ජහුටා බලලා තියෙනවාද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,022
    3,966
    113
    අවුරුදු 20 කින් විතර බලන්න බැරි වුනා ගමේ ගියේ නැති නිසා .මේ වීඩියෝ වල විදිහටනම් දැන් කොලිටි එක ගොඩක් අඩු වෙලා මීට අවුරුදු 20 කට කලින් කතා තේමා, විහිලු පට්ට ඒ වගේම මාර ලස්සන නළු නිළියෝ ටිකක් හිටියා ෆයිට් සීන්, කරනම් එහෙම මාර ජවයක් තිබ්බා.

    දැන් මට හිතෙන්නේ value එක අඩු වෙලා නිසා ඒ හැම අංගයකම කොලිටි එක අඩු වෙලා. අනික දැන් ඉන්න උන් බොනවා නෙමේ අරක්කු වලින් නාන පාටක් පේන්නේ

    ඉස්සර අවුරුද්දකට සැරයක් ගමේ පන්සලේ එක දිගට දවස් 5 ක් ජහුටා පෙන්නුවා. රෑ 7 ට විතර පටන් ගත්තාම පාන්දර 7 ට විතර තමයි ඉවර වෙන්නේ. රෑනේ තියෙන්නේ අපි පොඩි කාලේ කෑලි ටෝක් කරපු එක තැනක් තමයි එතන. ඔය අතරේ ඉතින් ඔය එන නලු නිළියෝ එක්ක ගමේ කොල්ලෝ කෙල්ලෝ සෙට් වෙනවා. රෑ තිස්සේ ඉතින් හොඳ හොඳ සෙල්ලම්. ඒකනම් මාරම අත්දැකීමක්







     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,022
    3,966
    113
    mona jarawakda ban me 🤮
    දැන්නම් ටිකක් අවුල් තමයි. ඒත් ඒ කල්චර් එක දන්නේ නැති කෙනෙක් ඕකේ ආතල් එක දන්නේ නෑ. නිකමට හිතපන්කෝ යූටුයුබ් ඉන්ටර්නෙට් තියා ගොඩක් ගෙවල් වල කලර් ටීවී එකක්වත් නැති කාලේක පිටිසර ගමක ගල් තලාවක් උඩ කැලයක තියෙන රජමහා විහාරයක ගම් 5 ක මිනිස්සු දහස් ගාණක් එකතු වෙලා ගත්තු ආතල් එක
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,022
    3,966
    113
    mona wage pathi walada me scene eka thiyenne? dakune nam set wela na
    අනුරාධපුර දිස්ත්‍රීක්කය, කුරුණෑගල දිස්ත්‍රීක්කය, පුත්තලම දිස්ත්‍රීක්කයේ අනුරාධපුර මායිමේ තියෙන ගම්වල තමයි ගොඩක්ම ජනප්‍රිය වෙලා තිබ්බේ ඒකාලේ. ඒ කාලේ මිනිස්සුන්ට විනෝද වෙන්න තිබ්බ මාධ්‍ය ගොඩක් අඩුයිනේ. ටීවී තිබ්බෙත් කාර් බැටරියෙන් පවර් ගත්තු black & white ඒවා. යූටුයුබ් ඉන්ටර්නෙට් ඇත්තෙම නෑ. අන්න ඒ කාලේ තමයි මේවා නැගලාම ගියේ.දැන් තියෙන ඒවානම් එච්චරම quality නෑ වගේ . දැන් නිකන් අලුත් සිංදු ටිකක් දාලා මොකක් හරි කතාවක් හදාගෙන කරන්නේ. ඉල්ලුම අඩු නිසා වෙන්න ඇති
     
    • Love
    Reactions: Kalegana

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,022
    3,966
    113
    වයබ පලාතේද
    අනුරාධපුර දිස්ත්‍රීක්කය, කුරුණෑගල දිස්ත්‍රීක්කය, පුත්තලම දිස්ත්‍රීක්කයේ අනුරාධපුර මායිමේ තියෙන ගම්වල තමයි ගොඩක්ම ජනප්‍රිය වෙලා තිබ්බේ ඒකාලේ