ලූමැන්ඩල් සිද්ධියේදී ආමි සම්පත් සහ සංඛ පැමිණි රථය ලෙස හඳුනා ගත් කුඩා මෝටර් රථය කුලී පදනම මත ලබාගෙන ඇත. මෙම පාතාල කල්ලියේ තවත් සගයකු වූ රුවන් නමැත්තා මීට දෙදිනකට පෙර කටුනායක ගුවන් තොටුපළ හරහා රටින් පැනගොස්‌ ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ සඳහන් කළේය.

    මෙම පාතාල කල්ලියේ අලුත්ම සාමාජිකයකු වූ රුවන් නමැත්තා පිළිබඳ තොරතුරු කිසිවක්‌ ආරක්‍ෂක අංශ සතුව නොතිබීම නිසා ඔහුට මේ අන්දමින් පලායැමට හැකිවී තිබෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    යුද අපරාධ නිර්දේශවලට රජයෙන් 'කොළ එළි'!

    කීර්ති වර්ණකුලසූරිය

    සැප්තැම්බර් 15 දා ප්‍රකාශයට පත් වන ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයේ නිර්දේශ පිළිබඳව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

    මේ බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී තිබේ.

    පසුගිය රජය මෙම පරීක්‍ෂණ මණ්‌ඩලය හා එකී වාර්තාව පිළිගැනීම ප්‍රතික්‍ෂේප කර තිබිණි.

    ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග දක්‌වන අන්දමට ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ යුතු යෑයි දක්‌වන නිර්දේශ 70 ක්‌ එකී වාර්තාවට ඇතුළත් වී ඇත.

    කොටි සංවිධානය සිදු කළ වරද ලෙස දක්‌වා ඇත්තේ ළමා සෙබළුන් බඳවා ගැනීම බවද එහි දක්‌වා තිබේ. මෙකී වාර්තාවෙන් සුදු කොඩි සිද්ධිය පිළිsගෙන ඇත. එහි ප්‍රධාන සාක්‍ෂිකරු හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් යෑයි හෙළිවී තිබේ.
     

    Similar threads